Mon. Jul 8th, 2024
Spread the News
Map of fake Tamil Eelam by LTTE

ආරියතිලක
2023.02.06

ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද?

යමෙක් සතුන් දඩයම් කිරීමේ චේතනාව තිබෙන තාක් ඔහු දඩයම් සොය යි. ඔහුගේ අභිප්‍රාය ඉටුවන තෙක් ඒ සඳහා උපාය- උපක්‍රම සොය යි. ඒ ඒ උපායන් ක්‍රියාවේ යොදව යි. ඉහුගේ එකම අභිලාශය දඩයමක් එළා ගැනීම ය.
දඩයම් අතර විවිධ දඩයම් ඇත.
සතුන් දඩය කිරීම සේම අනෙකුත් දඩයම් කෲර මෙන්ම සහාසික ය. රටවල් දඩයම් කිරීම ද එක්තරා දඩයමකි. එයට අප කියන්නේ රටවල් ආක්‍රමණය කිරීම කියා ය. රටවල් ආක්‍රමණය වර්තමාන කාලයේ දෙයාකාරයකින් සිදු වේ. එය යුධමය වශයෙන් සහ දේශපාලන වශයෙනි.

යුධමය වශයෙන් කරන ආක්‍රමණය, රටක් අන්‍ය වූ වෙනත් රටක් අවි ආයුධ සහිත හමුදා සංග්‍රාම ශක්තිය යොදා යටත් කිරීමට උත්සාහ කිරීම හෝ යටත් කිරීම හෝ ලෙස හැදින්විය හැක.
දේශපාලන ආක්‍රමණය යනු ජනවර්ගයක් උදෙසා හෝ ජන කොට්ඨාශයක් උදෙසා හෝ එසේත් නැතිනම්, ජන කම්ඩායමක් උදෙසා, ඔවුන් ජීවත් වන රටේ ස්වෛරී රාජ්‍යයකට එරෙහිව බෙදී වෙන් විමට හෝ වෙන ම පාලන ඒකකයක් ලෙස පෑවැත්වීමට, සාධාරණ වූ හේතු වියුත්ත ව, ඔවුන්ගේ අපේක්ෂිත දේශපාලන ක්‍රියාවලිය, මුදුන් පමුණුවා ගැනීම පිණිස, වෙනත් රාජ්‍ය වෙතින් එකී ජනවර්ගය උදෙසා හෝ ජන කොට්ඨාශයක උදෙසා හෝ එසේත් නැතිනම්, ජන කම්ඩායම උදෙසා හෝ කුමන ආකාරයකින් හෝ උපකාර කිරීම, ඔවුන්ට උපකාර පිණිස ස්වෛරී රාජ්‍යය වෙත කුමන හෝ ලෙස කෙරෙන බලපෑමක් හැදින්විය හැක.

යුධමය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ කෙරෙන බලපෑම්, යුධ බලය, ආර්ථික සහ දේශපාලන යන බලය මත සිදු කෙරේ. එකී බලපෑම් රටක් ලෙස හෝ සිදු කරයි. අන්තර් ජාතික ලෙස ඒකා බදධව හෝ සිදු කරත්.

කුමන ආකාරයකින් හෝ සාධාරණ හේතුවකින් වියුත්ත ව ස්වෛරී රාජ්‍යයකට, කියන ලද ආකාරව කරන බලපෑම් අනීතික ය.
එකී බලපෑම් අනීතික වන්නේ රාජ්‍යයයේ ස්වෛරී භාවය හේතුවෙනි. ස්වෛරී රාජ්‍යය, නීතියානුකූල ව, අන්තර්ජාතික ව පිළිගනී. අන්තර්ජාතික සම්මුතීන්ට එකඟ වූ රාජ්‍යකි. ජත්‍යන්තර ව නො පිළිගත් පාලනයකට අන්‍ය රාජ්‍යයයන් සමඟ රාජ්‍යතාන්ත්‍රික ව ගනුදෙනු කිරීමේ හිමිකම නැත.

රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අන්තර් ජාතික ව පිළිගත් සම්මුති හතරකි.
1.භූමිය, 2.ජනතාව. 3.ආණ්ඩුව සහ 4. ස්වාධිපත්‍ය යන සම්මුති සතර ය.

1..භූමියක් නැතිව රාජ්‍ය පාලනය පැවත්විය නො හැක. අන්තර්ජාතික සීමා නිර්ණයන්ට අනුව සීමා වූ භූමිය තිබිය යුතු ය.

  1. එකී භුමියේ වසය කරන ජනතාවක් සිටිය යුතු ය. ජනාවාස ලෙස ජනග්‍රහනක් සිටිය යුතු ය. කුඩා ජනග්‍රහනක් නොවේ.
  2. ආණ්ඩුවක පාලනය ඒ භූමිය හා ජනතාව කෙරෙහි පැවතිය යුතු ය. ආණ්ඩුව එකී භූමිය සහ එහි වෙසෙන ජනයාගේ කුදු මහත් සුභ සිද්ධිය සඳහා මෙහෙයවන පාලන අධිකාරී බලය ය.
  3. භූමියක වෙසෙන ජනතාවට එකී භූමියට ඇති හිමිකම, ඒ භූමිය වෙනම පාලනය කිරීමට, භුක්ති විදීමට ඇති උරුමය, එසේත් නැතිනම් ඒ භූමිය අතීතයේ සිට පාලනය කිරීමෙන් ලත් උරුමය, හිමිකම හෝ එසේ පාලනයට සුදුසු යැ’යි ඒත්තු ගැන්වීමෙන් යම් භූමියක් පිළිබඳව අන්තජාතික සම්මුතියකින් පිළිගැනීම, ස්වාධිපත්‍යය හෙවත් ස්වාධිපති බලය වේ.

මේ සතර කරුණින් සමන්විත වූ විට රාජ්‍යයයක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනීම සිදු වේ. මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ අන්තර් ජාතික සම්මුතීන් අතර එකසත් ජාතීන්ගේ සංවිධානය රජ්‍යයයක් පිළිගැනීම ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය රජ්‍යයක් ලෙස සාමාජිකත්වය ලබා දීම පිළිබඳ එකසත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි 2 වැනි පරිච්ඡේදයෙහි 4 වැනි වගන්තියෙ දක්වා ඇත.
“Article 4
Membership in the United Nations is open to all other peace-loving states which accept the obligations contained in the present Charter and, in the judgment of the Organization, are able and willing to carry out these obligations.
The admission of any such state to membership in the United Nations will be effected by a decision of the General Assembly upon the recommendation of the Security Council.”

“4 වැනි වගන්තිය
එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, මෙම ප්‍රඥප්තියේ අඩංගු වගකීම් පිළිගන්නා සංවිධානයේ විනිශ්චය අනුව, මෙම වගකීම් ඉටු කිරීමට හැකි සහ කැමැත්තෙන් සිටින, සාමයට ආදරය කරන අනෙකුත් සියලු ම රාජ්‍යයන් සඳහා විවෘත වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා එවැනි ඕනෑම රාජ්‍යයක් ඇතුළත් කිරීම ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය මත මහා මණ්ඩලයේ තීරණයක් ,
මගින් සිදු කෙරේ.”

1.භූමිය, 2.ජනතාව. 3.ආණ්ඩුව සහ 4. ස්වාධිපත්‍ය යන සතර කරුණු ද සහිතව රාජ්‍යයයක් ලෙස පිළිගැනීමට සුදුසුකම් සපුරා ඇති විට කරන ඉලිමකින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජිකත්වය පිරිනමන්නේ ය. දේශසීමා නිර්ණය අවසන් නැතිව ද සමාජික බව ලබා දී ඇති අවස්ථා ඇත. පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත් (Yasser Arafat) 1989 දී පලස්තීන උපකල්පිත රාජ්‍යයේ නායකයා ලෙස යසර්අර්පත් පිළිගන්නා ලදී. පලස්තීනය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් වුව ද පලස්තීන් හා ඊශ්‍රායල් දෙරට අතර දේශ සීමා අවුල තව ම විසදී නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයක් වශයෙන් පිළිගෙන සමාජිකත්වය ලබා දීමෙන් පසු එකී රාජ්‍යයට, අනෙකුත් රාජ්‍යයයන් භුක්ති විදින සියලු අයිතිවාසිකම් භුක්ති විදීමේ හිමිකම් සැලසේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම, නීති, අණ පනත් සම්පාදනය කරීම, අධිකරණ බලය සහ අධිකරණ පිහිටු වීම, ඉඩම් පිළිබඳ සම්පූරණ බලය, යුධ, ගුවන්, නාවික යන හමුදා පිහිටු වීම, පොලිස් බලය ස්ථාපිත කිරීම, රාජ්‍ය තාන්ත්‍රිකව විදේශ රාජ්‍යවලින් සියලු ආකාර යුධ ආයුධ සහ යුද්ධෝපකරණ ලබා ගැනීම, මුදල් බලය, රාජ්‍ය භාණාඩාගාරය සහ බැංකු ඇති කිරීම, මුදල් ඒකකය පවත්වා ගැනීමේ බලය, මුදල් අච්චු ගැසීම, විදේශ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම සහ තානාපති සේවා පැවැත්වීම, වරායන් ඇති කිරීම හා පවත්වා ගැනීම, සිවිල් ගුවන් සේවා සහ ගුවන් තොටුපල බලය, ආගමන් විගමන බලය, විදෙශ වෙළඳාම, විදේශ සමඟ ගිවිසුම් වලට එළඹීම, ස්වකීය රාජ්‍යයට අයිති සාගරයේ හිමිකම ඇතුලු ස්වාධීන රාජ්‍යයයන්ට හිමි සියලු අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකම සැලසේ.

ශ්‍රී ලංකාවෙහි උතුරු නැගනහිර බෙදුම්වාදී ත්‍රස්තවාදයේ මූලික ම අරමුණ වූයේ වෙන ම රාජ්‍යයක් පිහිටු වීම ය. එහි පදනම වූයේ දෙමළ ජාතිකවාදී රාජ්‍යයක් ඇති කිරීම ය. ඒ සඳහා කොටි සංවිධානය ඇතුළු ආයුධ සංනද්ධ දෙමළ සංවිධාන ද දේශපාලනික වශයෙන් ඇතැම් ද්‍රවිඩ දේශපාලන පකෂ ද ක්‍රියා කළහ. යුධමය වශයෙන් පරාජය වූ කොටි සංවිධානය ඇතුළු අනෙකුත් සංනද්ධ කණ්ඩායම් සහ ඇතැම් ද්‍රවිඩ දේශපාලන පක්ෂ අදටත් ක්‍රියා කරනුයේ වෙන ම රාජ්‍යක් ඇතිකර ගැනීමේ අදහසින් වෙත්.

ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ අන්තර්ජාතික වශයෙන් සහාය ලබා ගෙන ස්වයං පාලන අයිතියක් ලබා ගැනීම ය. මේ ලිපිය ලියන මේ මොහත වනවිට ද ඔවුන් ඒ සඳහා ක්‍රියා කරමින් ඇත.

“මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.” (ලංකාදීප online 2023.02.07)
යනුවෙන් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් කුමක් කීව ත් මේ කටයුත්ත බලවත් බාධකයක් ඇත. ඒ බාධකය ඔවුන් නො දන්නවා නොවේ. ඒ බාධකය නැතිකර ඔවුන් ගැනීමට කරන උත්සාහය ද මහත් බව පෙනේ . සී. වී. විග්නේෂවරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුන පුනා කියන්නේ උතුරු පලාත දෙමළ ජනතාවගේ නිජබිම බව ය. ඇයි ඔවුන් එසේ කියන්නේ?

රජ්‍යයයක් අන්තර්ජාතිකව පිළිගැනීමට හේතු වන කරුණු හතරින් (4) ප්‍රබලත ම සහ ප්‍රධානත ම කරුණ වන්නේ ස්වාධිපත්‍ය හෙවත ස්වාධිපති බව ය. රාජ්‍යයයක් ලෙස ප්‍රකාශයට පත් කර ගනීමට අපේක්ෂිත භූමියේ හිමි කම, එකී භූමියට ඇති උරුමය ඒ භූමිය පාලන බලයෙන් දීර්ඝකාලීන උරුම කම හෙවත් ස්වාධිපත්‍ය පෙන්විය යුතු ය. ස්වාධිපත්‍ය බලය රාජ්‍යයක ජීවය වේ. රාජ්‍ය උරුමයේ අධ්‍යාත්මය ය.

මෙකී ස්වාධිපත්‍ය බලය තහවුරු කර, පෙන්විය යුතු ය. ස්වාධිපත්‍යය බලය එසේ පෙන්වීමට උතුරු නැගනහිර දෙපලාතේ කිසිදුබිම් කඩක් ඔවුන්ට නැත. ඔවුහු ඒ නැති බව ද නැති කර පෙන්වීමට නොයෙක් උපා යොදත්.

සී. වී . විග්නේෂවරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට උතුරු පලාත් හිටපු මහ ඇමති කල) කියා සිටියේ

“දුටුගැමුණු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..”
යනුවෙනි. අප ඔහුගේ කීම්වලට මහා වංශයෙන් පැහැදිළි ලෙස පිළිතුරු දී ඇත.
නැවත සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මහා වංශයේ 6 වෙනි පරිච්ඡේදයේ 36,37,38 ගාථා ද මහා වංශයේ 07 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි ගාථාව ද
මහාවංශයේ 09 වෙනි පරිච්ඡේදයේ 06, 07, 08, 09, 10, 11, 12,13,14,යන ගාථා අධ්‍යනය කිරීමෙන් සත්‍යාසත්‍යතාවය පැහැදිළි වනවා ඇත.

ඔප්පු කිරීමට නො හැකි ප්‍රකාශයන් බිඳ වැටෙන විට ඉක්බිතුව ඔවුන් කියා සිටින්නේ ලංකා භූමිය තුල දෙමළ ජනයා සිටි බවත් විජය කුමරු ඇතුළු පිරිසගේ ආගමනයත් සමඟ දෙමළ ජනයා විනාශ වූ බව ය.

මුලින් කීමට උත්සාහ කළේ විජය රජු, දේවානම්පියතිස්ස රජු සහ දුටු ගැමුණු රජු දෙමළ රජවරුන් බව ය. ඒ කියන්නේ මේ රජවරුන් දෙමළ බැවින් උතුරු නැගනහිර ඇතුළු ලංකාව ම පාලනය කළ බව ය. විශේෂයෙන් ම උතුරු සහ නැගනහිර පලාත් දෙමළ ජනයාගේ නිජ බිම යැ,යි ඔවුන්ගේ මතය සහ කීම බැවින් ඒ අනුව එහි දෙමළ රජෙකුගේ හෝ එසේත් නැතිනම් දෙමළ නායකයන් යටතේ පාලනය වූ රාජ්‍යයයක් තිබූ බව පිළිගැනීම ය.
එසේ නම් සී. වී. විග්නේෂවරන් මහතාගේ (එවකට මහ ඇමති) “දුටුගැමුණු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..” යන ප්‍රකාශයෙන් කියවෙන්නේ විජය රජු, දේවානම්පියතිස්ස රජු සහ දුටු ගැමුණු රජු දෙමළ බැවින් ඔහු කියන දෙමළ නිජ බිම් පාලනය කළ බවකි. මෙයින් පැහැදිලි ලෙස ම සී. වී. විග්නේෂවරන් මහතා කියා සිටින්නේ විජය රජුගේ පටන් දේවානම්පියතිස්ස රජුන් දක්වා පාලනය ත්, දේවානම්පිය තිස්ස රජුගේ පටන් (අසේල රජුගේ පාලන පැහැර ගත් සොළී පාලක එළාල රජුගේ කාලය ද ඇතුළු ව ක්‍රිපූ 205 – ක්‍රිපූ 161) දුටු ගැමුණු රජුගේ පාලන කාලය ත් දෙමළ නිජ බිම් යැයි කියන භූමි ප්‍රදේශ මෙ රජුන්ගේ රාජ්‍ය පාලනයට යටත් වූ බව ය.

