Fri. Jul 5th, 2024
Spread the News
LTTE Carder Prabakaran
United Nations Logo

ආරියතිලක
2023.05.01

ඇමරිකාව විසින් මෙරට හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතාට හා ඔහුගේ පවුලේ සමාජිකයන්ට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළ කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර ඇත.


AK47 ගිනි අවිය නිපදවනුයේ රුසියාව ය.
T56 අවිය නිපදවනුයේ චීනය ය.
මේ අවි දෙක LTTE (කොටි) සංවිධානයට, ලංකා රජයට එරෙහිව සටන් කිරීමට ලැබුණේ කෙසේ ද?
අවි නිපදවන රටවල් රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් යුතු ව විදේශ අමාත්‍යංශ මගින් අන් රටවලට අවි අයුධ සැපයීමෙන් තොරව, ත්‍රස්ත කල්ලි අතට තම රටේ නිපදවන අවි ආයුධ පත් වන්නේ නම් එය බලවත් අපරාධයක් වන්නේ ය. ඒ අවි ආයුධ ත්‍රස්ත කල්ලි පවතින රටේ නීත්‍යානුකූල රජයට එරෙහිව ඒ ලබා ගත් ආයුධ භාවිතා කොට මනුෂ්‍ය ඝාතන, දේපොල විනාශ කිරීම් කරත්. රජ්‍ය ආරක්ෂක අංශ වලට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරත්. ඒ සටන් මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කරන විට මානව හිමි කම් චෝදනා වෙනත් රාජ්‍යවලින් එල්ල කරන විට රුසියාව සහ චීනය ඉදිරිපත් වී ඔවුන්ට හිමි නිශේධ බලය පාවිච්චි කොට ලංකාවට පක්ෂව ක්‍රියා කරත්.
එවැනි අවස්ථාවල ලංකාවාසී ජනතාවට රුසියාව දෙවියෙක් ලෙස පෙනීම අරුමයක් නො වේ. චීනය ද ලංකාවට එරෙහි ව මානවහි හිමිකම් චෝදනා, ජගත් සමුළුවට වෙනත් රටවලින් ඉදිරි පත් කළ විට, ලංකාව වෙනුවෙන් මිත්‍රශීලී ව පෙනී සිට ඇත.


තම රටේ නිපදවන අවි ආයුධ ඒ රටවල මධ්‍ය රජයේ ආරක්ෂාව භාර කොමිටිවලින් අනුමත නො කර එළියට ඒමට ඉඩක් නැත. අවි නිපදවන රටවල් අවි ආයුධ සම්බන්ධව අනුගමනය කරන ආරක්ෂිත භාවය ඉක්මවා හොර පරෙන් රජයට වහන් වී අවිජාවාරම් කාර පාර්ශවයන් අතට අවි අයුධ ලැබීමට ඉඩක් නැත. අවි නිපදවන රටවල රාජ්‍ය බුද්ධි අංශ අවි ගනු දෙනු පිළිබඳව ඉහළ අවධානයකින් පසු වේ. රජයේ අනුමැතියෙන් තොරව, අවි ආයුධ අනීතික ව එළියට එනවානම් එයට ද වගකිව යුතු වන්නේ ඒ අවි අයිති රටේ රජය ය. එය අන්තර් ජාතික ව අන් රටවල සාමයට බාධා පිණිස පවතින බැවින් එය බලවත් ලෙස මානව හිමිකම් උල්ලඝනය කිරීමක් වේ. ඒ අවි ආයුධ පත් වන ත්‍රස්ත කල්ලි සිටින, රාජ්‍යය සහ එරට ජනතාව නො සලකා හැරීමක් ද වේ.


මානව නිදහස, ජීවිත සුරක්ෂිතතාවය නො සලකා හැරීමකි. ලේ වැගිරීම් මෙන් ම අන් රාජ්‍යවල කැරළි කෝලාහලවලට එය අනුබල දීමකි.


