Mon. Jul 8th, 2024
Spread the News

කොතෙකුත් ගොඩ ඇදපු (අබලන්) වාහන දැක ඇතුවාට සැක නැත. සම්පූරණයෙන් ම අබලන් තත්වයට පත් වූ පසු අලුත්වැඩියා කර ධාවනයට ගත් වාහන දැක තිබේ ද? එසේ ම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ සම්පූරණයෙන් ම බංකොලොත් භාවයට පත් වූ පසු එකී ව්‍යාපාරය හෝ කර්මාන්තය හෝ නැවත නගා සිටවා ව්‍යාපාරය පවත්වා ගෙන යන ව්‍යාපාරයක් කර්මාන්තයක් දැක තිබේ ද? ඒ ආකාරයෙන් ම යම් සටන් කාමී සංවිධානයක් හෝ දේශපාලන සංවිධානයක් හෝ ඔවුන්ගේ දැක්ම හා මූලෝපායික වැරදි හේතුවෙන් සටන් ව්‍යාපාරය විනාශ වූ පසු නැවත ජනතාවට සුභ සිද්ධිදායක ලෙස ගොඩ නැගුණු සටන් ව්‍යාපාර හෝ දේශපාලන සංවිධාන දැක තිබේද? එසේ නැති බව අපගේ අදහස ය. නායකයන් වුව ද එසේ ය. දැක්ම හා උපක්‍රමික වරදින් පරාජිත සටන් ව්‍යාපාරයක නායකයෙක් එම වැරදි මත වාදය අත් නොහැර, නැවත මතු වී සටන් ව්‍යාපාරයක දිනන ලද නායකයෙක් සිටී ද? ලෝක ඉතිහාසයේ එවැනි ආකාර දිනන ලද සටන් නායකයන් නැත. රටකට වුව ද එසේ ම ය. රටක්, තම පාලන දැක්මේ සහ රජ්‍ය පාලන උපායමාර්ග වරදින් ද දූෂිත බවින් යුතු රාජ්‍ය නායකයන් විසින් රටක් බංකොළොත් කර පසු එකී නායකයන්ගෙන් ඒ රට නැවත ගොඩ නගා ගත හැකිය’යි යමෙක් සිතන්නේ නම් එය හිතළුවක් පමණක් වනවා ඇත. ලෝක ඉතිහාසය පිරික්සීමේදී එසේ වූ තැනක් නො දැකිය හැකි ය. ලංකා රාජ්‍ය, අදූරදර්ශී දේශපාලන තීන්දු ක්‍රියාත්මක කොට මහත් දේශපාලන හා ආර්ථික අගාධයකට හැලූ පුද්ගයන්ගෙන් එම දේශපාලන සහ ආර්ථික සූදුව තුලින් මේ රට නැවත ගොඩ නැගා ගැනීමට උත්සාහ දැරීම මහත් වූ විහිළුවකි. රටේ ජනතාවට වූ මහත ම අභාග්‍යය කි.

-ආරියතිලක