Fri. Jul 5th, 2024
Spread the News

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය….!

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත.

1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ)
2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති)
3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ)
4) ගරු කේ. සිසිර ආබෲ
5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය)
6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ)
7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ)
8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන්
9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ)
10) කේ. නවරත්න මහතා
11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ)
12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ)
13) ධම්මික දසනායක මහතා
14) Ms සාවිත්‍රි විජේසේකර
Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව

එමෙන්ම එකී සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු බවයි.

“ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නා සේ” එකී ගැසට් පත්‍රයේ විධිවිධාන පවා කඩ කරමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති බව මාධ්‍යයේ දැක් වේ. එසේ තමන්ම නීති පනවාගෙන එකී නීති උල්ලංඝනය කරන්නේ නම් අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ වැරදි සිදු කරයි. මේ සම්බන්ධයෙන් නීතීඥවරයෙකු ඇතුලු තවත් කිහිප දෙනෙකු කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලීසියට නිහඬව සිටිය නොහැකිය.

අගවිනිසුරු භූමිකාව අධිකරණ කාර්යයක් වන අතර සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේද අගවිනිසුරුවරයාට අසුන් ගැනීමට පාර්ලිමේන්තුව අවස්ථාව සළසා දී ඇති අතර එහිදී අගවිනිසුරුවරයා විධායකයේ රාජකාරී කරන්නෙකු බවට පත් වෙයි.

විධායක පුටුවල වාඩි වී තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට මෙහිදී අවස්ථාව ලැබේ.

“තමන්ගේ නඩුව තමන් නොඇසීම” නිසි ක්‍රියාදාමයේ නෛසර්ගික ලක්ෂණයකි. මෙහිදී අගවිනිසුරු සම්බන්ධයෙන් එය පැහැදිලිවම උල්ලංඝනය වෙයි. මෙවැනි අවස්ථාවලදී අයුක්තියට පත් වන්නෝ බලවත් අසාධාරණයට ලක් වේ.

මෙවැනි තත්ත්වයන්ට ඉඩ දීම, නීතියේ ගැටුම් නිර්මාණය කිරීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය….!

නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394.

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය….!

Source: