Mon. Jul 1st, 2024
Political Parties Final5
Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර

රට ජාතියට කිසිදු ආදරයක් නැති, තම ජාතිකත්වය පිලිබඳ කිසිදු අවභෝධයක් හෝ හැඟීමක් නැති බලතල නිද්‍රාවේ නිදාසිටින මේ රටේ සියළුම දේශපානඥයින්ගේ දෑස් ඇරවීම සඳහා විවුර්ත සන්දේශයක්?

මේ රටේ ජාතික දිනය වියයුත්තේ පොසොන් දෙපෝය දිනයයි.

සුද්දා රටින් ගිය පෙබ 04 නොවේ.

ඕනෑමජාතියක ජාතික දිනයවන්නේ එම ජාතියේ ආරම්භයසිදුවූ දිනයයි.

මහාවන්ශයේ දැක්වෙන පරිදි මේ රටේ සිංහල ජාතියේ ආරම්භය  සිදුවූයේ ක්‍රි. පූ. 543 දි සිදුවූ   විජය කුමරුගේ ලංකාආගමනයත් සමඟ. එම සිද්ධිය වූ ක්‍රි පූ 543 දින බුදුන්හන්සේ පිරිනිවන් පෑ වෙසක් මස පුන් පොහෝ දිනයද වූ බැවින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ උපන් ජාතිය වශයෙන්ද සිංහල ජාතිය හැඳින්විය හැක.

එහෙත් අද මේ රටේ පවතින සිංහල බෞද්ධ ජාතියේ සැබෑ උපත ලැබුවේ ක්‍රි පූ 307 පොසොන් මස පාලොස්වක පෝය දින සිදුවූ ඒ ආශ්චර්‍යමත් මහින්දාගමනයත් සමඟය.ජාතියක් වෂයෙන් සිංහල බෞද්ධ සන්ස්කෘතියේ පදනම වැටුනේ පොසොන් පෝයදාය.ඒඅනුවමේසිංහලරටේසිංහල බෞද්ධජාතියඋපන්පොසොන්පෝයදිනයඔවුන්ගේජාතියේපරමඋත්තරීතරදිනයද වියයුතුය.එබැවින්ජාතික දිනය වශයෙන්පොසොන්දෙ පෝයටවඩා වැදගත් වෙනත්කිසිමදිනයක්මේසිංහලරටේවන්ශකථාවේතිබියනොහැක. එමනිසාමසිංහලබෞද්ධජාතියේජාතිකදිනයවශයෙන්එමදිනයහැරවෙනත්කිසිමදිනයක්මේරටේඉතිහාශයදන්නා කිසිවෙකු ප්‍රකාශනොකරණු ඇත. එසේම කිසිවෙකු ප්‍රකාශ නොකළ යුතුද වේ. බුදුන් වහන්සේ පිරිනිවන්පෑ දිනයේ ආරම්භවී හින්දාගමනයත් සමඟ සිංහල බෞද්ධ සන්කෘතික පදණමක් සහිතව උපතලැබ  වර්ධයනයවූ ලෝකයේ ඇති එකම ජාතිය   වශයෙන් ගෞරවාදරයට පත්විය හැකි ලොකයේ ඇති එකම ජාතිය වශයෙන් අපට ආඩම්බර විය හැක. ළෝකයේ අසමසම ජාතියක් වශයෙන් තම ආරම්භය සටහන් කල හැකිව තිබියදී මේ රටත්,ආර්ථිකයත්  ජාතියත් ශිෂ්ඨාචාරයත් වසර 133 ක් තිස්සේ විනාශකළ, බ්‍රතාන්‍ය ජාතික කාන්තාවකගේ උපන් දිනයක් සිහිකිරීම සඳහා ලංකාවට ඊනියා  නිදහසක් ප්‍රධානය කළේයයි කියන 1948   පෙබ 04 වනදා සිංහලයින්ගේ ජාතික දිනය වශයෙන් නම්කළේ මොන සිංහල යෙක් දැයි සමස්ථ ජාතියම ඇසිය යුතුව ඇත. එම ද්‍රෝහිකමේ බරපැන 1978 ව්‍යවථාවේ පියාවූ ජේ. ආර්. ගේ ගිණුමට  බැරවනු ඇත.

