Wed. Jul 3rd, 2024
Srilanak Consitiuion
Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94)

2024. 6.3.

1 කොටස

මේ රට වර්තමානයේ මුහුණපා ඇති දේශපාලන හා ආර්ථික අර්බුධවලින් නිදහස් වීමට තිබෙන හොඳම දේශපාලන උපක්‍රමය   1987 ව්‍යවස්ථාව වහාම අහෝසිකොට 1972 ජනරජ ව්‍යවස්ථාව යළි බලගන්වා, ජනාධිපතිවරණයක් නොපවත්වා, පාර්ලිමේතුවෙන් ඉදිරි වසර සඳහා ජනාධිපති වරයෙකු පත්කර ගැනීමය.

1) යෝජිත ජනාධිපති වරණය නොපැවැත්විය යුත්තේ ඇයි?

2) 1987 ව්‍යවස්ථාව අහෝසිකොට 1972 ව්‍යවස්ථාව පැනවීමෙන් රටට අත්වන ප්‍රතිලාභ මොනවාද?

යන උප මාතෘකා දෙක යටතේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට මම අදහස් කරමි.

1. යෝජිත ජනාධිපතිවරණය නොපැවැත්විය යුත්තේ ඇයි?

1. පළමුවම, මෙම ජනාධිපති තරඟයට ඉදිරිපත්ව සීටින ප්‍රධාන අපේක්ෂකයින් තුන්දෙනාගෙන් එක් අයෙකු හෝ මේ සිංහල බෞද්ධ රටේ නායකත්වයට කිසිසේත්ම සුදුසු නැත.

මන්ද, මේ රටේ ජනාධිපති වියයුත්තේ වසර 2500 ක මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය,සහ රාජ්‍ය පාලනය පිලිබඳ  හසල දැණුමක් ඇති, රටේ ඉතිහාසය, භූගෝලය පිලිබඳ මනා වැටහීමක් ඇති, මේ රටේ ජාතිය සිංහල බව සහ බුද්ධාගම රාජ්‍ය ආගම පිළිගන්නා, මේ රටට හා සිංහල ජාතියට ආදරයක් ඇති, ජාතියේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා දන්නා, වසර 600 පමණ කාලයක් පුරා යටත්විජිතවාදීන්ට කඩුවෙන් හා තුවක්කුවෙන් විනාශකිරීමට නොහැකී වූ ඊනියා තුන්වැනි ලෝකය වශයෙන් ඔවුන් හඳුන්වන අපගේ රට වැනි රටවල් ආර්ථික,මූල්‍යමය වානිජ සහ තාක්ෂනික උපාය මාර්ග මගින් විනාශ කිරිම සඳහා අටවාගෙන ඇති ඔවුන්ගේ නවතම උපාය මාර්ග වන IMF සහ World Bank වැනි විෂම ආයතන කෙරෙහි විශ්වාශයක් නොතබා, ස්වෝත්සහය කෙරෙහි විශවාශය තබන, තම එකම අරමුණ ධනවත් වීම සහ බලවත් වීම නොව, තම ධනය සහ බලය මෙන්ම දැණුම රට, ජාතිය සහ ආගමේ චිරස්ත්ථිය පදනම්කොට ගත් පරාර්ථ සේවය බවත්,  එසේම බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමවේධය වූ රටේ වැසියන් තම දරුවන් වෂයෙන් සලකන සිංහල බෞද්ධ නායයකයෙකුට පමණක් වන නිසාය.

2. ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනාම මේ ගණයට නොවැටේ.

 මේ තුන්දෙනාගෙන් කිසිවෙකු මේ රට ක්‍රි. පූ. 307 සිට1815 දක්වාම සිංහල බෞද්ධ රාජ්‍යක් වෂයෙන් පැවති බව හෝ නොදනී. එසේම ඒ බවවත් පිලිනොගනී. ඔවුන් තිදෙනාම බටහිරින් ණයට ගත් බහු ජාතික,බහු ආගමික, බහු භාසික මත ධාරීන්ය.ඒ නිසාම  මේ සිංහල බෞද්ධ රටේ රාජ්‍ය නායකත්යවයට කිසිසේත්ම ඔවුන්  සුදුසු නොවේ. 3.මොවුන් තිදෙනාගෙන් කවුරු බලයට පත්වුවත්, උතුරු නැගෙනහිර වසර 350 කට අඩු (LKN Pereraa 2020) පදින්චියක් ඇති මලබා දෙමලුන්ටද, වයඹ පුත්තලම මන්නාරම සහ ගිනිකොන පානමපත්තුව මුස්ලිම් වරුන්ටද ශ්‍රී ලංකා රාජ්‍යයේ භූගෝලීය “හදබිම” වන උඩරට කඳුකරය සුද්දන් විසින් ඔවුන්ගේ තේවතුවල වහල් මෙහෙයට ගෙනවිත් 1948 මෙහි අතරමන්කොට දමාගිය, 1987 ජේ.ආර්/ රජිව්/ගිවිසුම යටතේ රුපියලේ රටවැසි බව ලබාගත් ඉන්දීය දෙමළ වතු කම්කරුවන්ටද සින්නක්කරකොට ලියාදෙනු නියතය.  රනිල්, සජිත් සහ අනුර යන තුන්දෙනාම දැනටමත් කඳුකරයේ තේ ඉඩම් එහි සිටින ඉන්දීය කම්කරුවන්ට දීමට සහ නිවාස ඇතුළු සියළු පහසුකම් දිමටද රැස්වීම් වලදී පොරොන්දු වී ඇත. සජිත් මේ රටට ඩොලර් ගේන්නේත්, අපි හුස්ම ගන්නේත් තමුන්නන්සේලානිසා. ඒ නිසා අපේ රජයක් යටතේ,තමුන්නාන්සේලා වතු කම්කරුවන් නෙවෙයි මේ වතුවල අයිතිකරවන් බවට පත් කරනවා” කියා කී බව පුවත් පතක පලවී තිබින. රට ගැන සහ රටේ ආර්ථිකය පිලිබඳ මේ රටේ ජනාධිපති වීමට බලාපොරොත්ටුවන දේශපාලඥයින්ගේ දැණුමේ ප්‍රමාණය කුමක්  වුවත් ඔවුන් කතා කරන්නේ කොහෙන්දැයි මට ගැටළුවක් ඇත. අනෙක් අතින් 1840 න් පසු සුද්දන් විසින් මේ ඉඩම්වල අයිති කරුවන් වූ උඩරට සිංහලයින් සමූල ඝාතනය කොට බලහත්කාරයෙන් අල්ලාගත් ඔවුන්ගේ ප්‍රවේණී ඉඩම් බවවත් මේ අමන දේශපාලනඥ්යින් දන්නවාද? මොවුන් මේ පාවාදීම් සියල්ල කරණුයේ වතු කම්කරුවන්ගේ චන්දය නමැති එළු බිජුව ලබාගැනීමටය.

