Mon. Jul 8th, 2024
Spread the News

ත්‍රස්ත යුද්ධය පැවති කාලයේදී, කොටි සංවිධානයට දුන් චර්යා ධාර්මික උදව් වලට අමතරව මුදල් සහ ආයුධ ලබා දුන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීමටයි.

යුද්ධයෙන් කරගන්න බැරි දෙය නිවට සිංහල පාලකයින් ලවා කරගන්නා හැටි මේ සියලුම සතුරු බලවේග දනී.

මේ සඳහා ඔවුන් ප්‍රථමයෙන්ම කළේ ලංකාව සදාචාරයෙන් තොර රටක් කිරීමයි. යැපුම් මානසික තත්ත්වයෙන් යුත් ජනතාවක් බිහි කිරීමයි. ඉන්පසූව රට ආර්ථික වශයෙන් විනාශ කිරීමයි.

ගොවිතැන් සඳහා අහසින් වැටෙන දිය වෙනුවට අහසෙන් වැටෙන තෑගිබෝග කෑම බීම ගැන කට ඇරගෙන බලා සිටින ජනතාවක් තැනීමයි.

1987 දී රජිව් ගාන්ධිගේ රජය අහසින් විත් ශ්‍රී ලංකාවට පරිප්පු සහ විවිධ කෑම වර්ග ගුවනින් හෙළුවේ, වර්තමාන ලාංකික පාලකයින්ගේ හිඟා කන මානසික තත්වය හොඳින් දැන සිටි නිසයි.

ශ්‍රී ලාංකික ජනතාව එක හඬින් කියා සිටියේ ත්‍රස්ත මර්දනයට තොපගේ ආයුධයත් එපා, නුඹලාගේ පරිප්පුත් එපා කියායි.

1989 මහ මැතිවරණයේදී ජනතාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්දය දුන්න ද, ඡන්ද මගෝඩි හා රාජ්‍ය භීෂණය තුළින් ඡන්ද ප්‍රතිඵල වෙනස් කළ ආර් ප්‍රේමදාස වෙහෙසුනේ ඒකීය රාජ්‍යක් තුළ රට ගොඩනැගීමට නොව උතුරේ ක්‍රිස්තියානි දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට ප්‍රසිද්ධියේම උදව් කිරීමයි.

දකුණේ ඔහුට උදව් කළ ජවිපෙ සන්නද්ධ අංශය (සමන් පියසිරි ප්‍රනාන්දු ගේ කල්ලිය) රාජ්‍ය බලය අල්ලා ගත්තේ නම්,
ඊළමට අයත් වන්නේ උතුර පමණක් නොවෙයි.

ගංගා යමුනා හාවුණා සේ උතුරයි දකුණයි යා වෙන්නේ එකම ත්‍රස්තවාදී ධජයක් යටතේ.

ත්‍රස්තවාදයට වාර්ගික අනන්‍යතාවය එතරම් වැදගත් වන්නේ නැත.

එහෙත් එහි න්‍යාය පත්‍රයේ ආගමික උන්මාදය උඩින්ම
සටහන් කර ඇත.

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය යට මිනිස් සංහාරය, අරන්තලාවේ සාමණේර ඝාතනය, දළදා මාලිගාව පුපුරුවා හරින්න කළ උත්සහය පිටුපස ඇත්තේ දේශපාලන කතාවකට වඩා ආගමික කතාවක්.

එදා තුවක්කු පිස්තෝල කඩු කිණිසි බෝම්බ වලින් විනාශ කර දමන්නට නොහැකි වූ බෞද්ධ සමාජය අද සිල් රෙදි පොරවා ගත් ත්‍රස්තයින් පිරිසක් ලවා ව්‍යවස්ථාවේ 9 වෙනි සංශෝධනය ඉවත් කිරීමෙන් ලබාගන්න
කරන දින උත්සහය ලත් තැනම ලොප් කළ යුතුයි.

එසේ නොකළහොත් අපට රටක් පමණක් නොව හෙටක්ද අහිමි වනු ඇත.

  • එඩ්වර්ඩ්-
    15.03.023