Wed. Jul 3rd, 2024
Spread the News
Image Myrepublica

රටක් යනු අජීවී දෙයක්!

මිනිසුන් සහ සතුන් යනු සජීවී වුවෝයි. අජීවී වූ රටකට එහි තිබෙන දේ දරාගෙන සිටිනවා හැර නව නිපැයුම් කිරීමේ හැකියාවක් කොහෙත්ම නැත. අජීවී රටකට ඔබගේ යැපීම වෙනුවෙන් යයි කියා සජීවී වූ ඔබ වෙනුවෙන් කල හැකි ඉපද්දීම් නැත. සජීවී වූ ඔබ ඔබගේ අවශ්‍යතාවන් සදහා ඉපද්දීම් කල යුතුය. සජීවී වූ ඔබ රට පාවිච්චි කල යුත්තේ ඔබ ගේ දායකත්වය රටට දී ඔබට අවශ්‍ය වූ දේ අනාගතයේදී ගැනීමක් වෙනුවෙන් රටට උපද්දා දීමයි. නව නිපැයුම් කල යුත්තේ ඔබ මිස රට නොවෙයි. රටකට එවැන්නක් කිරීමේ හැකියාවක් නැත.

නමුත් ඔබ අද ඉල්ලන්නේ කුමක්ද?

ඔබගෙන් රටට නොකර රටින් ඔබ ඔබේ අයිතිවාසිකම් ඉල්ලයි. ඉලා කෑ මොර ගායි. අජීවී රට ඔබට ඔහු සතුව තිබෙන දේ හැර වෙන කුමක් දෙන්නද? මොකක් උපද්දා දෙන්නද? ඔහුට ඉපද්දීමේ හැකියාවක් ඇත්ද?

ප්‍රතිපලය කුමක්ද?

ඔබ රටට බනියි. ගහයි. දැඩිව විවේචනය කරයි. ද්වේශ කරයි. පළිගනී.

මොකක්ද මේ අරුමය?

ඔබ අගය කරන අනික් රටක් ගෙන බලන්න.

ඔවුන් පළමුව රටට තමන්ගේ යුතුකම් කොටස කරයි. රටට ඉපද්දීම් කරයි. දෙවනුව ඔවුන් රටින් තමන්ට අවශ්‍ය දේ ලබාගනී හෙවත් ඉපද්දීම් වල ප්‍රතිපල නෙලාගනී.

අපි අද කරන්නේ කුමක්ද?

අපි රටින් පැනයාමට සිතයි. පැනගොස් ඒ රටවලට තම යුතුකම උපරිම අයුරින් කරයි. කර පමණක් තම අයිතිවාසිකම ලබාගනී. තමන් නීතිගරුකව උපරිම සේවයක් එම රටවල් වලට කර උපරිම වේතනයක් ලබාගන්නා ඔබ මෙහෙ රටට යයි කියා අල්ප වූ හෝ මොනවත්ම නොකර තම රට තුල පැරන්නන්ට පින්සිදුවන්නට මෙතෙක් කල් සුරැකිව තිබු සියලු දේ බුක්තිවිද තව වැඩිපුර ඉල්ලා නොලැබුණු තැන බිමට ද්වේශ කිරීම සාධාරණද?. .

ඔබ එහෙ කරන දේ මෙහෙත් කෙරුවොත් නරකද?

රටින් ඔබට විය යුතු කොටස ගැන නොව ඔබෙන් රට විය යුතු කොටස ගැන නිතරම මෙනෙහි කරන්න. එය ඔබගේම අනාගතයට ඔබ කරනා ආයෝජනයයි.

-ධම්මික