Fri. Jul 5th, 2024
Srilanak Consitiuion
Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති (1991-94).

2024. 5.30

1 කොටස

මේ රට වර්තමානයේ මුහුණපා ඇති දේශපාලන හා ආර්ථික අර්බුධවලින් නිදහස් වීමට තිබෙන හොඳම දේශපාලන උපක්‍රමය   1978 ව්‍යවස්ථාව වහාම අහෝසිකොට 1972 ජනරජ ව්‍යවස්ථාව යළි බලගන්වා, ජනාධිපතිවරණයක් නොපවත්වා, පාර්ලිමේතුවෙන් ඉදිරි වසර සඳහා ජනාධිපති වරයෙකු පත්කර ගැනීමය.

1) යෝජිත ජනාධිපති වරණය නොපැවැත්විය යුත්තේ ඇයි?

2) 1978 ව්‍යවස්ථාව අහෝසිකොට 1972 ව්‍යවස්ථාව පැනවීමෙන් රටට අත්වන ප්‍රතිලාභ මොනවාද?

යන උප මාතෘකා දෙක යටතේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට මම අදහස් කරමි.

1. යෝජිත ජනාධිපතිවරණය නොපැවැත්විය යුත්තේ ඇයි?

1. පළමුවම, මෙම ජනාධිපති තරඟයට ඉදිරිපත්ව සීටින ප්‍රධාන අපේක්ෂකයින් තුන්දෙනාගෙන් එක් අයෙකු හෝ මේ සින්හල බෞද්ධ රටේ නායකත්වයට කිසිසේත්ම සුදුසු නැත. මන්ද, මේ රටේ ජනාධිපති වියයුත්තේ වසර 2500 ක මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය,සහ රාජ්‍ය පාලනය පිලිබඳ  හසල දැණුමක් ඇති, රටේ ඉතිහාසය, භූගෝලය පිලිබඳ මනා වැටහීමක් ඇති, මේ රටේ ජාතිය සින්හල බව සහ බුද්ධාගම රාජ්‍ය ආගම පිළිගන්නා, මේ රටට හා සින්හල ජාතියට ආදරයක් ඇති, ජාතියේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා දන්නා, රටේ වැසියන් තම දරුවන් වෂයෙන් සලකන සින්හල බෞද්ධ නායයකයෙකුට පමණක් වන නිසාය.

2. ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනාම මේ ගණයට නොවැටේ.

 මේ තුන්දෙනාගෙන් කිසිවෙකු මේ රට ක්‍රි. පූ. 307 සිට1815 දක්වාම සින්හල බෞද්ධ රාජ්‍යක් වෂයෙන් පැවති බව හෝ නොදනී. එසේම ඒ බවවත් පිලිනොගනී. ඔවුන් තිදෙනාම බටහිරින් ණයට ගත් බහු ජාතික,බහු ආගමික, බහු භාසික මත ධාරීන්ය.ඒ නිසාම  මේ සින්හල බෞද්ධ රටේ රාජ්‍ය නායකත්යවයට කිසිසේත්ම ඔවුන්  සුදුසු නොවේ. 3.මොවුන් තිදෙනාගෙන් කවුරු බලයට පත්වුවත්, උතුරු නැගෙනහිර වසර 350 කට අඩු (LKN Pereraa 2020) පදින්චියක් ඇති මලබා දෙමලුන්ටද, වයඹ පුත්තලම මන්නාරම සහ ගිනිකොන පානමපත්තුව මුස්ලිම් වරුන්ටද ශ්‍රී ලන්කා රාජ්‍යයේ භූගෝලීය “හදබිම” වන උඩරට කඳුකරය සුද්දන් විසින් ඔවුන්ගේ තේවතුවල වහල් මෙහෙයට ගෙනවිත් 1948 මෙහි අතරමන්කොට දමාගිය දෙමළ වතු කම්කරුවන්ටද සින්නක්කරකොට ලියාදෙනු නියතය.  රනිල්, සජිත් සහ අනුර යන තුන්දෙනාම දැනටමත් කඳුකරයේ තේ ඉඩම් එහි සිටින ඉන්දීය කම්කරුවන්ට දීමට සහ නිවාස ඇතුළු සියළු පහසුකම් දිමටද රැස්වීම් වලදී පොරොන්දු වී ඇත.  මොවුන් මේ පාවාදීම් සියල්ල කරණුයේ සුළුජන කොටස්වල චන්දය ලබාගැනීමටය.

1815 ට පෙර මේ ඉඩම්වල මුල් අයිතිකරුවන් වූයේ මේ රටේ උඩරට සින්හලයින්ය.එමනිසා සුද්දන් ගිය පසු ඒවා ලබාදිය යුත්තේ එම ඉඩම්වල ප්‍රවේණී උරුම කරුවන් වන උඩරට සින්හලයින්ටය. එසේ තිබියදී ඔවුන් ගැන එක වචනයක්වත් නොකියා සුද්දන්ගේ වතුවල වහල් මෙහෙයට ඉන්දියාවෙන් ගෙන්වාගත් දෙමලුන්ට මේ ඉඩම් දීමට පොරොන්දුවන පුද්ගලයින් මේ සින්හල රටෙ රාජ්‍ය නායකයින් වීමට සුදුසු වන්නේ කෙසේද.

ඒ අතර පසුගිය වෙසක් පෝයදා රනිල් රටේ නායකයා වශයන් පළමුව යායුත්තේ ශ්‍රි දළදා මාලිගාවට වුවත් ඔහු ගියේ යාපනයටය. එදා එහිදී දොරේඅප්පා ක්‍රිඩාන්ගනයේ පැවති ජාතික තරුණ සභාව සන්විධානය කළ උත්සවයකදී සින්හලෙන් පමණක් ජාතික ගීය ගැයූ විට ඔහුට කේන්ති ගිය බවද එය දෙමලෙන්ද ගැයීමට (ව්‍යවස්ථාවද උල්ලන්ඝනය කරමින්) විධානය කළ බවද ඉරිද රිවිර පුවත් පතේ පලවිය.  එක  රටකට ඇත්තේ එක ජාතික ගීයක් පමණක් බවවත් නොදන්නා මෙවැනිපුද්ගලයෙකුමේරටේරාජ්‍යනායකයාවීමටසුදුසුවන්නේකෙසේද?

4.මොවුන් මේ රටේ ඉතිහාශය හෝ භූගෝලය මෙන්ම ශිෂ්ඨාචාරයද නොදනී. ඔවුන් තිදෙනාගේම එකම අරමුණ කෙසේ හෝ තම චන්දගොඩ වැඩිකර ගැනීම මිස රට ජාතිය ගොඩ ගැනීම නොවේ. මන්ද මොවුන්ට රටක් නැත,ජාතියක්ද නැත. ආගමක්ද නැත.  මොවුන්ට දේශපාලනය රක්ෂාවක් පමණි.මොවුන් කිසිවෙකු වචනයේ පරිසමාප්තයෙන්ම සින්හල බෞද්ධයින් නොවේ.ඔවුන් තිදෙනාම කලින් කලට චන්ද ගොදුරු සොයා එන චන්ද විලෝපිතයින් පමණි. මොවුන් කිසිවෙකුගේ සිතේ හෝ ගතේ සින්හල බෞද්ධ කමක් ගෑවිලාවත් නැත. ඔවුහු පන්සලට ගිය විට බෞඋද්ධයෝය, කෝවිලට ගියවිට හින්දු භක්තිකයෝය. මුස්ලිම් පල්ලියට විට මුස්ලිම් භක්තිකයෝය. පල්ලියකට ගිය විට කතෝලික හෝ කිතුණු භක්තිකයෝය. එමනිසා මහාවන්ශයේ එන පරිදි මේ රටේ රජ-බුදුසසුන සහ ජනතාව යන තුනම එකක්’ වූ මේ රටේ රාජ්‍ය භාරව සිටීමට මේ කිසිවෙක් සුදුසු නැත. මන්ද මොවුන් සියළු දෙනාම මිත්‍යාදෘෂ්ඨික විලෝපිත දේශපාලකයින් පමණක් වන නිසාය.ය.එසේම රට, ජාතිය ගොඩගැනීමේ කිසිදු දර්ෂණයක් හෝ ධූත මෙහෙවරක්ද මොවුන් කිසිවෙකුට නැත.

5.ඊටත් වඩා මේ කිසිවෙකුට අද මේ රට ඔවුන් සහ ඔවුන්ගේ පූර්වගාමීන් විසින්ම වසර 76 ක් පමණ කාලයක් තුල ඇදදමා ඇති දේශපාලන, ආර්ථික හා සමාජ මඩ ගොහොරුවෙන් ගොඩගැනීමේ කිසිම සැළැසුමක් ද නැත. ඔවුන්ගේ එකම අරමුන රාජ්‍ය නායකත්වයේ රජ සැප විඳීම සඳහා එකෙක් පරදා අනෙකා බලයට ඒම පමණි.උදහරණයක් වශයෙන් මේ එක් අයෙක් හෝ 37 වසරක් පුරා මේ රටත්  ජාතියත් විනාශකළ රටට සාපයක් වූ විධායක ජනාධිපති කම අහෝසි කරන බවක්ද ප්‍රකාශකර නැත. මේ බව රනිල්ම කියයි. එහෙත් ඔහුද එය අහෝසි කිරීමට අකමැතිය. එයින්ම ඔවුන්ගේ පාට පැහැදිළි වේ. පරාර්ථය ඔවුන්ගේ ශබ්දකෝෂයේ නැත.

6.වතුකරයේ දෙමළ චන්ද ලක්ෂ 5 ට මුලු උඩරට ඇතුළු මේ රටම පාවා දීමට වළිකන මොවුන්, 1505 සිට 1815 දක්වාත් එසේම 1818 සහ 1848 දීත් දසදහස් ගණනින් මිය යමින් ලක්ෂ ගණනින් අවතැන් වෙමින් තමන් සතු සබ්බසහිරයම නැතිකර ගනිමින් අද ජීවත්වන, අපට ජීවත්වීම සඳහා මේ මහපොලවත් එසේම් සින්හල ජාතියත් බුදු සසුනත් ආරක්ෂා කොට දෙමින් තම ඉඩකඩම් අක්කර ලක්ෂ 13ක් අහිමිකරගත්තවුන්ගෙන් පැවත එන තම මව්බිමේම අනාථයින් වී සිටින 50 ලක්ෂයක් පමණ වන උඩරට සින්හලයින් ගැන එක වචනයක් කතා කරන්වාද?  ලක්ෂ 60 කට ආසන්න   ඔවුන්ගේ ඡන්ද, ඡන්ද නොවේද? දෙමළ චන්ද වලින්ම දිනන්ට කියා එක සින්හලයෙවත් මොවුන්ට චන්දය නොදිය යුතුය.

කොටින්ම අද මේ රටේ ජීවත්වන සින්හල අප සියළු දෙනාම ජීවත්වන්නේද, අපට ජීවත් වීමට ලක් පොලවක් ඉතිරිවී තිබෙන්නේද අපගේ ඒ වීරෝධාර උඩරට  මුතුන් මිත්තන්ට පින් සිදුවන්ටය.නමුත් ඔවුන් ගැන එක වචනයක් හෝ මේ එක් අපේක්ෂකයෙක් කථා කරණවා ඔබ අසා තිබනවාද?

7.එමනිසා මොවුන් තිදෙනාගෙන් කවුරු පත්කරගත්තත් ඔවුන් මේ රටට තවත් එක් බරක් මිස කිසිදාක සම්පතක් නොවණු ඇත. එම නිසාද මේ අවස්ථාවේ දි රටක් වෂයෙන් අප ගත යුතු හොඳම තීරණය වණුයේ මේ චන්දය නොපවත්වා මවිසින් යෝජනාකොට ඇති පරිදි 1978 ව්‍යවස්ථාව අහෝසි කොට 1972 ව්‍යවස්තාව බලගන්වා ඒ යටතේ රටට ගැලපෙන, මා ඉහතින් සඳහන් කරණ ළද සුදුසුකම් ඇති සින්හල බෞද්ධ ජනනායකයෙක් නව ජනාධිපති වරයා වශයෙන් පාර්ලිමේන්තුව විසින් ඉදිරි වසර සඳහා තෝරා ගැනීමය.

8.දෙවණුව, මෙම මැතිවරණයෙන් කිසිම අපේක්ෂකයෙකුට දිනීමට අවශ්‍ය 50% තබා 40% වත් ලැබෙන්නේ නැත. දෙවැනි මනාපය එකතු කළද කිවෙකුට 50% නොලැබෙණු ඇත. එසේවූ විට ව්‍යවස්ථාව යටතේ  වැඩි චන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපති වෂයෙන් ප්‍රකාශ කලද 50% නැති නිසා එයද ව්‍යවස්ථා විරෝධීය. යමෙක් අධිකරණයට ගියහොත් මැතිවරණය අවලන්ගු කිරීමටද ඉඩ ඇත.

යම් ලෙසකින් එසේ වුවහොත් නැවත මැතිවරණයක් පැවැත්විය යුතුය. ඒ මැතිවරණයටද තවත් කෝටි 1000කට වැඩි මුදලක් වැය වණු ඇත. එයින් සිදුවන්නේ රට කබලෙන් ලිපටම වැටීමය. එසේම දෙවන මැතිවරණයක් පැවැත්වුවද යලිත් කිසිවෙකුට 50% නම් ගැනීමට ඉඩක් නැත. එසේ වූ විට රට අන්තෝ ජටා බහි ජටා තත්වයට පෙරලී රට තවත් අවුලෙන් අවුලටම පතවනු නියතය.එසේ වුවහොත් මේ රටට කුමකින් කුමක්වේදැයි සිතා ගැනීමට පවා නොහැකිය.

 9.මේ අතරේ දෙමළ අපෙක්ෂකයෙකුත් ඉදිරිපත් වුවහොත් රනිල්  සජිත් සහ අනුරට එක දෙමල චන්දයක් වත් ලැබෙන්නේ නැත. එසේ සිදුවුවහොත් ඉන් සිදුවන්නේ බෙදුම්වාදට යලිත් පණ ඒම පමණය.

10.මෙම පසුබිමේ මේ තුන්දෙනාගෙන් කවුරු ජනාධිපති උනත්, ඔහුට සහ ඔහුගේ නෑදෑ හිතමිතුරන්ට මිස, රටට හෝ ජනතාවට නම් කිසිදු යහපතක් වන්නේ නැත. මේ කවුරු ආවත් සිදුවන එකම දෙය රට තවත් අවුලෙන් අවුලට යාම සහ හිඟමනට පත්වීම පමණි. මන්ද ඔවුන් කිසිවෙකු මේ පදවියට සුදුසු නැති නිසාය.එසේම මේ කිවෙකුට අද රට වැටී ඇති නරාවලෙන් ගොඩගැනීමට පැහැදිළි දේශපාලන ,ආර්ථික හා සන්ස්කෘතික වැඩපිලිවෙලක්ද නැති නිසාය.

දැනට පවතින තත්වය යටතේ සිව්වන අපේක්ෂකයෙකු පේනතෙක් මානයේ නැත. එහෙත් එබඳු අපේක්ෂකයෙකුගේ චායාවක් මව්බිම පක්ෂයේ නායක් දිලිප් ජයවීර කෙරෙහි මම දකිමි.මේ රටේ ජාතිකත්වය සහ අපේකම ගැන කතාකරණ එකම පුද්ගලයා ඔහුය. එසේම ඔහු ඇට්ටරවූ කපටි දේශපාලකයෙකුද නොවේ.කෙසේ වුවද ඔහුට තව බොහෝ දුර ගමනක් යා යුතුව ඇත. එසේම 80% ක් වන ගැමි ජනතාව අතරට සන්විධානාත්මකව ප්‍රවේශ විය යුතුය. 2019 දී ගෝඨාභයට දුන්, දැනට අනාථයින්වී සිටින සින්හල බෞද්ධ චන්ද 69 ලක්ෂයෙන් 50 ලක්ෂයකගේ සිත් දිනාගත හැකිනම් නියත වෂයෙන්ම ඔහුට  ජයගත හැක.  අරමුණ වියයුත්තේ ඒ 69 මය.  2019 ජනාධිපති වරණයේදී ගෝඨාභයට 69 ලක්ෂයකට වැඩි චන්ද ලැබෙන බවකී එකම පුද්ගලයා වෂයෙන් මා මෙම අනාවැකිය කියන්නේ මේ රටේ සින්හල බෞද්ධ  ගැමියෙකු  වෂයෙනි. මෙම මතිවරණය පැවැත්වෙන්නේ මේ රටේ ඉතිහාසයේ මීට පෙර කිසිම  කළක  නොවූ විරූ අන්දමින් වුර්තීය දෙශපාලක්යින් එපාවී සිටින ඔවුන්ට වයිර කරන  එසේම සාපකරණ වකවානුවක, අද සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම මියගොස්ය එ.ජා.ප.  ශ්‍රී ල, නි.ප. සහ පොහොට්ටුවද ඔවුන්ට ලැබුණු ලක්ෂ 69 රනිල්ට පාවාදීම නිසා මිහිදන් කර අවසන්ය.

 මේ තත්වය යටතේ අද මිනිසුන්ට අවශ්‍යව ඇත්තේ ගතානුගතික,ජරාජීර්ණ දේශ පාලනයෙන් බැහැර වූ නවතම  ප්‍රවේශයක් සහිත දේශපාලනයක්. එසේම අද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ දේශපාලනයේ වසර 60-70 ගෙවලයින් මෙන් අරක්ගෙන සිටින දේශපාලන පෙරේතයින්ගෙන් තොර නව යුගයකට රට ගෙනයා හැකි අලුත්ම නායකත්වයක්.

ජාතික  ජනබල පෙරමුණේ රැස්වීම් වලට අති විශාල පිරිසක් පැමිනීමට ප්‍රධාන හේතුව මෙයයයි මම සිතමි.එසේ නැතිව ඔවුන් 1971 සහ 89 කාලයේ සිදුකළ අපරාධ අමතක් වීමක් නිසාද නොවේ.

කිසියම් කෙනෙක් මා මේ කියන ප්‍රවේශය අනුගමනය කළහොත් ඔවුන්ගේ රැස්වීම් වලට අද ඇදෙන පිරිස්ද ජනාධිපති වරණයේදී මේ නවකයාට  චන්දය දෙනු නියතය.

මන්ද, අද මේ රටේ බහුතරයට අවශ්‍යව ඇත්තේ 1815 දී සින්හල බෞද්ධයාට අහිමිවූ ඒ රට සහ සින්හල බෞද්ධ සමාජය සහ ඔවුන්ගේ ඒ අභිමානවත් අතීතයේ පදනම මත ගොඩ නැගෙන නවලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි  මේ පින් බිමට ස්වභාවධර්මයා විසින් ලබාදී ඇති බෞතික හා මානව සම්පත් සහ දිවයිනේ ගෝලීය පිහිටිමේ වාශිය  උපරිම ව්ශයෙන් යොදාගෙන සින්හල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය  ගොඩ  ගොඩනගා ගැනීමය. ඉදිරිමාස 4 තුල මේ පණිවිඩය ගමට  හා නගරයට සාර්ථකව ගෙනයා  හැකිනම් ජය කණුව කරා යාම ඔහුට අපහසු නොවණු ඇත. ඒ සඳහා සැලසුමක් මා සතුව ඇත. එය සාකච්චා කිරීමට ඔහු කැමතිනම් මේ ලිපිය ලියන මා ඔහු හමුවීමට සූදානම්ය.

(ඊලඟ කොටස හෙට )