Fri. Jul 5th, 2024
Spread the News

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා තිබූ බව හෙළිවී ඇත.

එහෙත් මේ වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොටි ත‍්‍රස්තවාදීන් යන කොටස ඉවත් වී සියලූම චෝදනා ශ‍්‍රී ලංකා හමුදාව මත යොමු වී තිබේ.

මෙම වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා යුද අපරාධ ගැන සෙවීමේ ඇමරිකානු කාර්යාලය සහාය වී ඇත.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය මෙතෙක් කොටි සංවිධානයට එරෙහිව කිසිදු යුද අපරාධ චෝදනාවක් එල්ල කර නැත.

කීර්ති වර්ණකුලසූරිය –

anuary 15, 2022-Divaina