Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy by sermoncentral

එය නොරිස්සුම් දෙන ප්‍රකාශයක් නිසා පහත සඳහන් ප්‍රතිචාරය සටහන් කළා.

මේ කතාව පරාජිත මානසික තත්වයක් විදහාපාන දුර්වල ප්‍රකාශනයක්.

හැම පැත්තෙන්ම ඇහෙන්නේ අපට නැහැ අපට බැහැ අපට නායකයෙක් නැහැ අපට පක්ෂයක් නැහැ ඔන්න ඔය වගේ අවලාද.

බිහිවෙන්න හිටපු නායකයින්ව මරාදාලා. එහෙම නැත්නම් ඒ අයව රටින් පන්නා ගෙන.

පිටරට වී හෝ පණ බේරාගෙන රට නැවත නිවැරදි මාර්ගයට ගත හැක්කේ කෙසේද යන්න පැහැදිලි කළ පොත් පත් පවා පුස්තකාල වලින් ඉවත් කර, ඒ පොත් ලියූ කර්තෘවරුන්ට මඩ ගසමින්, මානසික රෝගීන් යැයි අවලාද නගමින් සමස්ත දේශපාලන පද්ධතියම උඩු උඩුයටිකුරු කර තිබෙනවා.

වර්තමානයේ දේශපාලන නමින් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ නැවත නැගී සිටිය නොහැකි අන්දමින් ජනතාවගේ කොඳු නාරටිය කඩා මොළ අටුවන් බැස්ස මුග්ධයින් පිරිසක් තාත්තාගෙන් පුතාට උරුම වෙන රජකම පමණක් නොවේ සොරකම ද පැවැත්මේ මූලික අරමුණ කරගෙන පවත්වාගෙන යන සූදුවක් වැනි ක්‍රීඩාවකි.

මෙම ක්‍රීඩාවේ සදාකාලික ජයග්‍රහකයන් පාලක පංතියම වන අතර පරාජිතයා හැමදාමත් දුක්විඳින ජනතාවමය.

ජනතාව ඉල්ලූ දේ ඔවුන්ට ලැබී ඇත.

මෙය වෙනස් කිරීමට උත්සාහ කරන අයට නඩු තීන්දුවකින් තොරව මරණ දණ්ඩනය නියම වී ඇත.

  • එඩ්වර්ඩ් –
    26.03.2023