Fri. Jul 5th, 2024
Spread the News

විදෙස්‌ එන්ජීඕ සහ ඊළාම් සංවිධානයකින් ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක්‌

කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය යාන්ත්‍රණය බිඳ දැමීම සඳහා ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොට්‌ සංවිධානය ඇතුළු විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද ටැග් නමැති ඊළාම් සංවිධානයද එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහිව යළිත් කුමන්ත්‍රණයක්‌ දියත් කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාල සමූලඝාතන සිදුවී ඇති බවට චෝදනා නඟමින් මෙම සංවිධාන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන් ලවා හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බවට නියෝගයක්‌ ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටී.

මානව හිමිකම් කොමසාරිස්‌ පෙබරවාරි 5 දා මෙරටට පැමිණේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයට උපදෙස්‌ දීමට ජපන් විනිසුරු තෙබුචි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර අල් ජසීරා රූපවාහිනි සේවය සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කරන්නේ නැතැයි තෙවැනි වරටත් පවසා ඇත.