Mon. Jul 1st, 2024
Spread the News
lakshman-kadirgamar

ලක්ෂ්මන් කදිරගාමර් ලෝක බෞද්ධ සමාජයට විශාල මෙහෙයක් කළා කියා කෙනෙක් ලියා තිබූ ලිපියට
මා පහත සඳහන් සටහනින් පිළිතුරක් යැව්වා:

ඔහු දේශපාලනයේ නොසිටි නිසා ඔහුට පව් කර ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

කතෝලිකයෙක් වන ඔහු තමන්ගේ කතෝලික බිරිඳ දික්කසාද කර ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ලංකා දේශපාලනයට අවශ්‍යය සමාජ පසුබිම සකස් කර ගැනීමට දුබල සහයක් දරා ඉතාමත් අවාසනාවන්ත ලෙස එය කෙළවර කර ගත්තා.

බෞද්ධයෙක් වීම යනු ලේබලයක් අලවා ගැනීම පමණක් නොවන බවට ඔහු ජීවමාන උදාහරණයක්.

නිවසේ බුදු පිළිම ගණනාවක් තිබුණත්
හදවතේ බුදුරුවක් තැන්පත් නොකිරීම නිසා ත්‍රස්තවාදී කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන කතෝලික චාල්ස් ඥානකෝන් ළඟින් ඇසුරු කිරීමට තරම් කදිරගාමර් මානසික වශයෙන් අතරමං වී සිටියා.

ඔහු මාක්ස්වාදයේ හතුරෙක්ව සිටිමින්
මාක්ස්වාදයේ අන්තයට ගිය ජනතා විමුක්ති පෙරමුණ සමග රහසින් සම්බන්ධකම් පවත්වාගෙන ගියා.

රටක පැවැත්මේ පරස්පර විරෝධී බව නිසා ශිෂ්ටාචාර පවා බිඳ වැටී තිබෙනවා.

පුද්ගල චරිතයේ පරස්පර විරෝධී භාවය නිසා පුද්ගලයින් ද
විනාශ මුඛයට ඇද වැටෙනවා.

මෙය තේරුම් ගැනීමට උපයෝගී කරගත හැකි හොඳම දර්ශනය බුදු දහමයි

එඩ්වර්ඩ්