විජය රජු, දේවානම්පිය තිස්ස රජු, දුටු ගැමුණු රජු යන රජවරුන්ගේ පාලනය රට එක් සේසතක් යටතේ පාලනය වූ බව සැබෑ ම ය. අසේල රජුගේ පාලන පැහැර ගත් සොළී පාලක එළාල රජුගේ කාලය හැර (ක්‍රිපූ 205 – ක්‍රිපූ 161) විජය රජුගේ පටන් දුටු ගැමුණු රජුගේ පාලනය ද මේ ලංකාදීපය එක් සේසතක් යටතේ පාලනය වූ බව මෙයින් අවිවාදිත ය.

මහා වංශයේ, විජය රජු දේවානම්පිය තිස්ස රජු, හා දුටු ගැමිණු රජු යන රජවරුන් සිංහල බව පැහැදිලි ව සනාථ කර තිබීම හේතුවෙන් සී වී විග්නේෂවරන් මහතාගේ එකී රජවරුන් දෙමළ රජවරු යැ’යි යන මතය බිද වැටින. ඊට පසු මහා වංශය නො පිළිගැනිමත් විජය රජු ලංකාවට පැමිණීමට පෙර ලංකා භූමිය ම දෙමළ නිජ බිමක් යන අදහස ප්‍රකාශ කරන්නට විය. මේ සියලු ප්‍රයත්නයන් කුමක් සඳහා ද? මේ රටේ දෙමළ ජනයාට ස්වාධිපත්‍ය ඇතැයි පෙන්නීමට ගන්නා උත්සාහයන් ය. දැනට උතුරු නැගනහිර තිබෙන පුරාවිද්‍යාත්මක ස්මාරක බෞද්ධ පුරාවස්තු එකින් එක විනාශ කිරීම කලක පටන් ක්‍රියත්මක කර ඇත්තේ මේ නිසාවෙනි. වසර 2300 අධික ඓතිහාසික කිලිවෙඩ්ඩි බෝධීන් වහන්සේ 1970 දසකයේ විනාශ කර දැමීම ද මෙම බෞද්ධ සිද්ධස්ථාන විනාශයේ එක් පියවරකි.

උතුරු නැගනහිර දෙපලාතේ ඇති දහස් ගණනින් වූ බෞද්ධ පුරාවස්තු වලට භිය වන්නේ ඇයි? අතීතයේ ඒ දෙපලාතේ වූ බෞද්ධ සිද්ධස්ථාන සමග වූ බෞද්ධයන් වූ ජනපද සිංහල ජනපද බව නිසාවෙනි.

මේ රට විජය කුමරු පැමිණීමට පෙර දෙමළ ජනයාගේ වාස භූමියැ’යි කීම එල්ලෙන්න වැලේ වැල් නැති කමින් දමා ගැසීමකි. පදනම් විරහිත කතා ගෙතීම ප්‍රමාණවත් නැත. හේතු ඇතිව කතා කළ යුතු ය.

මේ සියලු උපායන් ගොනු කරණුයේ දෙමළ ජනයාගේ නිජ බිම් සංකල්පය තුලින් ස්වාධිපත්‍ය ඇත යැයි පෙන්නීමට ය. 1989 දී පලස්තීන උපකල්පිත රාජ්‍යයක් ඇතිකර ගත් ලෙස, අවම වශයෙන් මුල් අදියරෙන්, “ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව” දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍ය මන්ත්‍රීවරයා කිය සිටිනුයේ නිකම්ම නොවේ.
නමුත් පල්ස්තීනයට ඒ භූමිය සම්බන්ධව ස්වාධිපත්‍යයයේ බලය සත්‍ය ලෙසම තිබුණි. දේශසීමා නිර්ණය කිරීම පසුවට තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන ජනතාවට ඇහුම්කම් දුන්නේ සාධාරණ හේතු මත ය. එම ක්‍රම වේදය උතුරු නැගනහිර නිජබිම් සංකල්පය දක්වා ස්වාධිපත්‍ය සනාථ කිරීමට උත්සාහ කිරීම නිරර්ථක ව්‍යායාමයක් බව කිව යුතු ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා විසින් කරන ලද ප්‍රකාශයන්ට අපි විසින් දැක්වූ අදහස් (ලිපි දෙකක්) මෙය කියවන සැමගේ දැන ගැනීම සඳහා මෙහි නැවත ගෙන හැර දක්වමු.

