Mon. Jul 8th, 2024
Spread the News

☸️ විශේෂයෙන් දැනුම් දීමයි ☸️

🌕 අධි ඇසළ පිංකම් මලාව සම්බන්ධයෙන් .

වවුනියාව ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ පැවැත්වීමට නියමිත අසිරිමත් පිංකම් මලාව පිළිබඳව ……….

🙇‍♂️ පාද යාත්‍රාව (ජුනි 28~ජූලි 01)

ආරණ්‍යවාසී මහාසංඝරන්නයේ මූලිකත්වයෙන් ජූනි මස 28 දින අනුරාධපුර මහාසෑය අසලින් ආරම්භ වී රඹෑව , මැදවච්චිය, වවුනියාව, බෝගස්වැව හරහා සපුමල්ගස්කඩ පුදබිමට ජූලි 01 දින සවස වැඩමකිරිමට නියමිත ය.

🍀 ජූලි 01 හවස ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා පාද යාත්‍රාව සමගින් වැඩමකරවීම.

🙏 ජූලි 02 දවස පුරා
සර්වඥ ධාතූන් වහන්සේලා දැක්ම .

🙏ජූලි 02 රාත්‍රි සර්ව රාත්‍රික පිරිත් දේශනය . …

🙏 ජූලි 03

උදෑසන ඓතිහාසික සපුමල් වෙහෙරෙහි ගර්භයේ ධාතූ නිධානොත්සවය,.

🙏 ජුලි 03 සවස

අතිපුජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය .

මෙම අසිරිමත් පිංකම් මලාවට සම්බන්ධ වන ලෙස සුපින්වත් සැමටම ඉතාම මෙත් සිතිං ආරාධනා කරන අතරම,.

පිංකම සාර්ථක කරගැනීමට ඔබසැමගේම උපකාරයද මා බලාපොරොත්තු වන බව ඉතාම මෙත් සිතිං සිහිපත් කරමි…….

තෙරැවන් සරණයි

මම පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ.