Mon. Jul 8th, 2024
Spread the News

යුද අපරාධ වාර්තාව
කල් දැම්මේ ඇයි?

source:

ඩොලර් මිලියන 15 ක්‌ වැය කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා නඟමින් පැවැත්වූ පරීක්‍ෂණ වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් විසින් ලබන සැප්තැම්බර් “මාසය” තෙක්‌ කල් දමා ඇත.

මේ අවසාන අවස්‌ථාවයි. යුද අපරාධ වාර්තාව කල් දැමීමට සිදුවීම දුෂ්කර වූ තීරණයක්‌ යෑයි ඔහු කියා සිටියේය.

මෙකී පරීක්‍ෂණ වාර්තාව කල් දැමීමට ගත් තීරණයට පෙර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ජිනීවා ගොස්‌ එකී වාර්තාව කල් දැමීමෙන් වළකින ලෙස මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන්ට බලපෑම් කළ බවට වාර්තා විය.

ඊට සමගාමීව යාපනයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිරිසක්‌ද ප්‍රමාදයකින් තොරව එකී වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ.

මෙම කථිකාචාර්යවරුන්ගේ කණ්‌ඩායමේ ආර්. රාසකුමාරන් නමැත්තා පසුගිය සෙනසුරාදා යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණය මගින් සන්නද්ධ අරගලයේ අවසාන ජාති ඝාතනය වැනි ඝාතනයක්‌ සිදුවූ බවට සනාථ කරනු ඇතැයි ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වන බව පළ කළේය.

පසුගිය පෙබරවාරි 15 දා කොටි හිතවාදී සංවිධාන 15 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත හදිසි සන්දේශයක්‌ යෑවීය. එහි මෙසේ සඳහන් විය.

“දස ලක්‍ෂයක්‌ ද්‍රවිඩයන් නියෝජනය කරන අපේ සංවිධාන යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු පළාත් සභාව කළ ඉල්ලීම ඒකමතිකව අනුමත කරන්නෙමු.

විපතට පත් වූවෝ මේ වාර්තාව ප්‍රකාශයට පත් කරන තෙක්‌ බලා සිටී. ඉන් යුද්ධයේ අවසාන අදියරේ සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීමට හැකි වේ. මෙය කල් දැමීම යුක්‌තිය මර්දනය කිරීමකි. එසේම යුද අපරාධවලට වගකිවයුතු පිරිසට අධිකරණය මඟහැර සිටීමට ඉඩකඩ ලැබේ. නිසි වේලාවට එකී වාර්තාව ප්‍රකාශයට පත්කිරීම තුළින් වගකීමට සහ සහජීවනයට මඟ පෑදෙනු ඇත.”

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව නියමිත පරිදි ප්‍රකාශයට පත් කරන ලෙස එකී සන්දේශයෙන් ඉල්ලා ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය (රෙජිනෝල්ඩ් වේහනාදන්) – බ්‍රිතාන්‍ය ද්‍රවිඩ කොන්සර්වටිව් (අර්ජුන් සිවනාදන්), බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය (රවි කුමාර්), කැනඩාවේ මානව හිමිකම් මධ්‍යස්‌ථානය. කැනඩාව (ඇන්ටන් පිලිප්ස්‌), උතුරු ඇමරිකාවේ ද්‍රවිඩ සංගම් සම්මේලනය (නන්ජිල් පීටර්), ගෝලීය ද්‍රවිඩ සංසදය (එමානුවෙල් පියනම), ඉලංගෙයි තමිල් සංගම් (ඇමරිකාව – රාජාරාම් කන්දසාමි) නවසීලන්ත ද්‍රවිඩ සමාජය (සිමා වායන්නන්) ඇමරිකාවේ පීපල්ස්‌ රිලිප් සංවිධානය, (මාෂා මනෝරංජන්) – දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනය (කාර්තිsගේසන් බොන්aසාමි) ස්‌වීඩන් ද්‍රවිඩ සංසදය – (ජී ජගමෝහන්) ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් – ඇමරිකාව (ජනානි ජනනායගම්) ටැමිල්ස්‌ පෝ ලේටර් , (බ්‍රිතාන්‍යය) සෙන් කන්දයියා – ඇමරිකානු ද්‍රවිඩ දේශපාලන ක්‍රියාකාරී කවුන්සිලය, (කරුන්සන් අරුලානන්දන්) – ලෝක ද්‍රවිඩ සංවිධානය, (ඇමරිකාව) තිල්ලයි කුමාරන්

එසේ වුවත් ඇමරිකානු රජයේ මැදිහත්වීම මත මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ වාර්තාව කල් දමනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් දැන සිටියේය.