(මතු සම්බන්ධයි)

දුටුගැමුණු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් නොවන
බවමහාවංශය නිශ්චිතවම කිය යි.
ආරියතිලක 2019.05.02

“දුටුගැමුණු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..”
යනුවෙන් උතුරේ හිටපු මහ ඇමැතිවරුන් සී.වී.විග්නේෂ්වරන් විසින් කර ඇති ප්‍රකාශය පදනම් විරහිත හිතලුවක් (පල් හෑල්ලක්) බව කිව යුතු ය. සිංහල රාජාවලියේ පණ්ඩු වාසුදේව රජුගේ අග්‍ර මහේසී භද්ද්කච්චායනා දේවියගේ සොහොයුරා දීඝායු කුමරු ය. ඔහුගේ පුත් දීඝගාමිණී කුමරුගේ පුතා පණ්ඩුකාභය රජු ය. එතුමාගේ පුත් මුටසීව ය. මුටසීව රජුගේ ගේ පුත් දේවානම් පියතිස්ස ය. දේවානම්පියතිස්ස රජුගේ සහෝදර මහානාග යුවරජුගේ අවිච්ඡින්න ලේ පරම්පරාවෙන් දුටුගැමුණු රජු වැවත ඒ. පණ්ඩු වාසුදේව රජු, විජය රජුගේ සොයුරු (පසුව රජ වූ) සුමිත්‍ර කුමරගේ බාල පුත් කුමරු ය.
විජය රාජ පරපුර ද්‍රවිඩ නොවේ.

මහා වංශයේ 6 වන පරිච්ඡේදයේ(36)
“ ලාළරට්ටෙ පුරෙ තස්මිං, සිංහබාහු නරාධිපො-
රජ්ජං කාරෙසි කත්වාන,
මහේසිං සිංහසීවලී~

(37)මහෙසිං සොළක්ඛ්ත්තුං, යමකෙ ච දුවෙ දුවෙ-
පුත්තෙ ජනයි කාලෙසා,
විජයො නාම ජෙට්ඨකො~

(38)සුමිත්තො නාම දුතියො, සබ්බෙ ද්වත්තිංස පුත්තකා-
කාලෙන විජයං රාජා, උපරජ්ජෙන’භි සෙචයි~ යනුවෙන් දක්වා ඇත

.
විජය කුමරු ලාළරට සිංහබාහු රජුගේ පුත් වන අතර ලාළරට ද්‍රවිඩ නොවන බව කිව යුතුය. මහා වංශය ලාළරට රාජ වංශය ද්‍රවිඩ නොවන බවට සාක්ෂි වන අතර හිටපු මහඇමති විග්නේෂ්වරන් හිතළු මතින් ජාතිවාදී සිහිනයක් දකින බව කිවයුතුය. විග්නේෂ්වරන්, “මහා වංශයේ සිංහල ගැන කිසිම සදහනක් නෑ” යනුවෙන් කියන්නේ මහා වංශය කියවා නොවන බව කිව යුතු ය.

මහා වංශයේ 7වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි “සිංහබාහු නරින්දො සො, සීහමාන්දිනවා ඉති-
සීහළො තෙන සම්බන්ධා,
එතෙ සබ්බෙපි සීහළා~
යන්වෙන් පැහැදිලි දක්වා ඇත.

ඉහත ගාථවෙන් සිංහබාහු රජුගෙන් පැවත් එන සීහළ (සිංහල) සම්බන්ධය හේතුවෙ ඒ සියල්ලෝම (සියලු පරපුර ම) සීහළ වන බව ය.
විජය රජුගේ, සහෝදර සුමිත්‍ර (රජු) කුමරුගේ බාල පුතනු පණ්ඩුවාසුදේව රජුගේ අග්‍රමහේසී භද්ද්කච්චායනා කුමරියගේ සොහොයුරු දීඝායු කුමරුගේ පුතු වන්නේ දීඝගාමිණී කුමරු ය. (මහාවංශයේ නව(09) වෙනි පරිච්ඡේදයේ 06, 07, 08, 09, 10, 11, 12, 14, යන ගාථාවල මෙකී ප්‍රවෘතිය සඳහන් වේ.)
ඔහුගේ පුත් පණ්ඩුකාභය රජුගෙන් පැවැතෙන දේවානම්පියතිස්ස රජුන් හා දුටුගැමුණු රජුන් සිංහල බව මහාවංසය අනුව අවිවාදිත ය.

භද්ද්කච්චායනා කුමරිය බුදු රජුන්ගේ පියානන් සුද්ධෝදන මහ රජතුමගේ සහෝදර අමිතෝදන රජතුමගේ පුත් පණ්ඩු ශාක්‍ය රජුගේ ශාක්‍ය වංශික කුමරියක් බව මහා වංශයේ 8 වන පරිච්ඡේදයේ 18,19,20 ගාථා වලින් කිය වේ.

…………………………
ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්
September 25, 2019

ආරියතිලක
2019.09.25

උතුරු පලාතේ හිටපු මහ ඇමති සී. වී විග්නේෂ්වරන්, හැකි නම් උතුර දෙමළ නිජබිමක් ලෙස අතීත සාධක ඔප්පු කර පෙන්වන ලෙස අපි ඔහුට අභියෝග කරමු.

පසු ගිය දිනක සිංහල (ජතිය) කියා මහා වංශයේ කිසිදු තැනක නැත යනුවෙන් පට්ට පල් බොරුවක් දෙසා ජනතාව මුලාවට පත් කිරීමට උත්සාහ කළා.. අප එයට මහා වංශයෙන් පිළිතුරු දී ඇත. සී වී විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා ඊටත් වඩා ලොකු බොරුවක් ගොතා ඇත. ලංකා ඉතිහාසයේ අඛණ්ඩ රාජාවලියක් ඇති රටක් වන අතර දකුණු ඉන්දීය ආක්‍රමණමණික පාලකයන් ඇතැම් අවස්ථා කීපයක් බලහත්කාරකමෙන් මේ රට පාලනය කර ඇත. ඒ හේතුව උතුර නිජබිමක ලෙස කීම හොර බඩු ලග තබා ගත් පුද්ගලයා ම එම හොර බඩු වල අයිතිවාසිකම් කීම වැනි ය.

උතුර දෙමළ නිජබිමක් යනුවෙන් කීමට කිසිදු සාධක නැත. මහා වංශය, සෙල් ලිපි, ගිරිලිපි ,ටැං ලිපි, පුවරු ලිපි, හෝ කිසිදු පුරා විද්‍යත්මක සා සාධක නැත, ද්‍රවිඩ ආක්‍රමණමණික පාලන කාලයේ ඇතිකර පුරාවිද්‍යාත්මක නිර්මාණ ඇති මුත් ඒ කිසිවක් නිජබිම්
සංකල්පයට ඈදා ගත නො හැක.

ලෝක ඉතිහාසයේ උතුර දෙමළ නිජබිමක් වශයෙන් පිළිගැනීම් හෝ උතුර නිජබිම් ජනාවස ඇති වූ පිළිබඳ සදනක් හෝ අව ම වශයෙන් ඉන්දීය රාජ්‍ය පාලන ඉතිහාසයේ තත්කාලීන අසල්වැසි ලංකා රාජ්‍යයේ දෙමළ නිජබිමක හෝ දෙමළ නිජබිම් රාජ්‍යයක් තිබූ බවට සදහනක් නැත.