Mon. Jul 8th, 2024
Spread the News

තවත් මිත්‍ර පුවත් පතක් හඳුන්වා දීම

සිංහල අවුරුද්දේ සිංහලයා වෙනුවෙන්ම හා ඔවුන්ගේ අභිවෘද්ධිය සාර්ථකත්වය සහ ඔවුන්ගේ සංස්කෘතික අභිමානය ප්‍රවර්ධනය කරගෙන ලොව වෙනත් ජාතීන් ඉදිරියේ අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය දැක්ම සහිතව මෑත කාලයේ ජාතියේ බිහිදොර මත තබා ඇති එකම පුවත්පත රත්න දීප පුවත්පතය.

ඔබගේ නිවස, ඔබගේ බලාපොරොත්තු, ඔබගේ වටපිටාව,ඔබගේ පරිසරය,ආගම දහම හා රට දැය සමය ගැන ඔබ නොදත් බොහෝ කරුණු මෙම පුවත් පතේ සඳහන් වන්නේය. ජාත්‍යාලයෙන් යුතුව සතර බ්‍රහ්ම විවරණ වඩා ගන්නා ආකාරය ද විශ්ව ජගත් දීශ්වරයානම් වහන්සේගේ අසීමිත ගුණ කදම්බය සරණ යමින් විශ්වයේ පවතින අමිල නිර්මල උතුම්ම ත්‍රිවිධ රත්නය වන බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ යෑම, මහාබලැති සප්ත මහා හෙළ අවරුදු ප්‍රතිඥාව , මහා බලැති සප්ත තෙරුවන් වන්දනාවද නිසියාකාරව දිනපතා කරගන්නාකාරය පුවත්පතේ සටහන් වේ.

ඔබගේ දූ දරුවන් උදෙසා පහසුවෙන් කියවා ගත හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මෙම පුවත්පත සකසා ඇත. තවද ඇන් ඩ්‍රෝයිඩ් ජංගම පරිපථයක් මාර්ගයෙන් දවසේ කාල හොර හතකට තෙරුවන්ගේ උතුම් ගුණ සිහි කිරීම හා සැබවමට මනා අධිෂ්ඨානශීලිව ගිහි ගෙයි ඇති සියලුම අපේක්ෂා සාර්ථක කරගන්නේ කෙසේද යන්න වග මෙම පුවත් පතේ සදහන් වේ.

රත්න දීප පුවත්පතින් කියවා එහි තිබෙන ධනාත්මක එක් කරුණක් හෝ ඔබේ ජීවිතයට උකහා ගන්නා මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි තෙරුවන් සරණයි.

සිංහලේ දිනපොත මාධ්‍ය ඒකකය