Mon. Jul 1st, 2024
Spread the News

ලන්ඩන් නුවර වාසය කරන සෙනරත් කළුබෝවිල නම් පුද්ගලයෙක් ජර්මන් සහයෝගීතාව නම් කණ්ඩායම තුළ නිතිපතාම සිංහල බෞද්ධ විරෝධී අදහස් පලකරනවා.

මේවා ගෙවා පළ කරන දැන්වීම් බව භාෂාවේ ඇති ද්වේශසහගත බව තුළින් මනාව පැහැදිලි වෙනවා.

උතුරේ ත්‍රස්තවාදයට ගිනි ඇවිලුවේ පල්ලියෙන් කියා මවිසින් කළ සඳහනකට ප්‍රහාර එල්ල කරමින් ඔහු විසින් කියා තිබුණේ එය අප්‍රභංශයක් බවයි.

මේ පුද්ගලයින් කවුද කියා හෙළිදරව් කිරීමට මා චර්යා ධාර්මික හෝ බැඳී සිටිනවා.

ශ්‍රී ලංකාවේ වර්ගවාදයට ගිනි තැබූවේ පල්ලිය විසින් බව මවිසින් 2009දී “සුද්ධෝත්තම” පාප් වහන්සේටත් දන්වා තිබෙනවා.
ඒ කාලයේ මැල්කම් රන්ජිත් හිටියේත් රෝමයේ වතිකානුවෙ.
ඔහුත් අනිවාර්යෙන්ම මගේ ලිපිය කියවන්න ඇති.

ඔවුන් දැන සිටියා මට එය ඔප්පු කළ හැකි බව. ඔවුන් කට ඇරියා කියා මොනව කියන්නද?

ජර්මන් කියමනක් තිබෙනවා බොරුවෙ කකුල් කොටයි කියලා. ඒ කියන්නේ බොරුවට වැඩිදුර යන්න ලැබෙන්නේ නැහැ කියන එකයි.

රොබට් නොක්ස් පවා කියනවා අතීතයේ ලංකාවේ විසූ සිංහල බෞද්ධ ජනතාව කිසිදාක බොරු නොකිව් අවංක මිනිසුන් කොට්ඨාසයක් බව.

ශ්‍රී ලංකාවේ වාසය කරන බෞද්ධයින් ගෙන් 90%ක්ම පහත් මානසික තත්ත්වයකින් ජීවත්වන බව සෙනරත් කියන නොදරුවා දැනගත්තෙ මොන පර්යේෂණ ඔස්සේ ද කියාත් සඳහන් කළා නම් නේද හොඳ?

බුදු දහම කෙළසන්න කොන්ත්‍රාත් බාර ගත් විට හොඳම මුසාවට ගෙවන විශේෂ දීමනා වලට සුදුසුකම් ලබනවා.

කටට ආ පළියට මේ වගේ තකතීරු අදහස් එළියට දාන අමනයින් ලෝකයේ තවත් ඉන්නවාද කියාත් කෙනෙක් ඇසුවහොත් සෙනරත්ට දීමට උත්තරයක් තිබේද?

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමයි වාචාලකමයි අතරේ ඇති වෙනස හඳුනා නොගත් කෙනෙක්
යමක් කමක් දන්නා අය සමග වාද වලට පැටලෙනවා කියන්නේ සියතින් දිවි නසා ගැනීමක්.

  • තෙවැනි ඇස-
    25.10.2923