Fri. Jul 5th, 2024
Spread the News

වයිකෝගේ ආධාරකරුවෝ 6 ක්‌ අත්අඩංගුවට
source:
චතුර පමුණුව

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාංචි සංචාරයට විරෝධය පළ කිරීමට චෙන්නායි සිට පැමිණි වයිකෝගේ ආධාරකරුවන් පිරිසක්‌ සාංචි නුවර අසළ සලමත්පූර්හිදී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍ය ප්‍රදේශයේ පොලිස්‌ ප්‍රධානියකු වන අඡේ ශර්මා ප්‍රකාශ කර සිටියේ තමිල්නාඩු සිට සලමත්පූර් වෙත පැමිණි පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගත් බවය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (21 දා) මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර බෝපාල් නගරයට පැමිණ එයින් පසු ඉන්දීය හමුදා හෙලිකොප්ටරයකින් සාංචි වෙත යැමට නියමිතය.

මේ අතර මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත මහ ඇමැති ශිව්රාඡ් සින් චවුහාන් මහතා එම්.ඩී.එම්.කේ. පක්‍ෂ නායක වයිකෝගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා ජනපති විරෝධී මේ උද්ඝෝෂණය නවතා දමන ලෙසයි.