අනෙක් අතින් 1948 පෙබ 04 වනදා නිදහස් රාජ්‍යකට තිබිය යුතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන මුලික බලයන් තුනම ලංකාන්ඩුවට දී තිබුණේ නැත.  1972 වනතුරුම ඒ තුනම තිබුණේ බ්‍රතාන්‍යයේ බල අධිකාරිය යටතේය.1815 භාරදුන් භූමියේ නිරවුල් අයිතිය  (12 ලක්ෂයක් ඉන්දීය වහල් කමකරුවන් රහිතව), රටේ ස්වෛරීභාවය, පරිපාලන, සන්ස්කෘතික , භාෂා සහ ආගමික නිදහස ඇතුලු කිසිවක් නැතිව ආරක්ෂක, සහ ජාත්‍යන්තර ගිවිසුම්  පිලිබඳ යදම් වලින් බැඳ නිදහස් නැමැති ප්‍රෝඩාවක් වූ ඇස්බැඳුමක්  තමන් ගේම නියෝජිතයින් වූ කලුසුද්දන් පිරිසකට භාරදි සුද්දන් ශාරීකව මේ රටින් පිටව ගිය 1948 පෙබ් 04 දා  ජාතියේ නිදහස් දිනය වශයෙන් නම්කලද එය  1972 වනතුරු ඒ ඊනියා රජයේ ක්‍රියාකාරිත්වය අනුව චෙතිය මුසාවකි.

1948 ප්‍රෝඩාවේ කොටස්කරුවෙකුවූ ජේ.ආර්. විසින් වසර 2500 යකට වැඩි ශ්‍රේෂ්ඨ සන්ස්කෘතීයකට හිමිකම් කියන  ප්‍රෞඪ ජාතියක  ජාතික දිනය වශයෙන් වශයෙන් පෙබ 4 ම නම්කොට  තවදුරටත් එය 1978 ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය යටතේ මේ රටේ ජාතික දිනය වශයෙන් නීතියක් බවටද පත්කළේය. තවද මහජන නියෝජිතයින් යයි කියාගන්නා 225 න් යටත් පිරිසෙයින් 200ට ආසන්න ගානක් සිංහලයින් සිටි ඊනියා පාර්ලිමේන්තුවේ එක සිංහලයෙක් හෝ මෙම දේශද්‍රෝහී ජාති ද්‍රෝහී තිරණයට එරෙහිව එක වචනයක් හෝ කථාකොට නැත. මේ අනුව අදටත්  මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මොන වර්ගයේ සිංහලයින්දැයි ඇසිය යුතුව අත.

එමනිසා මේ  225 න් එක්කෙනුකු හෝ    පවතින ව්‍යවස්ථාවේ  මේ ජාතිද්‍රෝහී දේශද්‍රෝහී විළිලැජ්ජානැති වගන්තිය වහාම අහෝසිකොට  පොසොන් පෝය දිනය මේ සිංහල රටේ ජාතික දිනය වශයෙන් දැන්වත් ප්‍රකාශකොට ව්‍යවස්ථාගත කරනමෙන් දේශප්‍රේමී සිංහලයෙකු වශයෙන් මම ඉල්ලමි.

(2024 ක්වූ අප්‍රේල් 14 දින පොසොන් දෙපෝය මේ රටේ ජාතික දිනය වශයෙනුත් මැයි 22 නිදහස් දිනය වශයෙනුත් ප්‍රකාශ කරනමෙන් ඉල්ලා මවිසින් ජනාධිපති වරයාවෙත සන්දේශයක් යැව්වද අද දක්වාම ඊට පිළිතුරක් පමණවත් ලැබී නැති බවද මෙහිලා සඳහන් කරණුයේ බලවත් කණගාටුවෙනි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *