Fri. Jul 5th, 2024
Spread the News

රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌ ඇමැති රිෂාඩ්ට පවරයි

දයාට හා සාගලට එක බැගින්

රනිල් ධර්මසේන

නව කැබිනට්‌ අමාත්‍යවරුන්ට අයත් විෂයයන් හා රාජ්‍ය ආයතන පැවරීමේදී වැඩිම ආයතන ප්‍රමාණයක්‌ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට හිමිව ඇති අතර තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එක්‌ රාජ්‍ය ආයතනය බැගින් පවරා දී තිබේ.

ඇමැතිවරුන්ගේ විෂයයන් බෙදීමේ ගැසට්‌ නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌ පවරා ඇත.

ලංකා සතොස, සළුසල, වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා සීනි සමාගම ද එම අමාත්‍යාංශයට අයත්ය. ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් දක්‍ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට ගාලු උරුමය පදනම යන ආයතන පමණක්‌ පවරා තිබීම විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්‍ෂක අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන 14 ක්‌ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 17 ක්‌ ද හිමිව ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ආයතන 20 ක්‌ හිමිව ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ මෙතෙක්‌ පැවැති සියලු රජයේ බැංකු හා එහි පාලිත සමාගම් ද ඒ ආශ්‍රිත ආයතන ද මෙවර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට පවරා ඇත. රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම්, මහා භාණ්‌ඩාගාරය ඇතුළු ආයතන 26 ක්‌ මුදල් ඇමැතිවරයාට පවරා තිබේ.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව හා එහි පාලිත සමාගම් ද තවත් අමාත්‍යාංශ කිහිපයක තිබූ රාජ්‍ය වැවිලි සංස්‌ථාව, ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය, ශ්‍රී ලංකන් එයාර් ලයින්, කුරුණෑගල, හලාවත, ගල්ඔය වැවිලි සමාගම්, කජු සංස්‌ථාව හා මිහින් ලංකා ආයතනය ඇමැති කබීර් හෂීම් මහතාට පවරා ඇත.

පසුගිය ඇමැති මණ්‌ඩලයේ ඇමැති රාවුµa හකීම් මහතා යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරිය මෙවර ඇමැති චම්පික රණවක මහතාට ලබා දී තිබේ. හකීම් ඇමැතිවරයාට ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ලබා දී ඇත. ඇමැති චම්පික රණවක මහතාට ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව ඇතුළු ආයතන 03 ක්‌ ලබා දී තිබේ.

සංස්‌කෘතික අමාත්‍යාංශය සතුව පැවැති මධ්‍යම සංස්‌කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර්හෝල් පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය, ජාතික කලා මණ්‌ඩලය, අපේ ගම, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්‌ථානය මෙවර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට පවරා තිබීම විශේෂත්වයකි.

ඉඩම් අමාත්‍යාංශයට අයත් විෂයයක්‌ නොවූ කන්තලේ සීනි සමාගම මෙවර ඉඩම් ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාට ලබා දී ඇති අතරම රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය ඇමැති මනෝ ගනේෂන් මහතාට පවරා තිබීම තවත් විශේෂත්වයකි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන ඇමැති ලෙස ගැසට්‌ පත්‍රයේ නම් කර ඇති අමාත්‍යාංශයට කිසිදු විෂයක්‌ පවරා නොමැත.

මීට පෙර ඇමැති මණ්‌ඩලයේ විදේශ ඇමැතිට පවරා තිබූ ටෙලිකොම්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව හා තොරතුරු තාක්‍ෂණ උද්‍යාන මෙවර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට පවරා ඇත. දිවිනැඟුම, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය ඇතුළු ආයතන රැසක්‌ ඇමැති එස්‌. බී. දිසානායක මහතාට ලබා දී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැති වීS අලෙවි මණ්‌ඩලය මෙවර ග්‍රාමීය කර්මාන්ත ඇමැති පී. හැරිසන් මහතාට පවරා ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය හා මහපොළ අරමුදල සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට පවරා ඇත.

_____________________________________________________________________________________

අපේ අදහස :

වෙළ හෙළදාමට දක්ෂ අයට සිරිසේන සලකයි..