Mon. Jul 8th, 2024
Spread the News

රනිල්-සරත් දෙවියන් හමුවේ…

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙෆdන්සේකා මහතාගේ මෙම ඡායාරූපය කැමරාවට හසුවූයේ කඩුවෙල ඓතිහාසික රංකඩු පත්තිනි දේවාලයේදීය.

එහි වාර්ෂික ඇසළ පූජා මංගල්‍යය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අතර දිය කැපීමේ මංගල්‍යය ඊයේ (24 දා) හිමිදිරියේ කැලණි ගඟබඩදී සිදුවිය.

දෙවොල්මඩු මංගල්‍යය හා ගිනිමඩු උළෙල ලබන 30 – 31 දිනවල පැවැත්වීමට නියමිතය. සති දෙකක්‌ පුරා දිනපතා වීදි සංචාරය කළ පෙරහැර අවසන් දින රාත්‍රි (24 දා) පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන කුලරත්න විඡේතුංග මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ දේව පූජාව පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, කඩුවෙල ආසන සංවිධායක ප්‍රියන්ත පත්බේරිය, නාගරික මන්ත්‍රී විචිත්‍ර විඡේතුංග, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්‌කු යන මහත්වරු ද මේ අවස්‌ථාවට එක්‌ වී සිටියහ.

ඡායා- පියදාස රණසිංහ