Mon. Jul 8th, 2024
Spread the News

විපක්‍ෂනායක සම්බන්දන්
කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

අටවැනි පාර්ලිමේන්තුවේ නව විපක්‍ෂ නායකයා ලෙස ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක රාජවරෝදයම් සම්බන්දන් මහතා පත්කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඉල්ලීමක්‌ නොකරන බව ලිතව දන්වා ඇති නිසා විපක්‍ෂ නායකයා ලෙස ආර්. සම්බන්දන් මහතා පිළිගත් බවද කථානායකවරයා කීවේය.

මේ අවස්‌ථාවේදී නැගී සිටි එජනිස මන්ත්‍රී විමල් වීරවංශ මහතා – අපි පනස්‌ හයදෙනක්‌ අත්සන් කරලා කුමාර වෙල්ගම මහතා විපක්‍ෂ නායක ලෙසටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්‍ෂයේ සංවිධායක ලෙසටත් පත් කරන ලෙස එජනිස සභාපතිවරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කළා.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – විපක්‍ෂනායක පත්කිරීමේ බලය තියෙන්නේ කථානායකවරයාට. එතුමා දැන් පත්කරලා අවසන්.

විමල් වීරවංශ මහතා – ඒ බලය අභියෝග කිරීමක්‌ නොවේ.

සභානායක – මේක ඡන්දපොළක්‌ නෙවෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – කථානායකගේ තීන්දුව අභියෝගයට ලක්‌කිරීමට යෝජනාවක්‌ ගෙන ආ යුතුයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුව පිළිගත්තොත් කථානායකතුමාත් ඉවත් විය යුතුයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඔබතුමාට ලිපියක්‌ දීලා තියෙනවා මේ අවස්‌ථාවේදී එය පිළිගන්නේ නෑ කියා. ජනාධිපතිතුමා ඊයේ මේ මන්ත්‍රීවරුන් පොලොන්නරුවේදී හමුවුණා. ඒක ජනාධිපතිතුමා සමග කතාකර ගන්න තිබුණා. ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් ජනවරම අගෝස්‌තු 17 දා තහවුරු කළා. ඒක පිළිගන්න බැරිනම් මේ සභාවෙන් ඉවත්වෙලා යන්න.

විමල් වීරවංශ මහතා – ඔබතුමාගේ තීන්දුව අභියෝගයට ලක්‌කරන්න නොවේ මම නැගිට්‌ටේ මන්ත්‍රීවරුන්ට කතාකරන්න දෙන්නේ නෑ.

අගමැතිවරයා – එජනිස සභාපතිටයි මෙතුමා ලියුම දීලා තියෙන්නේ. කථානායකතුමනි ඔබතුමාට නොවේ. ඔබතුමාව සභාපති කළොත් එය සලකා බලතෑකි.