මේ පසුබිම මැද පසුගිය 16 දා සවස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව මාස 6 ක්‌ දක්‌වා කල්තබන බව ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව මාර්තු 25 වැනිදා ජිනීවාහිදී ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබිණි.

යුද අපරාධ වාර්තාව කල් තැබීමට මුල් වූ හේතූන් ද ඔහු අනාවරණය කළේය.

1. වාර්තාව කල් දැමීම නිසා අලුතින් තොරතුරු මතු විය හැකියි. එකී වාර්තාව තවදුරටත් සවිස්‌තරව ශක්‌තිමත් වීමට ඉවහල් වේ.

2. වැදගත් මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් මගේ කාර්යාලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට නව රජය පැහැදිලි ප්‍රතිඥාවක්‌ මා වෙත ලබා දුන්නා. පසුගිය රජය එවන් සහායක්‌ දීම ප්‍රතික්‍ෂේප කළා.

3. මෙම යුද අපරාධ විමර්ශනය සඳහා මට පෙර සිටි නවි පිල්ලේ පත් කළ විශේෂඥයන් තිදෙනාගේ ඒකමතික තීරණය වූයේ මානව හිමිකම් ප්‍රශ්න ගැන සහාය දැක්‌වීමට නව රජයට කාලසීමාවක්‌ දිය යුතු බවයි.

4. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන වඩා පුළුල් වූ වාර්තාවක්‌ සඳහා කාලසීමාවක්‌ දීමට තීරණය කළා.

සෙයිද් රාද් හුසේන් තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත.

“පරීක්‍ෂණ මණ්‌ඩලය වෙත තොරතුරු සැපයීමට නිර්භීතව ඉදිරිපත් වූ පාර්ශ්ව ගැන මා දන්නෙමි. මේ වාර්තාව දකින්නට නොලැබෙනු ඇතැයි ඔවුන් බියට පත්වී සිටියා. ඔවුන්ගේ බිය ගැන මා අවබෝධ කරගෙන සිටියෙමි.

මා තවදුරටත් කියන්නේ මේ යුද අපරාධ වාර්තාව ලබන සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා කරන බවයි. මේ වාර්තාවෙන් උපරිම ක්‍රියාදාමයක්‌ ඇතිවනු දැකීම මට අවශ්‍ය වී ඇත.”

යුද අපරාධ වාර්තාව කල් දැමීම නිසා ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිට්‌ සංවිධානය මෙහෙයවන ජානි ජනනායගම් නමැත්තිය කම්පාවට පත් වූවාය. මානව හිමිකම් කවුන්සිලය ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ යුතු බවත් සමූහ මිනීවළවල් විමර්ශනයට ලක්‌ කළයුතු බවත් ඇය කියා සිටියාය.

එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රකාශයෙන් අනාවරණය වන බරපතළ ප්‍රශ්නය නම් සාක්‍ෂි විභාගය අවසන් කර තිබියදී සැප්තැම්බර් මාසය දක්‌වා අලුත් සාක්‍ෂි ලබා ගන්නා බව ප්‍රකාශ කිරීමයි. ශ්‍රී ලංකා රජයට මානව හිමිකම් ප්‍රශ්න ගැන කටයුතු කිරීමට කල්දෙන බව කියමින් අලුතින් සාක්‌කි විමසීමට ඔහු තීරණය කර තිබේ.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ මේ ප්‍රකාශයෙහි ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්‌වා ඇති නමුත් කොටි සිදු කළ යුද අපරාධ ගැන වචනයක්‌වත් පවසා නැත.

එසේම යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමට ඉල්ලා විද්යුත් ලිපි යෑවූ ශ්‍රී ලාංකිකයන් කිසිවකුට ඊට අවස්‌ථාවක්‌ ලබාදී නැත. එහෙත් සාක්‍ෂි දීමට නිර්භීතව පැමිණි පාර්ශ්ව ගැන තමා දන්නා බව සෙයිද්රාද් හුසේන් කියයි. සාක්‍ෂිකරුවන් ගැන ඔහු දන්නේ නම් යුද අපරාධ වාර්තාව ඒකපාර්ශ්වික නොවේද? ජිනීවා ආරංචි මාර්ග හෙළි කළ අන්දමට යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ බොරු සාක්‍ෂි දුන් ප්‍රධාන සාක්‍ෂිකාරියක්‌ වන්නේ නම් පහකින් පෙනීසිටි බ්‍රිතාන්‍යයේ දමිල්වානි හෙවත් වානිකුමාර් නමැත්තියයි.

කොටි ත්‍රස්‌තවාදීන් සමග එක්‌ව කටයුතු කර කොටි පරාජය වීමත් සමග වන්නියට පැමිණි ඇය ළඟ චන්ද්‍රිකා දුරකථනයක්‌ ද තිබී සොයාගත් බව හමුදා බලධාරීහු හෙළි කළහ.

ත්‍රස්‌තවාදයට ආධාර කිරීමේ හේතුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඇයව මුදාහැරියේ නැත.

එහෙත් පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයකු එවකට සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ගේ ඉල්ලීම මත වානිsකුමාර්ව මුදාහැරියේය.

එකී ප්‍රතිඵලය ඇය ජිනිවා වෙත ගොස්‌ යුද අපරාධ පරීක්‍ෂණ මහා මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමයි.

මෙම යුද අපරාධ විමර්ෂණ වාර්තාවට සාක්‍ෂි සපයා ඇති තවත් තැනැත්තෙක්‌ වන්නේ සුදු කොඩි නමැති සාවද්‍ය කතාව ගෙතූ මාධ්‍ය පාර්ශ්වයයි. මේ නිසා ස්‌විස්‌ බලධාරීහු මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ මත මොහුට සහ පවුලේ අයට දේශපාලන රැකවරණ දී ඇත. බොම්බඩියර්, ලලන්ත නානායක්‌කාර, රුවන් ජයවර්ධන, ගෝඨාභය රණවීර සහ රණදේව යන අනවර්ථ නාමවලින් මොහු පෙනී සිටියේය. ස්‌විස්‌ රජය සලසා ඇති සුපිරි පහසුකම් මැද මොහු සහ පවුලේ අය අද ස්‌විස්‌ටර්ලන්තයේ සුවසේ වැජඹේ. මෙම තැනැත්තා දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා යොමු කර ඇත්තේ මවිසින් හෙළි කළ ඔහුගේ ෙද්‍රdaහි ක්‍රියාවන්ය. එහෙත් මොහු ප්‍රකාශ කර ඇති සාක්‍ෂිය සම්බන්ධයෙන් නිසි විමර්ෂණයක්‌ සිදු කර නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය මාර්තු 2 දා ආරම්භ වේ. එය ආරම්භ වීමට පෙර උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් ශ්‍රී ලංකාව ජාතිs ඝාතක ක්‍රියාදාමයක්‌ සිදු කළ බව දක්‌වමින් ඉතාමත් මැනවින් අධ්‍යයනය කළ යෝජනාවක්‌ සම්මත කරගනු ලැබීය.

ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය වූ බවට ප්‍රභාකරන්ගේ ඥතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මෙයට පෙර ගෙන ඒමට උත්සාහ කළ යෝජනාවට ද විග්නේශ්වරන් ඉඩ දුන්නේa නැත.

ප්‍රභාකරන් ශේ්‍රෂ්ඨ වීරයකු බව පැවසුවේද විග්නේශ්වරන් ය. එසේම ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ඒ ආනන්දසංගරී විසින් ප්‍රභාකරන්ට එරෙහිව පැවරූ නඩුව පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වූයේද ඔහුයි.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවට ආරම්භ වීමට දින 20 ක්‌ තිබියදී විග්නේශ්වරන් අවස්‌ථාව බලා පිටු 11 කින් යුත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත කරගනු ලැබුවේ උතුරු පළාත් සභාවේ කාර්ය පටිපාටිය ද උල්ලංඝනය කරමිනි.

විග්නේශ්වරන්ගේ මෙම සමූල ඝාතන යෝජනාව 1976 වඩුක්‌කොඩෙයි යෝජනාවේ අංක 2 යෑයි දැක්‌විය හැකිය. එකී සමූල ඝාතන යෝජනාවට ඔහු පසුබිම් කරගත්තේ 1948 දෙසැම්බර් 09 දා එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව සම්මත කර ගත් සමූල ඝාතන සඳහා දඬුවම් දීම සහ වැළැක්‌වීමේ ප්‍රඥප්තියයි.

