Fri. Jul 5th, 2024
Spread the News

ආරියතිලක
2023.12.20

Premium Vector | Ngo or nongovernmental organization to serve specific  social in template hand drawn illustration

එවන ලද ලිපිය සම්බන්ධව,

එහි අන්තර් ගතයෙන් උපුටා ගත් පහත වැකිය
”accusing patriots as racists and secretly backing the opposition for conquering motherland away.”

යන්න අවධානයට යොමු කරමු.

අප පුද්ගලිකව දැනට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යූහයට සහ පාලන බලය ලබා ගන්නා ආකාරයට අකමැති වුවත් දැනට රාජ්‍ය පාලනයට ඇති නෛතික බලය රැදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත ය. අප සිටින ස්ථාවරය මනෝ මූලික ස්ථාවරයක පමණක් නොව සත්‍ය වශයෙන් ම ක්‍රියාවේ යෙදවිය හැකි පරමාදර්ශය වශයෙන් සලකන ලංකා භූමියේ පාලන රාජාවලියේ ශ්‍රේෂ්ට පාලක දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන්ගේ පාලන ව්‍යූහය මත ය. වත්මනෙහි ඉතා සංකීර්ණ වූ සමාජ සංදර්භය ඇතුලත පරමාදර්ශයන් සම්පූරණ ක්‍රියාත්මක කර ගැනීමට ඉඩක් නැති වුව ද අප පරමාදර්ශයෙහි කෙරෙහි සිත පිහිටා සිටිය යුතුම ය. එයින් බැහැර වීම ම අවිධිමත් මගට ප්‍රවිෂ්ට වීම ය.

තථාගත බුදුරදුන් විසින් අනුදැන වදාළ රාජ්‍ය පාලනය පදනම් වී ඇත්තේ සතර සංග්‍රහ වස්තු මත ය. රාජ්‍ය පාලනය, එය මැනවින් අනුදැන වදාළ සූත්‍රය නම් දීඝ නිකායේ කූටදන්ත සූත්‍රය ය. ලෝකයේ රාජ්‍ය පාලන පරාමාදර්ශය සක්විති රාජ්‍ය ය. සක්විති රාජ්‍යයෙන් පාලනය නැති සැම විටම කූටදන්ත සූත්‍රය පරමාදර්ශයට කර ගත යුතු ය. අප බුදු රදුන්ගේ ශ්‍රාවකයන් නම් මේ පරමාදර්ශවලින් බැහැර රාජ්‍ය පාලනයක් සිතීමට ඉඩක් නැත.
ලංකා භූමියේ රාජ්‍යපාලනයට පුද්ගලයෙක් වශයෙන් පර්මාදර්ශ පාලකයා ලෙස, දේවානම් පියතිස්ස නිරිඳුන් අප සලකන්නේ, කූටදන්ත සූත්‍රයේ දේශිත පරමාදර්ශ ක්‍රියාත්මක කළ බැවිනි. එතුමානෝ එය ආර්ය භූමිය දක්වා ක්‍රියාත්මක කළහ.

ලංකා භූමිය වෙනත් ආකාර පාලනයකට අයිතිවාසිකම් නැති වුවද හීනාධිමුත්තක පුද්ගලයන් විසින් රාජ්‍ය පාලන බලයෙන් රැකවරණය ලබමින් පඤ්ච දුෂ්චරිතය දියත් කරනු ලැබේ. ඒ හීනාධිමුත්තක පුද්ගලයන් රැකවරණයට ගත් නෛතික බලය වෙනස් කළ යුතු වුව ද එය අවිචාරවත් ලෙස ක්‍රියා කළ හොත් තිබෙන තත්වයට වඩා බරපතල ප්‍රතිවිපාක සමාජයට අත් වීදීමට ඉඩ ඇත. පවතින නීති රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නෛතික පාලන ව්‍යූහයන් පරමාදර්ශයන්ට පටහැනි නම් එය වෙනස් කළ යුත්තේ, පඤච දුෂ්චරිතය වෙලා ගත්, ජාතිය සහ ආගම නාමයෙන් පෙනී සිටිමින්, පවතින අර්බුදකාරී අධ්‍යාත්මික බිඳවැටීම වළකා ලීමට උත්සාහ කිරීම නොකරන, රාජ්‍ය පාලන නෛතිකභාවයෙන් රැකවරණය සලසා ගත් පුද්ගලයන් බලයට පත් කිරමින් නොවේ.

accusing patriots as racists and secretly backing the opposition for conquering motherland away.

ඉහත වැකියට අනුව
පවතින නෛතික බලයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ව්‍යවස්ථාදායකයෙහි (පාර්ලිමේන්තුව), විපක්ෂ දේශපාලන පක්ෂය හෝ පක්ෂ සංධානය නීති ගතය. එය ද පරමාධිපත්‍ය බලය ය. කුමන පක්ෂයක් විපක්ෂයේ සිටිය ද ආණ්ඩු බලය ගැනීමට දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව විපක්ෂ්‍යට හිමිකම ඇත.

