Mon. Jul 8th, 2024
Spread the News

ලොව අග්‍රගන්‍යම වූ මිනිස්සු!

සිංහලයෝ.

ලොව එක්තරා කුඩා රටක් තම අසල්වැසි රටවල් 6ක් සමග දින 6ක වූ යුද්දයෙන් ලබාගත් වීජයග්‍රහණයක් පිළිබද වූ කතා පුවත අදද නිතරම අන්තර්ජාලයේ සංසරණය වේ. එය වඩාත් සුවිශේෂී වන්නේ අසල්වැසි රටවල් 6ම යුද්ද කරන්නේ එවකට ලෝක බලවතෙකුගෙන් ලබාගත් අතිදැවැන්ත වූ යුද සහයෝගයත් සමග වීමයි. එම කුඩා රට පමණක් නොව ලොවම එයට අදද උදම් අනයි.

නමුත් අපගේ අතීතය ස්මරණය කිරීමේදී අපි එම කුඩා වූ රටද අභිබවා යයි.

ඇයි?

ලොව දැනට ඇති රටවල් සංක්‍යාව කීයද?

එම රටවල් සන්ක්යාවෙන් මේ දිවයින ආක්‍රමණය නොකලා වූ රටක් ඇත්ද යයි සුපරීක්ෂාකාරීව සහ බුද්දීමත්ව සොයා බලන්න.

ඔබ ආක්‍රමණයක් යයි සිතන්නේ විටෙක දුනු ඊතල වලින්ද, විටෙක කඩුවෙන්ද, විටෙක බයිනේත්තුවෙන්ද, විටෙක ගුවන්යානා වලින්ද කළා වූ ආක්‍රමණයන් ගැන පමණි. නමුත් විටෙක මතවාදයෙන්ද, විටෙක මිළ මුදල් වලින්ද, විටෙක කපටි කෛරාටිකකමින්ද, විටෙක බියගැන්විමෙන්ද හෙවත් ලෝක ආයතනයන් හරහා බලපෑම් කිරීමෙන්ද මේ රට ආක්‍රමණයට ලක් නොකලා වූ ලොව රටක් සොයාගත හැකිද?

සියල්ලෝම අපව ආක්‍රමණය කර තිබේ.

ආක්‍රමණිකයාට ඇති බිය, ඔහුගෙන් ඇති වාසිය හෝ ඔහුට ඇති ආදරය නිසා හෝ ආක්ක්‍රමනයකදී කෙලින්ම හෝ වක්‍රව ඔහුට ආදාරකිරීමත් ආක්‍රමණයක් හා සමාන වූ ක්‍රියාවකි. ඒ නිසා ඔවුන් සියල්ලෝම එයට දායක වී තිබේ.

පුදුමය වන්නේ ඒ සෑමවිටම චිරාත් කාලයක් තිස්සේ උරුමක්කරුවන්ගේ හොදහිත නිසා හෙවත් ආගන්තුක සත්කාරය නිසා මෙහි පදිංචි වී සුකිත මුදිත ජිවිත ගතකරන්නෝද  ආක්රමනයකදී ආක්‍රමණිකයාට කෙලින්ම හෝ වක්‍රව රට තුල සිටම උපකාර කිරීමය.

මේ ආකාරයෙන් බලනකල අර රට මොන සංග්‍රාමයක් කලාද යයි අපට සිතේ.

ලොව හා සැසදීමේදී ඉතාම කුඩා රාජ්‍යක් වූ අප, ඉතා කුඩාම ජන කොට්ටාශයක් වූ අප එවැනි වූ ලොවක් සමග අති දීර්ග කාලයක් කල සටනින් අදටත් නොනැසී පැවතීම සැබැවින්ම මහා පුදුමයක් නොවන්නේද?

එවැනි වූ ද්වන්ද සටන් මාලාවකින් නොපැරදි ලොව ඉතාම කුඩා වූ තම මව්බිමත්, ලොව ඉතා කුඩාම වූ ජනකොට්ටාශයත්, එහි ස්ථාපිත කළා වූ ශ්‍රී සම්බුදු සසුනත් මෙතෙක් කලක් රැකගත් සිංහලයෝ සැබැවින්ම ලොව ශ්‍රේෂ්ටයෝ නොවන්නේද?

-ධම්මික