1815 ට පෙර මේ ඉඩම්වල මුල් අයිතිකරුවන් වූයේ මේ රටේ උඩරට සිංහලයින්ය.එමනිසා සුද්දන් ගිය පසු ඒවා ලබාදිය යුත්තේ එම ඉඩම්වල ප්‍රවේණී උරුම කරුවන් වන උඩරට සිංහලයින්ටය. එසේ තිබියදී ඔවුන් ගැන එක වචනයක්වත් නොකියා, චන්දය ලබාගැනීමේ එකම අරමුනින්, සුද්දන්ගේ වතුවල වහල් මෙහෙයට ඉන්දියාවෙන් ගෙන්වාගත් දෙමලුන්ට මේ ඉඩම් දීමට පොරොන්දුවන මෙවැනි  පුද්ගලයින් මේ සිංහල රටේ රාජ්‍ය නායකයින් වීමට සුදුසු වන්නේ කෙසේද.

ඒ අතර පසුගිය වෙසක් පෝයදා රනිල් රටේ නායකයා වශයන් පළමුව යායුත්තේ ශ්‍රි දළදා මාලිගාවට වුවත් ඔහු ගියේ යාපනයටය. එදා එහිදී දොරේඅප්පා ක්‍රිඩාන්ගනයේ පැවති ජාතික තරුණ සභාව සන්විධානය කළ උත්සවයකදී සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයූ විට ඔහුට කේන්ති ගිය බවද” එය දෙමලෙන්ද ගැයීමට (ව්‍යවස්ථාවද උල්ලන්ඝනය කරමින්) විධානය කළ බවද ඉරිද රිවිර පුවත් පතේ පලවිය.  එක රටකට ඇත්තේ එක ජාතික ගීයක් පමණක් බවවත් නොදන්නා මෙවැනි පුද්ගලයෙකු මේ රටේ රාජ්‍ය නායකයා කිරීමට සුදුසු වන්නේ කෙසේද?

4.මොවුන් මේ රටේ ඉතිහාශය හෝ භූගෝලය මෙන්ම ශිෂ්ඨාචාරයද නොදනී. ඔවුන් තිදෙනාගේම එකම අරමුණ කෙසේ හෝ තම චන්දගොඩ වැඩිකර ගැනීම මිස රට ජාතිය ගොඩ ගැනීම නොවේ. මන්ද මොවුන්ට රටක් නැත,ජාතියක්ද නැත. ආගමක්ද නැත.  මොවුන්ට දේශපාලනය රක්ෂාවක් පමණි.මොවුන් කිසිවෙකු වචනයේ පරිසමාප්තයෙන්ම සිංහල බෞද්ධයින් නොවේ.ඔවුන් තිදෙනාම කලින් කලට චන්ද ගොදුරු සොයා එන චන්ද විලෝපිතයින් පමණි. මොවුන් කිසිවෙකුගේ සිතේ හෝ ගතේ සිංහල බෞද්ධ කමක් ගෑවිලාවත් නැත. ඔවුහු පන්සලට ගිය විට බෞඋද්ධයෝය, කෝවිලට ගියවිට හින්දු භක්තිකයෝය. මුස්ලිම් පල්ලියට විට මුස්ලිම් භක්තිකයෝය. පල්ලියකට ගිය විට කතෝලික හෝ  කිතුණු භක්තිකයෝය. එමනිසා මහාවන්ශයේ එන පරිදි මේ රටේ රජ-බුදුසසුන සහ ජනතාව යන තුනම එකක් වූ මේ රටේ රාජ්‍ය භාරව සිටීමට මේ කිසිවෙක් සුදුසු නැත. මන්ද මොවුන් සියළු දෙනාම මිත්‍යාදෘෂ්ඨික විලෝපිත දේශපාලකයින් පමණක් වන නිසාය. එසේම රට, ජාතිය ගොඩගැනීමේ කිසිදු දර්ෂණයක් හෝ ධූත මෙහෙවරක්ද මොවුන් කිසිවෙකුට නැත.

5.ඊටත් වඩා මේ කිසිවෙකුට අද මේ රට ඔවුන් සහ ඔවුන්ගේ පූර්වගාමීන් විසින්ම වසර 76 ක් පමණ කාලයක් තුල ඇදදමා ඇති දේශපාලන, ආර්ථික හා සමාජ මඩ ගොහොරුවෙන් ගොඩගැනීමේ කිසිම සැළැසුමක් ද නැත. ඔවුන්ගේ එකම අරමුන රාජ්‍ය නායකත්වයේ රජ සැප විඳීම සඳහා එකෙක් පරදා අනෙකා බලයට ඒම පමණි.උදහරණයක් වශයෙන් මේ එක් අයෙක් හෝ 37 වසරක් පුරා මේ රටත්  ජාතියත් විනාශකළ රටට සාපයක් වූ විධායක ජනාධිපති කම අහෝසි කරන බවක්ද ප්‍රකාශකර නැත. මේ බව රනිල්ම කියයි. එහෙත් ඔහුද එය අහෝසි කිරීමට අකමැතිය. එයින්ම ඔවුන්ගේ පාට පැහැදිළි වේ. පරාර්ථය ඔවුන්ගේ ශබ්දකෝෂයේ නැත.

6.වතුකරයේ දෙමළ චන්ද ලක්ෂ 5 ට මුලු උඩරට ඇතුළු මේ රටම පාවා දීමට වළිකන මොවුන්, 1505 සිට 1815 දක්වාත් එසේම 1818 සහ 1848 දීත් දසදහස් ගණනින් මිය යමින් ලක්ෂ ගණනින් අවතැන් වෙමින් තමන් සතු සබ්බසහිරයම නැතිකර ගනිමින් අද ජීවත්වන, අපට ජීවත්වීම සඳහා මේ මහපොලවත් එසේම් සිංහල ජාතියත් බුදු සසුනත් ආරක්ෂා කොට දෙමින් තම ඉඩකඩම් අක්කර ලක්ෂ 13ක් අහිමිකරගත්තවුන්ගෙන් පැවත එන තම මව්බිමේම අනාථයින් වී සිටින 50 ලක්ෂයක් පමණ වන උඩරට සිංහලයින් ගැන එක වචනයක් කතා කරන්වාද?  ලක්ෂ 60 කට ආසන්න   ඔවුන්ගේ ඡන්ද, ඡන්ද නොවේද? දෙමළ චන්ද වලින්ම දිනන්ට කියා එක සිංහලයෙක්වත් මොවුන්ට චන්දය නොදිය යුතුය.

කොටින්ම අද මේ රටේ ජීවත්වන සිංහල අප සියළු දෙනාම ජීවත්වන්නේද, අපට ජීවත් වීමට ලක් පොලවක් ඉතිරිවී තිබෙන්නේද අපගේ ඒ වීරෝධාර උඩරට මුතුන් මිත්තන්ට පින් සිදුවන්ටය.නමුත් ඔවුන් ගැන එක වචනයක් හෝ මේ එක් අපේක්ෂකයෙක් කථා කරණවා ඔබ අසා තිබනවාද?

7.එමනිසා මොවුන් තිදෙනාගෙන් කවුරු පත්කරගත්තත් ඔවුන් මේ රටට තවත් එක් බරක් මිස කිසිදාක සම්පතක් නොවණු ඇත. එම නිසාද මේ අවස්ථාවේ දි රටක් වෂයෙන් අප ගත යුතු හොඳම තීරණය වණුයේ මේ චන්දය නොපවත්වා මවිසින් යෝජනාකොට ඇති පරිදි 1978 ව්‍යවස්ථාව අහෝසි කොට 1972 ව්‍යවස්තාව බලගන්වා ඒ යටතේ රටට ගැලපෙන, මා ඉහතින් සඳහන් කරණ ළද සුදුසුකම් ඇති සිංහල  බෞද්ධ ජනනායකයෙක් නව ජනාධිපති වරයා වශයෙන් පාර්ලිමේන්තුව විසින් ඉදිරි වසර සඳහා තෝරා ගැනීමය.

8.දෙවණුව, මෙම මැතිවරණයෙන් කිසිම අපේක්ෂකයෙකුට දිනීමට අවශ්‍ය 50% තබා 40% වත් ලැබෙන්නේ නැත. දෙවැනි මනාපය එකතු කළද කිවෙකුට 50% නොලැබෙණු ඇත. එසේවූ විට ව්‍යවස්ථාව යටතේ  දෙවැනි මනාපයත් ස්මඟ වැඩි චන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපති වෂයෙන් ප්‍රකාශ කලද 50% නැති නිසා එයද ව්‍යවස්ථා විරෝධීය. යමෙක් අධිකරණයට ගියහොත් මැතිවරණය අවලන්ගු කිරීමටද ඉඩ ඇත.

යම් ලෙසකින් එසේ වුවහොත් නැවත මැතිවරණයක් පැවැත්විය යුතුය. ඒ මැතිවරණයටද තවත් කෝටි 1000කට වැඩි මුදලක් වැය වණු ඇත. එයින් සිදුවන්නේ රට කබලෙන් ලිපටම වැටීමය. එසේම දෙවන මැතිවරණයක් පැවැත්වුවද යලිත් කිසිවෙකුට 50% නම් ගැනීමට ඉඩක් නැත. එසේ වූ විට රට අන්තෝ ජටා බහි ජටා තත්වයට පෙරලී රට තවත් අවුලෙන් අවුලටම පතවනු නියතය.එසේ වුවහොත් මේ රටට කුමකින් කුමක්වේදැයි සිතා ගැනීමට පවා නොහැකිය.

 9.මේ අතරේ දෙමළ අපෙක්ෂකයෙකුත් ඉදිරිපත් වුවහොත් රනිල්  සජිත් සහ අනුරට එක දෙමල චන්දයක් වත් ලැබෙන්නේ නැත. එසේ සිදුවුවහොත් ඉන් සිදුවන්නේ බෙදුම්වාදට යලිත් පණ ඒම පමණය. මන්ද, මේ රටේ සිංහල යින්, සිංහල නුනාට, දෙමලුන් දෙමළය. මුස්ලිම්වරු මුස්ලිම්ය. එහෙත් ඔවුන්ගේ මෙහි තිබෙන්නේ කඳ බඩ පමණි.හිස සහ හදවත තිබෙන්නේ පිළිවෙලින් ඉන්දියාවේ සහ අරාබිකරයේය. වර්තමාන සිංහලයින්ගේ හිස සහ හදවත තිබෙන්නේ කොහේදැයි මම නොදනිමි.