ලෝකයේ අවි නිපදවන රටවල් අවි ආයුධ නිසා අද යුධමය වශයෙන් බලවත් වී ඇත. එය අද ලෝක රාජ්‍ය භූමිකාවේ පවතින එක් බලයක් වේ


මේ අවි නිපදවන රටවල් සියල්ල (උතුරු කොරියාව හැර) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරමින් තම රටේ නිෂ්පාදිත අවි රාජ්‍යතාන්ත්‍රික බවින් ඔබ්බට ගොස් කුමන අරමුණක ඇතිව හෝ වෙනත් පුද්ගලයන් අතට හෝ ත්‍රස්ත කල්ලි අතට පත් වීමට කටයුතු සළසමින් සහ එසේ ක්‍රියා කර ඒ අවි අයුධ භාවිතා කර පවතින නීත්‍යානුකූල රාජ්‍යයට එරෙහිව දියත් කරන ප්‍රහාර මර්දනය කළ විට මානව හිමිකම් ගැන කතා කරන්නේ සැබෑවට ම පීඩාවට පත් වන මනුෂ්‍යයන්ට වන කරදර, බාධක ,ලේ වැගිරීම්, අඩම්තේට්ටම්, ලේ කදුලු ගැන සිතේ අනුකම්පාවෙන් ද යන්න විමසිය යුතු ය.
සැබෑ මානව දයාව ඇති ව කරන, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, සියලු රාජ්‍ය සහ සංවිධාන මේ ගැන සොයා බැලීමට ක්‍රියා කර තිබේ ද? ලෝකයේ අවි නිපදවන රට වලින් නීත්‍යානුකූල බවින් තොර ව අන් අයට අවි ආයුධ ලබා නො දෙනවා නම් ත්‍රස්ත කල්ලිවලට සටන් කිරීමට, අනුන්ට පහර දීමට, දේපොල විනාශ කිරීමට, අවස්ථාව නො ලැබෙත්. රාජ්‍යයන්ට එරෙහිව ආයුධ සංනද්ධ කැරලි ඇති නො වේ.


ලංකාවේ ද උතුරු නැගනහිර බෙදිම්වාදී අයූධ සංනද්ධ සටන් මෙහෙය වු කොටි සංවිධානය ඇතුලු සියලු සන්නද්ධ කණ්ඩායම් වලට සැහැල්ලු අවි සහ බර අවි, සියලු ආකාර උණ්ඩ, සහ යුද්ධෝපකරණ නො ලැබුණේ නම් ඔවුන්ට ත්‍රස්ත ක්‍රියා ඇරඹීමට සහ යුදමය ක්‍රියා කාරකම් පවත්වා ගැනීමට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. එසේ නම් රාජ්‍ය හමුදාවන්ට මැඩ පැවැත්වීමට අයුධ සංනද්ධ විරුද්ධවාදීන් නැත. එසේ නම් යුද්ධයක් ද නැත. යුද්ධයක් නැත්නම් මානව හිමකම් කඩවූවා යයි රජයට චෝදනා කිරීමට කිසිවෙකුට ඉඩක් ඇති වන්නේ ද නැත.


බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර වලින් බැට කෑ අප රටට මෙන් ම ත්‍රස්තවාදී ආයුධ සංනද්ධ සටන් ව්‍යාපාර නිසා, ත්‍රස්තවාදී ප්‍රහාර හා යුදමය ක්‍රියා නිසා අවුල් වියවුල් වී තිබෙන සියලු රටවල, මනුෂ්‍ය ඝාතන, ලේ වැගිරීම්, දේපල හානි, ඇවතැන් වීම්, නිවාස, දේපල අහිමිවීම්, විවාහක කාන්තාවන් වැන්දඹු වීම, තම පවුලේ සාමාජිකයින් අහිමි වීම්, ශාරීරික අඩම්තේට්ටම් වලට, වද හි‍ංසාවලට, ලිංගික හිංසනයට ලක් වීම් , ළමා අයිතිවාසිකම් අහිමි වීම්, බිය වැද්දීම් , මානසික බිඳ වැටීම්, අපේක්ෂා භංගත්වයට පත් වීම්, යුද හා සංන්ද්ධ ක්‍රියා කාරකම් නිසා ලොකු කුඩා,බාල මහලු, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට සතුටින් ජීවත් වීම හිමි කම අහිමි වී ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් අවි නිපදවන රටවලින් ත්‍රස්ත කල්ලි වලට සෘජුව හෝ වක්‍රව අවි ආයුධ ලබා දීම ය; ත්‍රස්ත කල්ලි වලට අවි ජාවාරම් කරුවන් මගින් හෝ අවි ආයුධ ලැබෙන්නට සැලැස්වීම ය.