වත්මන් දේශපාලනයෙහි අඩු වැඩි වශයෙන් විදේශ න්‍යාය පත්‍ර නැතිවා නොවේ. ආණ්ඩු කරවන හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලට විදේශ සම්බන්ධතා සහ උපකාර ලැබීම වත්මන් දේශපාලනයේ ස්වරූපය ය. උදාහණයක් ලෙස, ණය සහ ආයෝජන වශයෙන් චීනය ලංකාවේ මුදල් යොදවා ඇත. චීනය කිසි ලෙසකින් අපට අවශ්‍ය රාජ්‍යපාලනයකට උපකාර කරන්නේ නැත. අනාගතයේ ලංකා භූමියේ ඔවුන්ගේ ආයෝජන ප්‍රතිලාභ සඳහා දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපකාර කරන්නේ ආණ්ඩු කරවන පක්ෂය නම්, ඔවුන් ආණ්ඩු කරවන පක්ෂයට උපකාර කරනවා ඇත. ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඉවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට වැඩි වාසි සහගත ද විපක්ෂයට ආණ්ඩු කිරීමට උපකාර කරනවා ඇත. මෙය කිසිලෙසකින් ඔවුන් වෙනස් කරන්නේ නැත. රටේ වැසියාට අධ්‍යාත්මක බලයක් නැත් නම් කළ හැකි
දෙයක් නැත. බලයට පත් වන ආණ්ඩු කරවන පක්ෂය ආයෝජන සහ ණය ලබා දෙන චීනයේ අත උඩ නැටවෙනවා ඇත. නැති නම් නට නටා චීනයේ ඔඩොක්කු කුක්කෙක් වනවා ඇත.

ඉන්දියාව ද ලංකා දේශපාලනයට ආණ්ඩු කරවන පක්ෂයට උපකාර කරයි. ඒ ඔවුන්ගේ ආයෝජන සහ කලාපීය බලවත් බව ආරක්ෂා කර ගැනීමට ය. සහ කදුරට ඉන්දියන් දෙමළ ජනතාවට ඉඩම් බලය දේශපාලන බලය, ලබාදීම සඳහා ය. සෑම ලෙසකින්ම බූ වල්ලෙක් ලෙස ඉන්දිය බලය ලංකා දේශපාලනය වෙලා ගනිමින් සිටී.

පසු ගිය කාලයේ (වර්ෂය මතක නැත. මෑත කාලයේ ) ලංකාව ඇමරිකා එකසත් ජනපදය සමඟ යුධ අභ්‍යාසයක් සැළසුම් කර තිබිණි. නාවික ‍යුධ අභ්‍යාසයක්. එම යුධ අභ්‍යාසය පවත් වීමට ඉන්දියාව කැමැති වූයේ නැත. එම යුධ අභ්‍යාසය ආරම්භ කිරීමට පෙර ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිව ඇමරිකානු රජයට ලංකාව සමඟ කරන යුධ අභ්‍යාසයට විරෝධය පළ කළේය. අවසානයේ ඉන්දියානු විරෝධය නො සලකා සිටීමට, ඇමරිකානු රජයට නොහැකි විය. එකී යුධ අභ්‍යාසය ඇමරිකා එකසත් ජනපදය විසින් අත් හැර දැමන ලදී.

මෙයට හේතුව ආණ්ඩු කරන ලද සියලු පක්ෂ චීනයේ සහ ඉන්දියාවේ ඉඩොක්කු කුක්කන් ලෙස ගැති වීම ය. මේ එකදු දේශපාලන පක්ෂයකටවත් අභිමානයක් නැත. ඔවුන් සැම කළේ තථාගත බුදුරදුන්ට බලවත් හතුරු කම් ය. තම පක්ෂය උපාදාන කර ජනතාව සැදුවා මිස සම්බුදු සසුනට ජනතාව පෙළ ගැස්සුවේ නැත. දැනුදු කරන්නේ ඒ පව්කාර නොහොඹිනා කමය. තම පක්ෂයට කුමක් හෝ කුජීත හෑල්ලක් තේමාවට දමා සම්බුදු සසුනෙන් ජනතාව ඈත් කිරීම ය. මෙම පාප කර්මයේ විපාකයෙන් මේ කවුරුත් මිදෙන්නේ නැත.

දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් භූමියේ හිමිකම ද ඒ පක්ෂයට හිමි වන්නේ නැත.

සියලු දේශපාලන පක්ෂ විසින් අඩු වැඩි වශයෙන් කළේ එංගලන්ත (මහා බිතාන්‍ය) කිරීටයට ගැතිකම් කරමින් රටට ණය සහ ආයෝජන වැඩිපුර කරන රටවල කකුල් ලෙවකෑම ය.

එසේත් නැති නම් මාක්ස් ලෙනින් වාදය ගරු කරමින් සෝවියට් රාජ්‍යට (අද රුසියාවට) ගැති කම් කරමින් ලංකාවාසී ජනතාව මාක්වාදයේ ගොදුරක් බවට පත් කිරීම ය.

දැනට ආණ්ඩු කරන කරවන සහ විපක්ෂ‍යෙහි ඇති පක්ෂ ද මෙයින් නොමිදෙනවා ඇත.

මොවුන් සියල්ල ලංකා භූමියට ණය ගෙවිය යුතු ය. හෙවත් බුදු රදුන්ට හිමි භූමියට අපරාධ කළ සම්බුද්ධ ශාසන ණය කරුවෝ ය. මොවුන් පසුපස යන අයද ශාසන ණය කරුවන් බවට පත් වනවා ඇත.


: රාජ්‍ය නොවන සංවිධානවලට ජාත්‍යන්තර නීතිය යටතේ කිසිදු නෛතික තත්ත්වයක් ලබා නොදේ යන පණිවිඩයට දුන් පිළිතුරක්