10.මෙම පසුබිමේ මේ තුන්දෙනාගෙන් කවුරු ජනාධිපති උනත්, ඔහුට සහ ඔහුගේ නෑදෑ හිතමිතුරන්ට මිස, රටට හෝ ජනතාවට නම් කිසිදු යහපතක් වන්නේ නැත. මේ කවුරු ආවත් සිදුවන එකම දෙය රට තවත් අවුලෙන් අවුලට යාම සහ හිඟමනට පත්වීම පමණි. මන්ද ඔවුන් කිසිවෙකු මේ පදවියට සුදුසු නැති නිසාය.එසේම මේ කිවෙකුට අද රට වැටී ඇති නරාවලෙන් ගොඩගැනීමට පැහැදිළි මානසික, දේශපාලන ,ආර්ථික හා සන්ස්කෘතික වැඩපිලිවෙලක්ද නැති නිසාය.

දැනට පවතින තත්වය යටතේ සිව්වන අපේක්ෂකයෙකු පේනතෙක් මානයේ නැත. එහෙත් එබඳු අපේක්ෂකයෙකුගේ ඡායාවක් මව්බිම පක්ෂයේ නායක් දිලිප් ජයවීර කෙරෙහි මම දකිමි.මේ රටේ ජාතිකත්වය, සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සහ අපේකම ගැන කතාකරණ එකම පුද්ගලයා ඔහුය. එසේම ඔහු ඇට්ටරවූ කපටි දේශපාලකයෙකුද නොවේ.කෙසේ වුවද ඔහුට තව බොහෝ දුර ගමනක් යා යුතුව ඇත. එසේම ඔහු 80% ක් වන ගැමි ජනතාව අතරට සන්විධානාත්මකව ප්‍රවේශ විය යුතුය. 2019 දී ගෝඨාභයට දුන්, දැනට අනාථයින්වී සිටින සින්හල බෞද්ධ චන්ද 69 ලක්ෂයෙන් 50 ලක්ෂයකගේ සිත් දිනාගත හැකිනම් නියත වෂයෙන්ම ඔහුට  ජයගත හැක.  අරමුණ වියයුත්තේ ඒ 69 මය. 

2019 ජනාධිපති වරණයේදී ගෝඨාභයට 69 ලක්ෂයකට වැඩි චන්ද ලැබෙන බවකී එකම පුද්ගලයා වෂයෙන් මා මෙම අනාවැකිය කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ ගැමියෙකු වෂයෙනි. මෙම මැතිවරණය පැවැත්වෙන්නේ මේ රටේ ඉතිහාසයේ මීට පෙර කිසිම  කළක  නොවූ විරූ අන්දමින් වුර්තීය දෙශපාලක්යින් එපාවී සිටින ඔවුන්ට වයිර කරන  එසේම සාපකරණ වකවානුවකය. අද සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වූ එ.ජා.ප.  ශ්‍රී. ල. නි.ප. සියල්ලම මියගොස්ය.  පොහොට්ටුවද ඔවුන්ට ලැබුණු ලක්ෂ 69 රනිල්ට පාවාදීම නිසා මිහිදන් වී අවසන්ය. අඳුරු අතීතයක් ඇතත්, ජාතිකත්වයක් නැතත්, රට ගොඩ ගැනීමට පැහැදිළි වැඩපිලිවෙලක් නැතත් ජ.වි.පෙ. වටේ මිනිසුන් රොක්වන්නේ යායුතු තැනක් නැතිව  අතරමන්වු මේ පිරිසය.

 මේ තත්වය යටතේ අද මිනිසුන්ට අවශ්‍යව ඇත්තේ ගතානුගතික,ජරාජීර්ණ දේශ පාලනයෙන් බැහැර වූ නවතම  ප්‍රවේශයක් සහිත දේශපාලනයක්. එසේම අද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ දේශපාලනයේ වසර 60-70 ගෙවලයින් මෙන් අරක්ගෙන සිටින දේශපාලන පෙරේතයින්ගෙන් තොර නව යුගයකට රට ගෙනයා හැකි අලුත්ම නායකත්වයක්.

ජාතික ජනබල පෙරමුණේ රැස්වීම් වලට අති විශාල පිරිසක් පැමිනීමට ප්‍රධාන හේතුව මෙයයයි මම සිතමි.එසේ නැතිව ඔවුන් 1971 සහ 89 කාලයේ සිදුකළ අපරාධ අමතක් වීමක් නිසාද නොවේ.

කිසියම් කෙනෙක් මා මේ කියන ප්‍රවේශය අනුගමනය කළහොත් ඔවුන්ගේ රැස්වීම් වලට අද ඇදෙන පිරිස්ද ජනාධිපති වරණයේදී මේ නවකයාට  චන්දය දෙනු නියතය.

මන්ද, අද මේ රටේ බහුතරයට අවශ්‍යව ඇත්තේ 1815 දී සිංහල බෞද්ධයාට අහිමිවූ ඒ රට සහ සිංහල බෞද්ධ සමාජය සහ ඔවුන්ගේ ඒ අභිමානවත් අතීතයේ පදනම මත ගොඩ නැගෙන නවලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකිමේ පින් බිමට ස්වභාවධර්මයා විසින් ලබාදී ඇති භෞතික හා මානව සම්පත් සහ දිවයිනේ ගෝලීය පිහිටිමේ වාශිය උපරිම ව්ශයෙන් යොදාගෙන, සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය  ගොඩ  ගොඩනගා ගැනීමය. ඉදිරිමාස 4 තුල මව්බිම ජනතා පක්ෂයේ නායකයාට මේ පණිවිඩය ප්‍රබලව ගමට හා නගරයට සාර්ථකව ගෙනයා හැකිනම් ජය කණුව කරා යාම ඔහුට අපහසු නොවණු ඇත.

