Fri. Jul 5th, 2024
Spread the News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැති ලෙස එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් ආකාරය සහ එම උත්සවයට සහභාගීවු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අගමැතිවරයාට සිය සුබපැතුම් පළකළ ආකාරය. ඡායාරූප- සුදත් සිල්වා

රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ
අගමැතිගෙන් ජනපතිට දිවුරුම් ප්‍රකාශයක්‌

අකිත පෙරේරා
මෙරට තුළ වෙනම රාජ්‍යයක්‌ ඇති කිරීම සඳහා තමන් සෘජුව හෝ වක්‍රව ඉඩ ලබා නොදෙන බවට නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිවුරුම් ප්‍රකාශයක්‌ද ලබා දෙමින් ඒ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ධුරයෙහි වැඩ භාර ගැනීමට අමතරව ඊයේ (21 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළේය. ඒ අනුව අභිනව අගමැති  රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සහ නීතියට අනුකූලව අවංකව කටයුතු කරන බවටද, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂාකොට අනුගමනය කරන බවටද දිවුරුම් දී අගමැති ධුරයෙහි වැඩ භාරගත් අතර ඉන්පසුව ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් රට තුළ හෝ ඉන් පිටත දී ආධාර අනුබලදීම, අනුග්‍රහය දැක්‌වීම හෝ මුදල් යෙදවීම නොකරන බවටද දිවුරුමක්‌ ලබාදීම සුවිශේෂී කාරණයක්‌ විය.

[youtube https://www.youtube.com/watch?v=9p146VwwiK0&w=420&h=315]