Wed. Jul 3rd, 2024
Spread the News

භාවනාවකට හොඳ කමටහනක් තිබිය යුතුයි.

ඉලක්කය විදර්ශනාවක් උනාට කමටා නං උද්දීපනය වන අදහස වැරදි නම් බලාපොරොත්තුවන ඉලක්කයට ළඟාවීමට නොහැක.

වසා ඇති නිවසකට ඇතුල් විය හැක්කේ දොරේ යතුර අතේ ඇත්නම් පමණකි.

දොර කඩාගෙන හෝ ගෙට ඇතුළුවීමට උත්සාහ කරන්නා යතුර නැති කරගත් කෙනෙකි. එසේත් නැත්නම් සොරෙකි.

එමෙන්ම මන්ද බුද්ධිකයින් හෝ සොරුන් වීරයින් ලෙස සලකන යුගයකට ශ්‍රී ලාංකික ජනතාව එළඹ ඇත.

අප විසින් කලකට ඉහත දී හඳුන්වා දෙනු ලැබූ විකල්පය වෙනුවට විසඳුම ජනතා විමුක්ති පෙරමුණ විසින් සොරකම් කර එය ඔවුන්ගේ සංකල්පයක් ලෙස ඉදිරිපත් කරමින් රඟන රැඟුම පිළිකුල් සහගතයි.

ඔවුන් බලයට පැමිණියහොත් සුදුස්සාට සුදුසු තැන දෙන බව පුරසාරම් දොඩන ජවිපෙ/ජජබය ඔවුන් හමුවී සාකච්ඡා කරන්න කැමති බව පසුගිය වසර ගණනාවක් තිස්සේ දැනුවත් ඔවුන් ඊට ප්‍රතිචාරයක් නොදුන්නේ ඇයිද කියා නුඹලාගෙන් කවුරුන් හෝ දන්නවාද?

ගරාවැටුණු සමාජයක සාරධර්ම කරපින්නා ගෙන ඒ තුළින් ගොඩ යාමට දින උත්සහයක් දරන ඊනියා උගතුන් ගෙන් සමන්විත ජජබයට බලය ලබාදෙන්න උත්සාහ කරන සෑම දෙනාම ඉතිහාසයේ ද්‍රෝහීන් බවට පත්වීම නොවැළැක්විය හැකිය.

නන්නත්තාර වූ පිරිසක් ලෙසින් විකල්පයක් සොයන ඔවුන්ව විසඳුම ඔස්සේ පරාජය කිරීමට අපට හැකියාවක් ඇත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

10.02.23