ඒ සඳහා සැලසුමක් මා සතුව ඇත. එය සාකච්චා කිරීමට ඔහු කැමතිනම් මේ ලිපිය ලියන මා, ඔහු හමුවීමට සූදානම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් තිබුණද මේ අවස්ථාවේ ජනාධිපති මැතිවරණය නොතබා 1978 ව්‍යවස්ථාව වෙනුවට 1972 ව්‍යවස්ථාව ආදේශකළ යුතුය යන්න මාගේ දැඩි නිගමණයයි. ඒ සඳහා ව්‍යවස්ථාමය ගැටළු පැනනගින බවද, කාලය හරස්වන බවද මම හොඳාකාරවම දනිමි.මා එහෙත් මා මෙම යෝජනාව රට ඉදිරියේ තබණුයේ, හුදෙක් මගේ රට,ජාතිය සහ බුදු සසුණේ චිරස්ථිතිය සඳහා මිස, ජනාධිපති කමට තරඟ වැදී සිටින අපේක්ෂකයින් මෙන් හුදු ආත්ම ලාභය සඳහා නොවේ.

අද මේ රට වැටී ඇහ්හි දේශපාලන,ආර්ථික, සාමාජික  හා වාර්ගික අර්බුධ වලට මූලික හෙතුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් විධායක ජනාධිපති ක්‍රම සහ පසුව ජනාධිපතිවරයාගේ දේශපාලන පැවැත්ම සඳහා ඊට ඇතුලත් කරණලද අ 13, 14.15.සහ 16 වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී එසේම 1977 ජනවරමද උල්ලන්ඝනය කොට  සිදුකොට ඇති ව්‍යවස්ථා සන්සෝධන ඇතුලත් එම ව්‍යවස්ථාවය.  එමනිසා එය නීත්‍යානුකූළ ලේඛණයක් වෂයෙන් මගේ කිසිම පිලිගැනීමක් නැත. අනෙක් අතින් 1972 ව්‍යවස්ථාවේ එවැනි මත භේධයට ලක්වූ වගන්ති කිසිවක් නැති නිසාද රට හෝ ජාතිය පාවාදීම් කිසිවක්  නැති නිසාද, ඒකාධිපති විධායක ජනපති තනතුරක් නැතීසේම  මේ රටට සෑම අතින්ම ගැලපෙන නිසාද, රට වැටී ඇති අඝාධයෙන් ගොඩ ගැනීම සඳහා මා යෝජනා කරන්නේ 1978 ව්‍යවස්ථාව අහෝසිකොට 1972 ව්‍යවස්ථාව වහාම නැවතත් ප්‍රතිස්ඨාපනය කරනමෙන්ය.

අද මේ  රටේ පවතින තත්වය යටතේ රට ජාතිය බේරාගැනීමට තිබෙන හොඳම විසඳුම එය වශයෙන් මා දකින්නේ 37 වසරක් පුරා මේ රට පෙළු, මේ රට විනාශකළ, රටට හා ජාතියට ඉමහත් ශාපයක් වූ, එසේම මේ රටේ දේශපාලනය, පරිපාලනය මෙන්ම අර්ථිකයද  ඉන්දියන් සාගරයේ පතුලටම බස්වා, 1948  වන විට ආසියාවේම පොහොසත්ම රට එසේම 1977 වනවිට පිට රටකට ශතයක් හෝ ණය නොතිබුණු මේ රට අද ආසියාවේම හිඟන රට බවට පත් කළ, විධායක ජනාධිපති ක්‍රමය මේ රට හඳුන්වාදුන්  ජේ.ආර්ගේ,  ගෙදරදී ලිවූ කිසිම ජනවරමක් නැති, පාර්ලිමේන්තුව මත බලයෙන් පැටවූ, 1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති හූනියම දැන්වත් අහෝසිකොට,   රටේ පූර්ණ ජනවරමක් ඇතිව සකස්කොට ජාතික රාජ්‍ය සභාවෙන් ප්‍රජාතාන්ත්‍රිකව සම්මත වූ, එසේම  මේ රට 1815 න් පසු පළමු වරට, ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ  බලතල සහ පරමාධි පත්‍ය සහිත  පූර්ණ නිදහස්, ස්වඉරී ජනරජයක් බවට පත්කළ, 1972 ජනරජ ව්‍යවස්ථාව අප්‍රමාධව යළි බල ගැන්වීම යයි මම යෝජනා කරමි.

37 වසරක් වැනි කෙටි කාලයක් තුල 21 වතාවක් සන්ශෝධනය කොට, රාජ්‍ය භාෂාව, පාර්ලිමෙන්තුවේ සන්යුතිය,රටේ භෞමික අඛණ්ඩතාව,රාජ්‍යයේ ඒකීය භාවය,විධායකය, රාජ්‍ය පරිපාලන රටාව වැනි සියල්ම කපාකොටා විච්ඡේධනය කොට, විෂේශයෙන්ම 13 වන සන්ශෝධනයෙන්  78 ව්‍යවස්ථාවේ ආත්මය මරා දමා ඇති  බැවින් 78  ව්‍යවස්ථාවේ ඉතිරි කොටස්ද  ඉවත් කිරීමෙනේ  මුල් ව්‍යවස්ථාවට හානියක් වීමට කිසිවක් ඉතිරිව නැති නිසා එය පරිඡ්චින්න කිරීමෙන් රාජ්‍යට,රාජ්‍ය තන්ත්‍රයට හෝ ජනතා අයිතිවාසිකම් වලට, යහපතක් මිස, කිසිදු හානියක්ද සිදු නොවේ.1978 ව්‍යවස්ථාව දැන් හිස,  හදවත, බඩ සහ දෙකකුල් නැති කවන්දක් වැනිය.එබැවින් ඉතිරියද ඉවත් කිර්‍රිමෙන් මේ රටට හෝ ජාතියට, කිව නොහැකි තරමේ යහපතක් මිස කිසිදු හානියක් නොවේ.

1972 බලගැන්විමෙන් 1978 ව්‍යවස්ථාවේ සියළුම අඩු පාඩු ඉවත්වන නිසාද , සිංහල බෞද්ධයින්ගේ අපේක්ෂා ඉටුවන නිසාද,  දැනට සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් 57 දෙනෙකු අඩුවනනිසාද, 13 වන සන්ශෝධනයද ඉවත් වන නිසාද, ඒ සමඟම පලාත් සභා ක්‍රමයද අහෝසිවන නිසාද, පවතින විච්චූරණ මැතිවරණ ක්‍රමමෙන්ම පක්ෂ නායකයින්ට වගකියන දිසා මන්ත්‍රීන් වෙනුවට නැවතත් ආශනයේ චන්ද දායකයින්ට වග කියන මන්ත්‍රීන්  පත්වනවන නිසාද, 1972 සෑම අතින්ම 1978 ට වඩා මේ සිංහල බෞද්ධ රටට සාකල්‍යෙන්ම ගැලපෙන නිසාද, රට දේශපාලන වශයෙන් ස්ථාවර වන නිසාද 1972  බලගැන්වීම ගැන කිසිවෙකුට එරෙහි වීමට කිසිදු හේතුවක් නැත

ඒ සඳහා අවශ්‍යවනුයේ මැතිසභයේ 2/3 කකින් එම යෝජනාව සම්මතකොට ජනමත විචාරණයකින් එය අනුමත කරගැනීම පමණි. ජනමත විචාරණයද දීප ව්‍යාප්ත වුවද ඒ සඳහා ජනාධිපති වරණයකට වැයවන මුදලම නොයනු ඇත. මන්ද එහිදී චන්ද රැස්වීම්, පොස්ටර්,බැන්නර් ආදිය නැති නිසාය.මෙම ජනමත විචාරණයට වැයකිරීමට සිදුවණුයේ චන්දය පැවැත්වීම වෙනුවෙන් වැයවන මුදල පමණි. ජනමතය විමසියයුත්තේ 1972 ද 1978 ද යන්න ගැන පමණි.රට ජාතියට  ආදරය ඇති එසේම සිහි මොලේ ඇති කිසිවෙකු 78 ඕනෑ  කියයි කියා මම නොසිතමි. ඊට විරුද්ධ සුළුපිරිසක් සීටියද බහුතරය විරුද්ධ නොවනබව මට හොඳටම විශ්වාශය.

ඒ අතරම ජනාධිපති වරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ නාස්ති කරන මුදල් මෙන්ම ඒ සඳහා අපතේ යන මිනිස් දින දසලක්ෂ ගානක්ද ඉතිරිවණු ඇත.  ඉන් ඉතිරිවන මුදල් රටේ සන්වර්ධනයට හෝ පීඩිත ජනතාවට සහන ලබාදීම සඳහා යොදාගත හැක. ඒ සමඟම චන්ද උනෙන් පෙලෙන ජනතාවද කිසියම් නිශ්පාදන කටයුත්තක යෙදෙන බැවින් රටේ ආර්ථිකයටද විශාල වාසියක් වනු ඇත.

එසේම මා මුලින් සඳහන් කළ පරිදි දෙවන ජනාධිපති වරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහාද නාස්ති කලයුතු කෝටි 1000 කට වැඩි මුදලක්ද රටට ඉතිරිවණු ඇත.

1978 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් රටට ලැබෙණ ප්‍රතිලාභ

1.1978 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කිරීමත් සමඟම,එම ව්‍යවස්ථාව යටතේ මේ රට හා ජාතිය විනාශකළ පහත සඳහන් සියලුම ආයතන අහෝසි වනු ඇත.

2. මේ රටට හූනියමක් වී ඇති 1994 සිට ජනාධිපති වරුන් 6 දෙනෙක් මැතිවරණවලදි  අහෝසි කරණ බවට පොරොන්දුවී අහෝසි නොකළ එසේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකළ, රටේ බෞමික අඛණ්ඩතාව නැති කළ, සුලුජන කොටස්වල බලය අසීමිතව වැඩිකළ, සිංහල බෞද්ධයින්ගේ බලය විනාශකළ,  නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදය විනාශකොට එය විහිලුවක් බවට පත්කළ ඒකාධිපති විධායක ජනාධිපති තනතුර අහෝසිවීම

3. මේ රටේ අභ්‍යන්තර පරිපාලනය විනාශ කොට රට අස්ථාවර කිරීමට ඉන්දියාව විසින් අප හිස මත පැටවූ හිසරදය, 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය ඇතුළු සියළුම සන්ශෝධනද සහිතව 78 ව්‍යවස්ථාව අහෝසි වීම

4.ඒ යටතේ ස්ථාපිත, රටේ සමස්ථ දේශපාලන, පරිපාලන ක්‍රියාවළිය එකම අවුල් ජාලයක් කළ පලාත් සභා හූනියම සහ ඊට සම්භන්ධ කැබිනට් අමාත්‍ය වැටුප් සහ වරප්‍රසාධ ලබන ජනතාව විසින් ප්‍රතික්ෂේප කරණලද දේශපාලන පරාජිතයින් හා අනාතයින්  වූ ආණ්ඩුකාරවරු සහ මහ ඇමැතිවරු ඇතුළු 700ක් පමණ වන මැති ඇමතිවරු, කියන පින්පඩි කාරයින් අහෝසි වීම.

5 පලාත් සභා යටතේ ඇති සියළුම ආයතන සහ   නිලධාරින් සහ සේවකයින් අහෝසි වීම.

6. සම්ප්‍රදායික දිසා පාලනය යළි ප්‍රකුර්තිමත්වී ජනතාව දේශපාලන ඇඟිලිගැසීම් වලින් තොර සාධාරන හා කාර්‍යක්ෂම  සේවයක් ලැබී ට වඩා හොඳ සේවයක් ලැබීම.

රජයට ඇතිවන ප්‍රතිලාභ

6 මෙතෙක් මෙම ආයතන විසින් ලබාගත් කෝටි සිය දහස් ගානක බදු මධ්‍යම රජයට ලැබීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය තර විම.

7. එසේම ජනාධිපති වරණයකට වැය වන රු. බිලියන15 ක් පමණ සහ විධායක ජනාධිපති වරයකු නඩත්තු කිර්‍රීමට වසරකට වැයවන කෝටි 107.7 කට (2021) ආසන්න විශාල මුදලක්ද මීට අමතරව රට පුරා ඇති හැමදාම මෙන් වසා තිබෙණ, මේ කුඩා රට පුරා පිහිටුවා ඇති අධිරාජ්‍ය වාදි නෂ්ඨාවශේෂ වන සුඛෝපභෝගී ජනාධිපති මන්දිර නඩත්තුවටද වැය වන අති විසාල මුදලත් රටට ඉතිරි කොට ගෙන එම මන්දිර රටට ප්‍රයෝජනවත් වෙනත් කටයුත්තකට යොදා ගත හැක.

එසේම ජනාධිපති වරණය පැවැත්වෙන කාලය තුල නිෂ්ක්‍රීය වන රටේ ජනජීවිතය, දෙශපාලන කලකෝහාල මෙන්ම   මැතිවරණයය නිසා රටට අහිමිවන මිනිස් දින ගණන සහ ඉන් අහිමිවන ආර්ථික පාඩුවද  සිදු නොවණු ඇත.

8 අනෙක් අතින් විධායක ජනාධිපතිකම අහෝසිකොට ජාතික රාජ්‍ය සභාවෙන් පත්කෙරෙණ, රාජ්‍ය සභාවට වගකියන ලකිසුරු වරයෙන් පත්කර ගැනීමෙන් විධායක ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට වැය වනඉහත වියදම් සියල්ල ඉතිරිවීම.

9 මීට අමතරව  ජනාධිපති කාර්‍යාල කාර්‍යමණඩල, උපදේශක, 6000 ක් පමණවන ප්‍රභූ ආරක්ෂක බලකාය, විදේශ ගමන්, සිය ගණනක් යාන වාහන ආදිය, විශ්‍රාම ගියවිට පවා නිළනිවාශ,ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා නාස්තිකෙරෙන ධනස්ඛන්ධය  ඉතිරිවීම. 

10 උතුරු නැගෙනහිරට පොලීස් හා ඉඩම් බලත ආදිය ඉල්ලිම සහ එසේ කරනමෙන් ඉන්දියාවේ බලපෑම නැතිවීම

11 බෙදුම්වාදි ඉල්ලීම් දුර්වල වීම

12 වර්තමාන ජනාධිපතිවරයා වැනි රටක ජන ප්‍රසාධය 0 ඇති කෙනෙකුට වුවත් 1978 ව්‍යවස්ථාවේ අන්ක 40 යටතේ මෙන් හොල්මන් ජනාධිපති වරයකු පත්විය නොහැකි

13. ව්‍යවස්ථාවේ 62 යටතේ පාර්ලිමේන්තු මත්‍රී සන්ඛ්‍යාව වූයේ 196 කි. ඒත් 1977 සීටි 168 ට වඩා 28 වැඩි කිරීමකි. 1972 බලගැන්වූවිට ජාතික ලැයිස්තුවේ 29 මෙන්ම මේ 28 දෙනාද ඉවත් වේ.ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවෙන් අඩුවන මුලු ගණැන 57 කි.

14චන්දයකින් මැති සභයට ඒමට නොහැකි එසේම චන්දයකින් පත් වෙන ජනතා නියෝජිතයෙකු නොකරණ  දේවල් කරවාගත හැකි තමන්ට ඕනෑ ගජමිතුරන් ඇතුලට ගැනීම සඳහා ජේ.ආර්. ඇතිකළ   ඊනියා ජාතික ලැයිස්තුවද අහෝසි වේ. 

15 රටක මුළුමහත් ජනතාවම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට වුවද  1987 ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ රටේ ජනාධිපති වි ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව පිස්සු කෙලීමට  වුවද අවස්ථාවක් ලැබීම නතර වීම.

(මීට හොඳම උදාහාරණය රනිල් වැනි. 2005 සිට 2020 දක්වාම මුළු රටම ප්‍රතික්ෂේක්ප කළ දේශපාලන අනාතයෙක් 2022 දී 40 වගන්තිය අනුවමේ රටේ ජනාධිපති විය)

(1987 සිට අද දක්වා රට ජාතිය විනාශකළ, කෝටි ප්‍රකෝටි ගණනින් ජාතික ධනය රටට අහිමිකළ ගෙළලාගත් වන්ගෙඩියක් වැනි උරචක්‍රමාළයක් වෙණුවෙන් මෙතරම් අති විශාල ධනයක් වාර්ෂිකව වැය කරන්නේ කුමක් නිසාදැයි මම අසමි)

16 මෙ හැමටම වඩා ජේ.ආර් කලාක් මෙන් , තමන්ගේ තනි මතයට අනීතිකව , මන්ත්‍රීවරුන්ගෙන් දින නොමැති අස්වීමේ ලිපිගෙන  ඔවුන් හිරකර තබා,වෙලාවට පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන ඔවුන්ගේ චන්දය බලයෙන් ලබාගැනීම වැනි ඒකාධිපති වැඩද නතර වීම.(  ඔහු ඒ සියල්ල කළේ 1953 සිට 1977 දක්වාම එ.ජා. ප. මෙන්ම රටේ ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළ නිසා රටෙන් සහ සින්හල ජාතියෙන් පළි ගැනීමක් වශයෙනී).

17 වර්තමානයේ රනිල් කරන්නෙත් එයමය. 2005 සිට ඔහුව මුළු රටම ප්‍රතික්ෂේපකළ නිසා ඔහු දැන් තම මාමා කළ පරිදිම දුව දුවා සිංහලයින්ගෙන්,බෞද්ධයින්ගෙන් සහ රටෙන් පළි ගන්නවා. ඹටහිර ජාතීන්ගේ සහ ඉන්දියාවේ විධානයන් අනුව සිංහල ජාතියත් බුද්ධාගමත් මේ රටත් විනාශ කරනවා. මාරුවෙන් මාරුවට යාපනයට සහ නුවර එලියට ඉගිලෙමින් රජයේ ඉඩම් නිවාස, රැකියා, සන්වර්ධන කලාප සහ තවත් බොහෝ දේවල් දෙන්නේ එක් අතකින් චන්දේ ගන්ට අනෙක් අතින් සින්හල බෞද්ධයින්ගෙන් පළි ගන්ට. අරමුණ ලක්ෂ 10 ක දෙමළ චන්ද බා ගැනීමය.මේ අන්දමින් දෙමළ බෙදුම්ව්වාදීන්ට චන්ද අත්ලස් දෙන ඔහු ජාතියේ මුර දේවතාවුන් වන ත්‍රි නිකායික මහා නායක හිමිවරුන්  වීසින්  ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වෙසක් දිනය වෙනුවෙන් නිදහස දෙනමෙන් කරණලද ඉල්ලිමවත් තුට්ටුවකට ගනන්ගත්තේ නැත. ඒ විධායක බලයේ අනුහසද?

18.1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත් කරණු ලබන්නේ අගමැති. එම ජනාධිපටිට, විධායක ජනාදිපතිට තරම් පරිවාර සේනා ,ආරක්ෂකයින්,කාර්‍ය මන්ඩල, යාන වාහන වැනි අධික වියදම්ද නැත.

19 ජනාධිපති වීමට 1978 ව්‍යවස්ථාවෙන් මෙන් සුළු ජනකො ටස්වල චන්දය කෙරෙහි යැපිමක් නැති වීම.

20. මේ සියල්ලටම වඩා අවුරුදු 34ක් වැනි කෙටි කාලයක් තුල 21 ක් වතාවක් සන්සෝධනය කළ රටේ සහ ජනතාවගේ පොදු යහපතට  වඩා දේශපාලකයින්ගේ හුදු පැවැත්ම සඳහා සම්මත කරණලද එක් ආත්මාර්ථකාමි පුද්ගලයෙකුගේ අවෂ්‍යතාවන් පිරිමසා ගැනීමට 7,1.14 සහ 16 වැනි සන්සෝධන සහ  මේ රටේ භෞතික අඛණඩතාව,ස්වයිරී භාවය ස්වාධිපත්‍ය, ආර්ථිකය සහ රාෂ්ට්‍රපාලන යාන්ත්‍රණය මුලුමනින්ම අක්‍රීයකොට මේ රටේ භූමිපුත්‍රයිනිගේ අභිලාෂයන්ට වඩා ඉන්දියාවේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සකස්කළ 13 වන සන්ශෝධනය ඇතුළු සන්සෝධන් 21ක් නිසා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවකට වඩා සතිපතා පුවත්පතක් බවට පත්කොට ඇති ව්‍යවස්ථාව නැමැති මේ රට විනාශකළ දේශපාලන හුනියම අහෝසිවීම.

වසර 37 ක අවිචාරවත් හා විනාශකාරී දේශපාලන සහ පරිපාලන ශාපයක් අවසන්වීම

1978 ව්‍යවස්ථාව පරිඡ්චින්න කිරීමත් සමඟම විධායක ජනාධිපතිකමද අහෝසිවනවා.ඒ සමඟම 1972 ජනරජ විවස්ථාව පැනවෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථා බලගැන්වීමෙන් පසු රනිල්ගේ ධුර කාලය අවසන් වෙනවා.

අගමැති වරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ඊලඟට නව ජනාධිපති වරයෙක් පත්කර ගන්නවා. නව රජය 2025 මහමැතිවරණය පවත්වනතුරු රාජ්‍ය විචාරණය කරණු ඇත. ඒ සමඟම මෙ රටේ නව සිංහල බෞද්ධ නායකත්වයක් යටතේ සුභ අනාගතයක්ද  උදාවෙනවා.

 ඉහත සඳහන් හේතු නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගෙන් මේ රටට හා ජනතාවට අබැටක් පමණ හෝ ආදරයක් තිබේනම් 1978 ව්‍යවස්ථාව -මේ රට විනාශකළ ජේ. ආ.ර් ගේ   දේශපාලන උගුල වහාම අහෝසිකොට කුණුකූඩයට දමා, , ජාතික රාජ්‍යසභාව වඳ ගැහැනියකු බවට පත්නොකර, 1972 ව්‍යවස්ථාව ප්‍රකාර ලකිසුරු (ජනාධිපති) වරයෙකු යටතේ පූර්ණ බලතල සහිත “ජාතික රාජ්‍ය සභාවක්” පත්කරගෙන අපගේ මාතෲභූමියට නව යුගයක් උදාකරගන්නා මෙන්, රට, ජාතිය සහ බුදු සසුනේ චිරස්තිථිය සඳහා, මේ උතුම් වසර 2500 ක අභිමානවත් ඉතිහාශයක් ඇති සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් දේශප්‍රේමී,ජාති හිතෛෂී ඔබ සැමගෙන් මම  ඉල්ලා සිටිමි.