Fri. Jul 5th, 2024
Spread the News

ජනමාධ්‍ය අමාත්‍යංශය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට ආරක්ෂාව පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සජ්්ඣායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබෙන අතර එවන් පසුබිමක් තුළ කොරෝනා වයිරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඣායනා කිරීම සිදුකෙරේ.