Sun. Jul 7th, 2024
Spread the News

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවූ අතර, එම පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යස්ථාව යටතේ 2024 ජූලි 01 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්මය, ස්වාධීනත්වය, ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස, විශ්වාසයක් දැරීමේ නිදහස, ආගමික නිදහස, අවමන් සහහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොවීමේ නිදහස,  නීතිය පසිදලීම සහ නීතියේ රැකවරණය, වෙනස්කමකට ලක් නොවීම, නිර්දෝෂී බවේ පූර්ව නිගමනය, රාජ්‍ය භාෂාව, පරිපාලන භාෂාව, අධිකරණ භාෂාව, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවඅර්ථනිරූපණයකිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු අනන්‍ය අධිකරණ බලය, රාජ්‍ය මූල්‍ය, අන්තර්ජාතික සම්මුති සහ ගිවිසුම් වලට අදාල අනුරූපී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවලට අනනුකූල වන අතර තැනැත්තන් දේශීයව හෝ විදේශීයව අනෝන්‍යව පිළිගැනීම මත ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර විය නොහැකි බවත්, තැනැත්තන්ට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර වීමට නීති පැනවිය නොහැකි බවත් එම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

තවද විදෙස් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ චාරිත්‍ර අනුව ලබා ගන්නා මූල්‍ය කටයුතු/ දේපල අදාලව සහ (112වන අධිකාරය වූ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ විවාහයක් අදාලව එකී විවාහය අවසන් කිරීමට සම්බන්ධ විදෙස් නඩු තීන්දු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවට වැරදි ලෙස පූර්ව නිගමනයකින් මෙම විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත්, එය නිවැරදි නොවන අතර පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරිමක්ද, අධිකරණ බලය අත්හැරිමක්ද, රාජ්‍ය මූල්‍ය පාලනයට වැරදි බලපෑමක්ද, මෙමගින් සිදුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ යෝජිත කෙටුම්පත අතර ගැටුම් ඇති කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වන ව්‍යවස්ථාව අනුව එතෙක් පවතින ලිඛිත හෝ ලිඛිත නොවන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුකූල නොවුවද එය නොතකා පවතින ලිඛිත හෝ ලිඛිත නොවන නීති බලාත්මක බව දැක්වුවද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථාවන්ට අනුව අනුකූලව අලුත් නීති පැනවිය යුතු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස නීති පනවන්නේ නම් එයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 82, 83, 84, 123 ඇතුළු ව්‍යවස්ථා අනුව ක්‍රියාකළ යුතු බවත්, පෙත්සම මගින් දැක්වෙන නීතිමය කාරණා අනුව විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග අනුකූල නොවී ක්‍රියාකර ඇති ආකාරය වැරදි බවත් පෙත්සමේ දැක්වේ.‍

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පතේ  වගන්ති මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ඒ විදෙස් රටෙහි ආණ්ඩුව අතර සම්මුතියකට එළඹීම, විදෙස් අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීම, ලියාපදිංචිය, බලාත්මක කිරීමට සහ ඒවාට අදාලව අමාත්‍යවරයාට බලය පැවරීම, මූල්‍ය ගනුදෙනු සම්බන්ධ විදෙස් නඩු තීන්දු අදාල කිරීම, (112වන අධිකාරය වූ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ විවාහයක් අවලංගු කිරීම හෝ ශුන්‍ය කිරීම, වෙන්වීම සම්බන්ධයෙන් විදෙස් නඩු තීන්දු අදාල කිරීමට අදාලව පිළිගැනීම, ලියාපදිංචි කිරීම, බලාත්මක කිරීම, විරෝධතා ඉදිරිපත් කිරීම, විදෙස් නඩු තීන්දු පිළිගන්නා ව්‍යවස්ථා ක්‍රමවේදය සහ පරිචය, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම, විදෙස් නඩු තීන්දුව අධිකරණයට ඉදිරිපත් කරන භාෂාව, විදෙස් නඩු තීන්දුව යටතේ ගෙවිය යුතු පොළිය සම්බන්ධ කාරණා, නඩු තීන්දුව යන්න අර්ථ නිරූපණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12.1, 12.2, 13.5, 14.1.ඉ, 14.1.ඊ, 14.1.උ,14.1.එ,18, 19, 22, 24, 27.2.අ, 27.3, 27.6, 27.10, 27.11, 27.12, 27.13, 28.අ, 76, 83, 125, 148, 157, 170 ව්‍යවස්ථාවලට අනනුකූල වන අතර තැනැත්තන් දේශීයව හෝ විදේශීයව අනෝන්‍යව පිළිගැනීම මත විදෙස් රටවල නඩු තීන්දු මත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර විය නොහැකි බවත් පෙත්සම මගින් කරුණු දක්වා ඇත.

