Mon. Jul 8th, 2024
Spread the News

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට ද පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ ලිපි ඊයේ (31දා) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඔවුන්ට භාරදෙනු ලැබීය.

ඔවුන් අද (01දා) සිය ධුරයන්හි වැඩ භාරගැනීමට නියමිතය.

මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ මහතා 1986 ඔක්තෝබර් 27 වැනි දින කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

Divaina