මෙ ය රාජ්‍යතාන්ත්‍රිකව විසදිය යුතු, විසදිය හැකි, ප්‍රශ්නයකි. පුදුමය නම් එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවේ සාමාජිකත්වය දරණ (උතුරු කොරියාව හැර) අවි නිපදවන රටවල් මේ සම්බන්ද ව නිසි මැදිහත් වීමක් නො වීමය. ලෝක මානව වර්ගයාගේ සුභ සිද්ධිය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් සාමූහික වගවීමකට නො පැමිණීම ය.


ලෝකයේ මානව හිමිකම් කඩ වීම් පිළිබඳ ව චෝදනා විමසා බැලීමේදී, එකී චෝදනා සංනද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාර කම්, රාජ්‍ය විරෝධී ආයුධ සංනද්ධ කණ්ඩායම් මැඩ පැවැත්වීට රජ්‍ය හමුදාවල ක්‍රියාකාරකම් ඉලක්ක වී ඇත; මේ සියලු මානව හිමිකම් කඩවීම පවතිනුයේ අනීතික අයුධ සංනද්ධ බලය නිසාවෙනි.


එසේ නම් රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් තොර ව අවි ආයුධ ගනු දෙනු කිරීම් කරන, අවි නිපදවන රටවල් මෙයට සෘජු ව ම වගකිව යුතු ය. රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් තොර ව කරන අවි ගනු දෙනු මැඩ පැවැත්වීම නො කොට මානව හිමිකම් ගැන කතා කිරීම, අවංක මැදිහත් වීමක් ලෙස පිළිගත යුතු ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම, මානව හිමිකම් ගැන කතා කරන, මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පෙනී සිටින සහ ක්‍රියා කරන සියලු සංවිධාන මේ පිළිබඳ ව වූ වගවීම ප්‍රමාණවත් නො වූ බව අපගේ අදහස ය. ආයුධ සංනද්ධ යුත්ධමය ක්‍රියා නිසා මානව හිමිකම් උල්ලංඝනය වීමෙන් ලෝක ජන්තාව විදින පීඩාව, එසේ පීඩා විදින ජනතාවගේ කායික මානසික දුක , ශෝකය, වැළපීම්, කුඳුලු වැගුවවීම් නවතා ලීමට ඇති පහසු ම මඟ, රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් තොර අවි ගනු දෙනු නවතාලීම ය. ඒ සඳහා ක්‍රියා නො කර කටයුතු කිරීම “අලි යන මං තලව් තිබියදී කූඹි යන ගුල් වැසීමක්” ලෙස දැක්විය හැක. ජගත් සමුළුවේ මානව අයිතිවසිකම් පිළිබඳ පෙනී සිටීම උතුම් යතාර්ථයක් වීමට නම් අවි නිපදවන රටවල රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් තොර ව කරන අවි ගනු දෙනු නවතා ලීම ඇවැසි ම ය.

රටක ත්‍රස්ත කල්ලි අතට තම රටේ නිපදවන අවි ආයුධ යම් රටක් ලැබෙන්නට, සලස්වා යුධමය වශයෙන් ඒ ත්‍රස්ත කල්ලි මැඩ පැවැත්වීමට එම රටේ ආරක්ෂක හමුදා ක්‍රියා කළ පසු ඒ රටේ රජයට එරෙහිම මානව හිමිකම් චෝදනා අන්තර්ජාතික ගොනු කළ විට, ත්‍රස්තවාදීන් භවිතා කරන ලද අවි නිදපදවූ රට, එකී මානව හිමිකම් උල්ලග්නය කළා යැයි කියන රට වෙනුවෙන් පෙනී සිටී ම හොඳ නැතැයි නො කීව ත්,
එකී පෙනී සිටීම සුපරිසිද යන්න දැක්වූ කරුණු සමඟ විමසිය බැලිය යුතු ය.

මානව අයිතීන් සුරැකීමට, මනුෂ්‍ය වර්ගයා සුවසේ සතුටින් සිටීමට, සැබෑ ලෙස ම අපේක්ෂා කරන, සැම රාජ්‍ය සහ සංවිධාන විසින් මේ සඳහා පෙනී සිටිය යුතු ය. වගවීමට ඉදිරිපත් විය යුතු ය.