Tue. Jul 2nd, 2024
Pexels Gabby K 6281880
Spread the News

කොච්චර නම් ලස්සනද?

ඔබෙන් භාහිරය ඔබ ලෝකය ලෙස ගනී.

දකින්නේ භාහිර ලෝකය යයි ඔබ කියයි.  

ලෝකය කියා දැකීමට භාහිර ලෝකයෙන් ඔබට උපකාරිවන්නේ කුමක්ද ?

දැකීමකට ඔබට ඔබගේ භාහිර ලෝකයෙන් ඝන ද්‍රව්‍යක් උපකාරී වනවාද ?

දැකීමකට ඔබට ඔබගේ භාහිර ලෝකයෙන් ද්‍රවයක් උවමනාද ?

දැකීමකට ඔබට ඔබගේ භාහිර ලෝකයෙන් වායුවක් උවමනාද ?

මේ එකක්වත් උවමනා නැත සහ එයයි විද්‍යාව. නමුත් ඝන , ද්‍රව , වායු යනු ලෝකයයි සහ එයයි විද්‍යාව. මේ අනුව දැකීමක ඝන, ද්‍රව සහ වායු යන තුනම නොමැති නම් ලොවෙහි ඝන ද්‍රව වායු කියා දෙයක් ඇත යයි ඔබ සහ විද්‍යාව කියන්නේ කුමක්ද ? ලොවක් දකින්නට කියා ලොවේ වූ එකම වූ සාධකයක් වත් ඔබට නුවුමනා නම් ඔබ එවිට ලොව දකිනවා කියලා කියන්නේ කුමක්ද ?

ලොව දැකීමට ලොවෙන් ඝන ද්‍රව්‍යක් නුවුමනා නිසා දැකීමක් සතුව ඝන ද්‍රව්‍ය නැත. ලොව දැකීමට ලොවෙන් ද්‍රවයක් නුවුමනා නිසා දැකීමක ද්‍රවයන් තිබිය නොහැකිය. ලොව දැකීමට ලොවෙන් වායුවක් නුවුමනා නිසා දැකීමක් සතුව වායුන් තිබිය නොහැකිය.

එසේ නම් ලොව දැකීමක ලොව කියා ඇත්තේ කුමක්ද ?

බලන්න ! ලොව දකිනවා යයි ඔබ කියුවත් දකින ලොවෙහි, ලොව සතු කිසිවක් නැත.

මේ මොකක්ද ?

එසේ නම් ඔබ සහ විද්‍යාව ලොවක් දකිනවා කියා දකින්නේ කුමක්ද ? ලොවක් නැත්ද ? ලොවක් නැත්නම් අප ජීවත්වන්නේ කොහෙද ?

ලොවක් සතු කිසිවක් දැකීමකට නොපැමිණේ නම් දැකීමක් තිබිය නොහැකිය. එසේ වුවහොත් කිසිවෙකුට කිසිවක් දැකිය නොහැකි වනු ඇත. නමුත් දකින්නට යමක් හැමදෙනාටම ඇත.

ලොවෙන් ඔබ වෙත පැමිණෙන්නේ “ආලෝකය” පමණි යනු විද්‍යාවයි. ලොවක් දැකීම සඳහා ඔබට ලොවෙන් පැමිණෙන්නේ ආලෝකය පමණි. ලොව දැකීමක් සඳහා ලොව සතු අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටිනා එකම සාධකය ආලෝකය පමණයි. ඔබට ගත හැක්කේ ආලෝකය පමණයි. බලන්න ! එවිට ආලෝකය, ඇස සහ මොලය සාදන දේකට ඔබ “ඝන” කියා කියයි. ආලෝකය, ඇස සහ මොලය සාදන දෙයකට ඔබ “ද්‍රව” කියා හැඳින්වීමක් කරයි. ආලෝකය, ඇස සහ මොලය හදන දේකට ඔබ “වායුව” කියා කියයි.  ඝන , ද්‍රව , වායු යන තුන ලෝකය කියා ඔබ කියයි නම් එසේ නම් ලෝකය ඔබට සෑදී ඇත්තේ ඔබගෙන් භාහිරයේ නොව ඔබ තුල වූ නිෂ්පාදනයක් ලෙසය. හැඳින්වීම් තුනක එකතුවක් පමණක් ඔබට ලෝකය ලෙස ගෙන ඇත.

මිට වසර 2567කට පෙර කල අභිදර්ම පැහැදිලි කිරීම බලන්න.

 “ආරම්මණ” පමණක් මිනිසා භාහිරයෙන් තමන් සන්තක කර ගනී. ආරම්මණ , ඇස සහ මනස (මොලය නොව) මත ලොව නිෂ්පාදනය වේ. ඝන, ද්‍රව, වායු යනු සම්මත ලෝකය නම් මේ තුන වෙනුවෙන් භාහිරය සතු වූ එකම අනන්‍යතාව ආරම්මණය පමණි. එවිට,

ආරම්මණ, ඇස සහ මනස නිසා දකින්නට ලැබෙන දෙයක් ඔබ “ඝන” ලෙස නම් කරයි. ආරම්මණ, ඇස සහ මනස නිසා දක්නට ලැබෙන දෙයක් ඔබ “ද්‍රව” ලෙස නම් කරයි. ආරම්මණ, ඇස සහ මනස නිසා දකින්නට ලැබෙන දෙයක් ඔබ “වායු” කියා නම් කරයි. එය එසේ නම් හැඳින්වීම් තුනක එකතුවක් පමණක් ඔබට දකින්නට ලැබෙන ලෝකයයි. එය ඔබ තුල වූ ඔබගේම නිෂ්පාදනයක්.   

ලොව සහ විශ්වය යනු මනසේ ආකෘතියක් සහ එයයි අභිදර්මය.

ලොව සහ විශ්වය යනු කල්පිතයක් පමණි සහ එයයි අභිධර්මය.  

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *