Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Asia Time

අනේ හරිණි නෝනේ! ඔබ එසේ කීවා නම්

අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අපට තියෙන කියැවීම ඔයා හිතන දේට වඩා බෙහෙවින්ම වෙනස් දෙයක්.

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විනාශ වුනේ ඉංග්‍රීසි උගතුන් පක්ෂ නායකත්වයේ සිටි නිසයි.

රට විනාශ කරපු එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයා වූ ජේ ආර් ජයවර්ධන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරදයෙක්.

චන්ද්‍රිකා කුමාරතුංගත් ඒ වගේමයි.

රටක් පාලනය කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි නොවෙයි රටට ආදරේ කම සහ බුද්ධිය.

අප ඉහතින් දැක්වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයින්ට නොතිබුණ දේම තමයි රටට ඇති ආදරය සහ බුද්ධිය.

නිර්ධන පංති ව්‍යාපාරය විකුණන් කන අනුර කුමාර දිසානායකට ඉංග්‍රීසි පුළුවන් වුණා වුනත් රටේ පාලනය භාර ගැනීමට තරම් දේශපාලන බුද්ධියක් හෝ රටට ආදරේ ඇති බවක් කිසිදාක පෙන්නුම් කළේ නැහැ.

හරිණි අමරසූරිය වැනි අය ධනේශ්වර පන්තියෙන් බිහිවී ධනේශ්වර පන්තියට සේවය කිරීමට ඉදිරිපත් වුණු චරිතයක් මිස
ජවිපෙ සාමාන්‍ය සාමාජිකත්වය දරන ගොවි කම්කරු ගුරුවරු වැනි අයගේ දුක නිවන්න සත්ව කරුණාවෙන් ඉදිරිපත් වුණු කෙනෙක් නොවන බව ඇගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේදීම අප විසින් පැහැදිලි කළා.

“පුහුලට තැබූ අත ලබ්බටත් තබන්නා සේ” ජවිපෙන් පටන් අරගෙන හරිණි කෙළවර කර ගන්න හදන්නේ ජනාධිපති පදවියෙන්.

හරිණිට සටන තියෙන්නෙ රනිල් සමග හෝ රාජපක්ෂලා සමග නොවෙයි. අනුර කුමාර සමඟ පෞද්ගලිකව.

ඒ නිසයි ඇය කෙළින්ම අනුර කුමාරට ඉංග්‍රීසි භාෂාව බැහැයි කිව්වේ. එපමනක් නොවෙයි ඈ කෙලින්ම කියනවා අනුර කුමාර ජනාධිපතිකමට පමණක් නොව පක්ෂ නායක කමටත් නුසුදුසුයි කියා.

මේ ගැටුම හදිසියේ ඇතිවුණු දෙයක් නොවෙයි. සැලසුම් සහගතව පිළියෙල කළ වැඩපිලිවෙලක්
මුදුන් ප්‍රාප්ත වීමක්.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු.

-තෙවැනි ඇස-
15.08.2023