Mon. Jul 8th, 2024
Spread the News

යුද ජයග්‍රහණයේ වාසිය දෙමළ ජනතාවටයි

ඉන්දීය ජනතා පක්ෂයේ නායක කියයි

දයා ඩි.ෆොන්සේකා source:

තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.කරුණානිධි විසින් පවත්වනු ලබන “ඊළාම්” සමුළුව සඳහා “ඊළාම්” වචනය භාවිතා නොකරන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇති බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් සාමී මහතා අනාවරණය කරයි.

ඔහු මෙසේ සඳහන් කෙළේ කොළඹ පැවැති අන්තර්ජාතික සමුළුව අමතමිනි.

තමිල්නාඩුව “ඊළම” යන වචනය භාවිතා කිරීම ඉන්දියාවට ද ප්‍රශ්නයක් විය හැකි බව ඉන්දීය රජය ප්‍රකාශ කරන බව ද ඔහු වැඩි දුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් ලබා ගත් විජයග්‍රහණය මෙරට දෙමළ ජනතාව ලත් ජයග්‍රහයක් ලෙස සැලකිය යුතු බවත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිලාබ අද දෙමළ ජනතාව භුක්ති විඳිමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනතාවගේ ජීවිත, දේපළ හා අනාගතය විනාශ කළ බව පෙන්වා දුන් ආචාර්ය සුබ්‍රමනියම් මහතා තව දුරටත් අවධාරණය කෙළේ; ශ්‍රී ලංකාවේ කිසි විටෙක වර්ගවාදී යුද්ධයක් නොපැවති බවත් වර්ගවාදය යන වචනය කිසිසේත් සඳහන් නොකළ යුතු බවත්ය.