1956 සිට ද්‍රවිඩයන් සංහාරය වන බවට විග්නේශ්වරන් සිය යෝaජනාවේ දක්‌වා ඇත්තේ මෙකී ප්‍රඥප්තිය අනුවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම සිදු කළ බව එකී යෝජනාවේ දක්‌වා නැත. වන්නි මෙහෙයුම හඳුන්වා ඇත්තේ වන්නි සංහාරය හෙවත් වන්නි සමූල ඝාතනය හෙවත් ජාති ඝාතනය යනුවෙනි.

එසේම කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවට කණ්‌ඩායමක්‌ ඝාතනය කිරීම යන වචනය යොදා ඇත්තේ ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බවට ලෝක ප්‍රජාවට තහවුරු කිරීමටය.

මේ හැර තවමත් ද්‍රවිඩයන් ව මරණ බව ද එකී යෝජනාවේ සඳහන් කර තිබේ.

මේ අතර යුද අපරාධ වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත යෑවූ ලිපිය ද ස්‌විස්‌ කොටි ජාලය අතට පත්වී ඇත.

අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවූ සන්දේශයේ මෙලෙස දක්‌වා තිබිණි.

“නව රජය බලයට පැමිණි විගස උතුරු නැගෙනහිර හමුදා ආණ්‌ඩුකාරවරුන් වෙනුවට හිටපු සිවිල් නිලධාරීන් පත් කළෙමු. සියලුම වෙබ් අඩවිවලට පනවා තිබූ තහනම ද ඉවත් කර ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය නොවන සංවිධාන කටයුතු ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය යටතට යොමු කළෙමු. අධි ආරක්‍ෂක කලාප පිළිබඳ නිරීක්‍ෂණය කරන්නෙමු. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔබට මා ඇරයුම් කරන්නෙමි. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව මානව හිමිකම් 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. ඒa අනුව එහි ඇති රජය පවත්වන දේශීය යාන්aත්‍රණයට එහි ඇති කරුණු ප්‍රයෝජනවත් වේ. අපි දේශීය යාන්ත්‍රණය සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් තාක්‍ෂණික සහය ද පතන්නෙමි.”

පසුගිය පෙබරවාරි 13 දා මානව හිමිකම් කොමසාරිස්‌වරයා මානව හිමිකම් කවුන්සලයේ සභාපති ජෝකිම් රකර් වෙත ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවට අදාළ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් මස පැවැත්වෙන 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන බව කියා සිටියේය.

මෙම පසුබිම මැද ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂිකරුවන් විසින් නම් කළ හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ මුද්‍රd තබන ලද කවරයක්‌ පරීක්‍ෂණ මණ්‌ඩලය සතුව ඇති බවත් ය. එකී රහසිගත තොරතුරු මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියකටද ලැබී ඇත.

එහෙත් මෙම යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට සාක්‍ෂි දුන් අයගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට ශ්‍රී ලංකා රජයට ඉඩදී නැත. සාක්‍ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කවුන්සිලය අනාවරණය කරන්නේ 2035 වසරේදීය. සාක්‍ෂිකරුවන්ගෙන් විශාල පිරිසක්‌ කොටි හිතවාදීන් යෑයි අනාවරණය වී ඇත.

මේ පිරිස ඇත්ත කියන්නේ ද හා බොරු කියන්නේ ද යන්න තීරණය කර ඇත්තේ ද පරීක්‍ෂණ මණ්‌ඩලයයි. මෙම යුද අපරාධ වාර්තාව තමන් පිළිගන්නේ නැතැයි පසුගිය රජය ප්‍රකාශ කර තිබිණි.

මේ තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් යුද අපරාධ වාර්තාව මාස 6 කට කල් දැමුවේ වඩා සවිස්‌තර වාර්තාවක්‌ සකස්‌ කරනු පිණිස බව සනාථ වී ඇත. ඒ සඳහා ඔහු කොටි ඩයස්‌පෝරාවට කල් දී ඇත. මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෝශප් ස්‌කූලර් සහ යූ. එස්‌. ඒඩ්. සංවිධානයේ ප්‍රධානී ඡේසන් ඇබ්ලන් යාපනයට ගොස්‌ උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රසීකරන් හමුවී ඇත.

එහිදී තුරෙයිරාසා පවසා ඇත්තේ යුද අපරාධ වාර්තාව කල්දැමීම නිසා සමූලඝාතන ක්‍රියාදාමය දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවට අවස්‌ථාවක්‌ දී ඇති බවයි.

මේ සමගම ජාත්‍යන්තර ඊළම් කමිටුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත හදිසි සන්දේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවට විමර්ශන කණ්‌ඩායමක්‌ යවා යුද අපරාධ තොරතුරු සොයාගන්නා ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය