Fri. Jul 5th, 2024
Spread the News

විග්නේෂ්වරන්ගේ ඉල්ලීම අහකට;
පලාලි ගුවන් තොට පුළුල් කෙරේ

කීර්ති වර්ණකුලසූරිය

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම නතර කර මයිලඩ්ඩි ධීවර වරාය මුදාහරින ලෙසට උතුරු මහ ඇමැතිවරයා ඉල්ලීමක්‌ කර තිබිණි. එහෙත් මයිලඩ්ඩි වරායේ සිට පලාලි ගුවන් ධාවන පථයට ඇත්තේ මීටර් 100 ක දුරක්‌ නිසා එම වරාය විවෘත කළහොත් පලාලි ගුවන්තොටුපළට තර්ජනයක්‌ එල්ල වන බව ආරක්‌ෂක බලධාරීන් විසින් රජයට පෙන්වා දී තිබිණි.