Wed. Jul 3rd, 2024
Spread the News

මම මේ වෙලාවෙ ඉන්නේ අබුඩාබි ගුවන්තොටුපොළේ.

සූරිච් බලාපිටත් වෙන ගුවන් යාන‍ය එනතුරු පැය හයක් බලා සිටිනවා.

වාඩිවී ඉන්න අතරේ අපේ රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක් තැබුවා.
මේගොල්ලොම තමයි කලින් හිටපු හොරුන්ටත් පිරිත් නූල් බැඳලා ආශිර්වාද කරලා ආරක්ෂා කළේ.
මේක ආශිර්වාදයක් නොවෙයි සාපයක්.

ජවිපෙ නායකත්වය තනිකරම බෞද්ධ විරෝධීයි.
“ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා.
මහින්දලා රනිල්ලා කියලා වෙනසක් නෑ වගේම මල්වතු අස්ගිරි කියල වෙනසකුත් නැහැ.

15 සියවසේ කතෝලික පල්ලියත් මීට සමාන තක්කඩි වැඩක් කළා.

ඕනෑම අපරාධයක් කරලා පල්ලියට ගානක් දුන්නහම පාපයෙන් මිදෙනවා කියා වතිකානුව කිව්වා.
ඊට විරුද්ධව ගිය ප්‍රාග් විශ්ව විද්‍යාලයේ දේව ධර්ම මහාචාර්ය, කතෝලික රදගුරු Jan Hus ව දකුණු ජර්මනියේ Konstanz නගරයේදී පණපිටින් පුළුස්සා මරා දමනු ලැබුවා.

ඉතාමත් බුද්ධිමත් පුද්ගලයකුවූ රෝහණ විජේවීරව පණ පිටින් පුළුස්සා දැමුවේත් සත්‍ය කතා කළ නිසයි.
ඒ පක්ෂය කුලියට ගත් අය
බොරු කියමින් ජනතාව රවටමින් අපරාධකාරී ධනේශ්වර පන්තියට ආවඩමින් බලයට ඒමේ අරමුණින් ජඩ දේශපාලනයක යෙදී සිටිනවා.
ශ්‍රී ලංකාවේ ජනතාවට තව බොහෝ කල් පව් ගෙවන්න සිදුවේවි.

-තෙවැනි ඇස-
20.01.2024