Mon. Jul 8th, 2024
Spread the News

ලබන ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට අභියෝග රැසක්‌

කීර්ති වර්ණකුලසූරිය
source:
රුසියාව, චීනය, සහ කියුබාව යන රටවල් මානව හිමිකම් කවුන්සලයට අයත් නොවීම නිසා ලබන මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ අභියෝගයක්‌ එල්ල වී ඇත.

මෙවර මානව හිමිකම් කවුන්සිලයට පත් වී ඇත්තේ ඇමරිකාවට පක්‍ෂපාති රටවල් සමූහයකි.

මේ රටවල් අතර යුද අපරාධ චෝදනා නගමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට උත්සාහ කළ රටවල් කීපයක්‌ද වේ. ශ්‍රී ලංකාවට පක්‌ෂපාතී රටවල්වලට මානව හිමිකම් කවුන්සිලය තුළ ස්‌ථානයක්‌ නොලැබීම නිසා කොටි ජාත්‍යන්තර ජාලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කොටි කණ්‌ඩායම් ජිනීවා නුවරට එවා විදේශ තානාපතිවරුන් හමුවීමේ සැලසුමක්‌ දියත් කර ඇත.

2009 දී වන්නි මෙහෙයුම නිමාවීමත් සමගම ශ්‍රී ලංකාව මානව හිමිකම් සමුළුව තුළ බරපතළ තත්ත්වයකට මුහුණ පාන්නේ 2013 වසරේදීය.

මේ අතර චෙක්‌ රාජ්‍යයේ පුර්ණ සහාය ශ්‍රී ලංකාවට හිමිවන බව චෙක්‌ රජය විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇත.