Wed. Aug 28th, 2024
Spread the News

මෙම මාතෘකාවට අදාල ලිපි පෙළක් කියවීමට අවස්ථාව ලැබුණා.

බෞද්ධ භික්ෂුවක් ලෙසින් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කර ඇති යෝජනාව එනම් කසිප්පු පානයෙන් ජනතාව බේරා ගැනීමට නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමීම බුදු දහමට පටහැනි බව ඉඳුරාම පැවසිය යුතුයි. මත්පැන් වල නිත්‍යානුකූල බව කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගැනීමට සාමාන බව කිව යුතුයි.

ගණිකා සේවය නීතිගත කළ යුතු බව JVP/NPP හවුල යෝජනා කරන්නේත් මෙවැනි මානසික තත්ත්වයකින්.

හෙළ කාන්තාව ලෝක කාන්තාවන් අතර සුවිශේෂි තැනක් ගන්නේ දැයේ ඉතිහාසය නිර්මාණය කිරීමේදී විහාර මහා දේවි වැනි චරිත විසින් ඉටු කළ අනභිභවනීය කාර්ය කොටස නිසයි.

විහාර මහා දේවියගේ ගැබට ගැමුණු කුමරුගේ කළලය ඇතුළු වන්නේ ලිංගික ක්‍රියාවලියකට පමණක් සීමා වෙන
ක්‍රියාදාමයක් තුළින් පමණක් නොවේ.

එය පතාගෙන ආ සංසාරික කටයුත්තක්. එම තත්ත්වය පෘථිවි තලය මත ඇති බුදු දහම වටා පමණක් ගෙතුණු සංසිද්ධියකුත් නොවෙයි.
එයට වෙනත් ග්‍රහ වස්තූන්ද සම්බන්ධයි. පිටසක්වල ජීවීන් ද සම්බන්ධයි.

බෞද්ධ ශිෂ්ටාචාරයයි, බෞද්ධ සංස්කෘතියයි බුදුදහමින් පෝෂණය වුණු විශිෂ්ඨ අන්දමේ මානව පැවැත්මක්. මෙයට විකල්ප හෝ සංශෝධන ඉදිරිපත් කළ හැකි ජගතෙක් අතීතයේ සිටියෙත් නැත. අනාගතයේදී බිහි වන්නේත් නැත.

වනවාසී රාහුල හිමියන්ට වළිගය පෑගී ඇති සෙයක් හැඟෙනවා. NPP බලයට ගෙන ඒමට උන්වහන්සේත් දායකත්වයක් දෙනවාද කියා සැකයක් නිතැතින්ම  ඇතිවීම නොවැළැක්විය හැකියි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම සඳහා අපේ කාන්තාවන් මැද පෙරදිගට ඉදිරියටත් යැවීමට බලාපොරොත්තු වන්නේ නම්, එම කාන්තාවන් “ගෘහ සේවිකාවන්” ලෙසින් හඳුන්වන නමින් නොව SPA නියෝජිතයින් ලෙස යැවීමට ජාතික ජන බලවේගයේ කාන්තා නායක ආචාර්ය හරිණි අමරසූරිය වැනි කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මම පුදුම වෙමි.

ඉන්දියාවේ බ්‍රහ්මණයින් සහ ධනවත් ප්‍රභූවරුන් වෙනුවෙන් ගණිකා සේවයේ යෙදෙන ලාබාල තරුණියන් ගණිකාවන් ලෙස හැඳින්වීමට ප්‍රභූ සමාජය අකමැති වන්නේ එම දැරියන්ට හෝ කාන්තාවන්ට කරන සැළකිල්ලක් ලෙස නොව, ඔවුන් ඇසුරු කරනු ලැබුවේ “දේවදාසි” නමින් සමාජයේ ගරුත්වයට භාජනය වුණු කාන්තාවන් පිරිසක් බව උජාරුවෙන් පැවසීමටයි.

ජපානයේ ගෙයිෂා සංස්කෘතිය තුළත් ක්‍රියාත්මක වන්නේ ඊට සමාන තත්ත්වයක්.

ශ්‍රී ලංකා සමාජයේ ගම්බදව සිදුවන ආරවුල්වලදී පිරිසිදු චරිතයක් ගත කරණ යහපත් කාන්තාවක් වුවත් හඳුන්වන්නේ “වේසි” කියන නමින්.

ආගමික වශයෙන් ඔවුන් බෞද්ධයින් වුවත්, ගැටුමකදී ප්‍රතිවාදියා මානසික වශයෙන් පරාජය කිරීමේ  මනෝ විද්‍යාත්මක සාධකය භාවිතා කරමින් එසේ අවමන් කරන විට ඉන්දියානු සමාජ සන්දර්භය තුළ වෛශ්‍යාවක් පවා හඳුන්වන්නේ දෙවියන්ට දාසකම් කරන පින්වත් උපාසිකාවක් ලෙසින්.

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යාඥයන් යැයි කියාගන්නා අය ආචාර්ය මහාචාර්ය පට්ටම් ලබාගෙන සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කළා මිස බෞද්ධ සමාජයක් තුළ තවත් හෙළ බෞද්ධ කාන්තාවක් “වේසියක්” ලෙස හැඳින්වීමට පෙළඹුණේ ඇයිද යන්න මානව විද්‍යාත්මකව සොයා බලන්න තිබුණා.

බෞද්ධ භික්ෂුවක් ශ්‍රී ලංකාවේ කසිප්පු පාරිභෝජනය අවම කිරීම සඳහා නිත්‍යානුකූල මත්පැන්වල මිළ පහත දැමිය යුතු යැයි කීමට පෙළඹෙන්නේ අපේ විශ්ව විද්‍යාල උගතුන්ගේ බඩගෝස්තර මානව  විද්‍යා, සමාජ විද්‍යා හා මනෝ විද්‍යා තනිකරම වෙන් වී තිබෙන්නේ මනෝරාජික සංකල්ප වලට පොහොර දැමීම සඳහා යොදා ගැනීම නිසාද යන්න ඇත්තෙන්ම විමසා බැලිය යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකා දේශපාලනය තුළ මාළිමා යන්ත්‍රයේ කටුව ක්‍රියාත්මක වන්නේ උත්තරධ්‍රැවයේ තිබෙන දැවැන්ත කාන්දම් ස්කන්ධයක් නිසා නොව, කතෝලික පල්ලියේ “අදෘශ්‍යමාන කාන්දමේ” බලපෑමෙන් බව නොදන්නා මෝඩ ජනතාවක් හෙට දිනයේ බිහිවෙන මහා බලගතු සිංහල බෞද්ධ විරෝධී බලවේගයකට දේශපාලන වශයෙන් බලයට එමට ජනතා පරමාධිපත්‍යය බත් මුලක් හෝ කසිප්පු බෝතලයක් සමග හුවමාරු කරගනු ඇත.

අලුතින් බලයට පැමිණීමට සිහින මවන පිරිස ප්‍රරෝධය භාවිතා කරමින් බලය අවභාවිතා කිරීමට අර අඳින අතර, ගර්හිත ගණයට නොවැටී ගණිකාවන් ඇසුරු කිරීමේ සමාජමය  අවකාශය “SPA” මානවිකාවන් අතින් සමාජ මෙහෙවරක් සේ  පිළිගැනීමට ලක්කිරීමත්, කසිප්පු ගුබ්බෑයම් වලට රිංගනවා වෙනුවට හෝටල් ආපනශාලා තානායම්වල අසුන් ගෙන නම්බුකාර මහත්වරුන් මෙන් කසිප්පු මිළට ගල් බැරිනම් පොල් හරි බොන්න අවස්ථාවක් උදාකර ගැනීම 60 දශකයේ ජවිපෙ නිර්මාතෘ රෝහණ  විජේවීර දුටු මත්පැන් හා සිගරැට් වලින් තොර අනාගතය බොඳවූ සිහිනයක් මෙන් ජනතාවගේ මතකයෙන් ඉවත් වී යනවා ඇත.

එය පාදඩයන්ගේ “System Change” සහ ජාතික තලයේ ප්‍රශ්නවලට “ඒකායන විසඳුම” ලෙස පරම පූජනීය අන්දමින් කලඑළි බසිනු  ඈත.

නීතිය ඉදිරියේ සියලුම මිනිසුන් සමාන බව ව්‍යවස්ථාපිත කරන බව වගාඩම්බර දෙඩුවද නාගරික නෝනා මහත්වරුන්ගේ නම්බුකාර සුනඛ සුරතලුන් හා ගමේ බල්ලන් එකම සත්තු කොට්ඨාශයක් බව පිළිගන්න ඔවුන් කැමති නොවනු ඇත.

ගමේ බල්ලන් තවදුරටත් පිළිකණුවල ඉඳුල් කමින් ජීවත් වෙද්දී
පාලක පැලැන්තියේ සුනඛ සුරතලුන් පිටරටින් ආනයනය කරන ලද සුඛෝපභෝගී ටින් කෑම වළඳමින් System Change එකට හතර ඝාතයෙන්ම ආශිර්වාද කරනු ඇත.

-තෙවැනි ඇස-
17.07.2024