කෙටුම්පතේ 23 වගන්තියේනඩුතීන්දුවඅර්ථනිරූපණයේදී විවාහයඅවසන්කිරීමටඅදාලවදේපළනිරවුල්කිරීමටඅදාලවිදෙස්නඩුතීන්දුබැහැරකරආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට (ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ මූල්‍ය පරිච්ඡේදය)අනුකූලකරතිබුණද, සමඟමමූල්‍යකටයුතුඅදාල විදෙස් නඩුතීන්දු වලදී දේපලනිරවුල්කිරීමසම්බන්ධයෙන්අදාල නොකිරීම සිදු නොකරමින්,කෙටුම්පතේ 23 වගන්තියේනඩුතීන්දුවඅර්ථනිරූපණයේගැබ්වීආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනුකූල සහඅනනුකූලකරතිබීමයනදෙකම එකවරසිදුකරමින් එකිනෙකපටහැනිතත්ත්වයක්ඇති කර අවසානයේමේතත්ත්වයන්දෙකමආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට (ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ මූල්‍ය පරිච්ඡේදයට)අනනුකූලවන අතර, රාජ්‍ය මූල්‍ය පාලනය විදෙස් නඩු තීන්දු හරහා විදෙස් රටවලට පැවරීම ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවට අනනුකූල බවත් පෙත්සමේ දැක්වේ.

විදෙස්නඩුතීන්දුලබාගෙනමූල්‍යවරදකට, දේපල/ ප්‍රතිලාභයක්/ අයිතියක් අහිමි කිරීමක් කරඇතිඅවස්ථාවකඑයටහසුවනවින්දිතයන්ටනීතියේපිළිසරණ, රැකවරණයලබාගැනීම, අපරාධනඩුමෙරටදීපවරනුලැබූවිටනිර්දෝෂීභාවයේපූර්වනිගමනයවිදෙස්නඩුතීන්දු පිළිගැනීමමගින්අහිමිකරවනබවත්,ශ්‍රීලංකාවේආණ්ඩුක්‍රමව්‍යවස්ථාවෙන්අනුමතනොකළවිදෙස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, විදෙස් නීති, විදෙස් චාරිත්‍ර වලින්සහවිදෙස්විනිසුරුවරුන්ගේනඩුතීන්දුඅදාලකිරීමටයාමආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 13.5 අනුව්‍යව‍ස්ථාවටදඅනනුකූල බවත්පෙත්සමේ දක්වා ඇත.

අධිකරණකටයුතුසඳහාවෙනත්භාෂාවක්එනම්ඉංග්‍රීසිභාෂාවභාවිතාකිරීමටඅධිකරණවිෂයභාරඇමතිවරයාටආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 24.1 සහ 24.4 අනුව්‍යවස්ථාමගින්බලයලබාදීතිබුණද, කෙටුම්පතේ 17 වගන්තියමගින්ඉංග්‍රීසිභාෂාවපමණක්යොදාතිබීමආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 24.1 අනුව්‍යවස්ථාවේදැක්වෙනසිංහලසහදෙමළඅධිකරණ භාෂා බව සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විදෙස් නඩු තීන්දු ඉදිරිපත් කරවීමට සැළැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලවනබවත්, විධායකයේකොටසක්වනඅධිකරණඇමතිවරයාටයම්භාෂාවක්අධිකරණයේභාවිතාකිරීමටබලයලැබීමආණ්ඩුක්‍රමව්‍යවස්ථාවඅනුමතකළද, පනත්කෙටුම්පතක්මගින්භාෂාවිධිවිධානවෙනස්කිරීම, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාවටඅනුවමේආකාරයටකිරීමටආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්බලයනැතිඅතරඑයආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 3, 9, 18, 19, 22, 24.1 ව්‍යවස්ථාවටඅනනුකූලවන අතර ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අධිකරණ භාෂා අයිතිය, කෙටුම්පතේ 17වනවගන්තියේදැක්වෙන ආකාරයට අහිමි කිරීමට නොහැකි බවත් පෙත්සමේ දක්වා ඇත.

විවාහවනඅවස්ථාවේහෝගණුදෙනුවවනඅවස්ථාවේශ්‍රීලංකාවේපවතිනනීතිමයතත්ත්වයටවෙනස්විදෙස්නීතියටතේවිදෙස්නඩුතීන්දුද්වීපාර්ශවිකවහෝඒකපාක්ෂිකවලබාගෙනහෝඅනෝන්‍යකැමැත්තෙන්ලබාගෙනතිබියදීඒවාශ්‍රීලංකාවේඅදාලකිරීමටනීතිපැනවීමෙන්ශ්‍රීලංකාවේඅධිකරණබලයසහව්‍යවස්ථාදායකබලයපවරාදීමක්, විදෙස්රටවලටසතුකිරීමක්, අත්හැරීමත් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවටඅනනුකූලවනඅතරඑයආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 3 සහ 4.. සහ 4., 9, 76 ව්‍යවස්ථාවන්ටඅනනුකූලබවත් පෙත්සමේ දැක්වේ.

කෙටුම්පතේ 23 වගන්තියේනඩුතීන්දුවඅර්ථනිරූපණයේදීස්වෛරීරාජ්‍යයන්නදැක්වෙනඅතර, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 1වනව්‍යවස්ථාවේශ්‍රීලංකාවනිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රිකසමාජවාදීජනරජයක්බවදක්වාඇතිඅතරආණ්ඩුක්‍රමව්‍යවස්ථාවඅර්ථනිරූපණයකිරීමට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාවමගින්ගරුශ්‍රේෂ්ඨාධිකරණයටපමණක්පවරාතිබියදීආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේවිධිවිධානඅර්ථනිරූපණයකිරීමටසහවිභාගකිරීමටකොළඹදිසාඅධිකරණයටපැවරීමආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 1 සහ 125 ව්‍යවස්ථාවටදඇතුලුආණ්ඩුක්‍රමව්‍යවස්ථාවටඅනනුකූලවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන විදෙස් නඩු තීන්දුවලින් ආරක්ෂා කරන රැකවරණ කිසිවක් කෙටුම්පතේ යොදා නැති අතර ස්වෛරීත්වයසම්බන්ධයෙන්පමණක්වැරදියට හෝ දක්වා ඇති නමුත්,ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවටඅනනුකූලවිදෙස්නඩුතීන්දුවලින්බැහැරවීමේප්‍රතිපාදනදක්වානොතිබීමආණ්ඩුක්‍රමව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමට, හතරවන උපලේඛනයේ සහ හත්වන උපලේඛනයේ ප්‍රතිඥාවට/ දිව්රුමටඅනනුකූලබවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පැරණි සෝල්බරි ව්‍යවස්ථාව පැවති සමයේ මෙන් නොව, 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු සහ නැවත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් / ක්‍රියාත්මක වීමෙන් පසු මේ ආකාරයට විදෙස් නීති බලාත්මක කිරීමට විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත ගෙන ඒම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති 3වන ව්‍යවස්ථාව ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් වැඩි දුරටත් පෙත්සමේ දක්වා ඇත.

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් පනත් කෙටුම්පතේ වගන්ති අවස්ථාවෝචිතව සහ අදාල පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12.1, 12.2, 13.5, 14.1.ඉ, 14.1.ඊ, 14.1.උ,14.1.එ,18, 19, 22, 24, 27.2.අ, 27.3, 27.6, 27.10, 27.11, 27.12, 27.13, 28.අ, 76, 83, 125, 148, 157, 170 ව්‍යවස්ථාවලට අනනුකූලවන බවත්, අවස්ථානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවඅනුවපාර්ලිමේන්තුවේනොපැමිණිමන්ත්‍රීවරුදඇතුළුව 2/3 නොඅඩුපක්ෂවදෙනලදඡන්දසංඛ්‍යාවක්සහජනමතවිචාරණයක්මගින්ජනතාවඅනුමතකිරීමෙන්සහආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාවඅනුවජනාධිපතිවරයාවිසින්ස්වකීයඅත්සනඇතිවසටහන්කරඇත්නම්මිසනීතියක්නොවියයුතුබවටතීරණයකරන ලෙස පෙත්සම්කාර නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අයද ඇත.

http://neethiyalk.blogspot.com/2024/07/blog-post.html

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066 / 0712063394

Leave a Reply

Your email address will not be published. Required fields are marked *