Fri. Jul 5th, 2024
Spread the News

වාදය අවශ්‍යද අනවශ්‍යද කියා තීරණය කිරීම තනිවම ඔබ (Anura Fe F)ඔබටම පවරා ගෙන ඇත.

උත්තමාචාර එයා ලඟ නැතිලු.

මම බුද්ධාගම කරේ තියාගෙන වාදයට පැටලුනාලු.

මේවා හොඳයි ගව මහීෂීන්ට.
වාද කරන්න ඉස්සෙල්ල දැනගන්න ඕනේ මාතෘකාව මොකක්ද කියලා.

බුද්ධාගම කියන වචනයේ ඇති නිස්සාර බව මා කියන්නේ දසක ගණනාවක සිටයි.
එසේ තිබියදී මේ මෝඩයා කියන්නේ මා එය කර තබාගෙන සිටින බවයි.
අතීතයෙදි ලංකාවේ සිටියේ බෞද්ධයින්. එසේ නැතුව බුද්ධාගම් කාරයෝ නොවෙයි.

බුද්ධාගම කරළියට එන්නේ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට බයිබලය හඳුන්වා දුන් පසුවයි.

ඒ පාහරයින් බුදුදහම විනාශ කිරීමේ අභිලාෂයෙන් දහම ආගමක් බවට පරිවර්තනය කරන්න කළ හැකි හැම දුෂ්ඨ වැඩක්ම කළා.
අපේ ගොන්නුත් ඒ අඩි පාරේ යමින් ත්‍රිපිටකයත් බයිබලයක් ලෙස පිළිගන්න පුරුදු වුණා.

මා දුටුවා වෙනත් තැනක තිස්ස කළුබෝවිල සඳහන් කර තිබුණා ඔහු NGO කාරයින්ගේ මුදල් ගන්නේ බුද්ධ ධර්මයේ ඇති කුණුරොඩු ඉවත් කරන්න කියලා.

මේ මුග්ධ ප්‍රකාශය තුළින් බුද්ධ ධර්මයේ කුණුරොඩු තියෙන බව ලොවට මුලින්ම කිව්ව අපථයා ලෙස තිස්ස ඉතිහාසගත වෙනවා. ඒ වගේම ඒ තුළින් ඔහු දෙන පණිවිඩය ඔහු බුදුන්ටත් වඩා ඉහළින් ඉන්නා බවයි.

මේ හැසිරීම් තුළින් ගම්‍ය වන්නේ මොවුන් සාරධර්ම අතින් මොනතරම් පිරිහී ඇද්ද කියායි.

කාදිනල් ලා උදේ හවස ගහන ගේම් නොදකින්නේ ඇහේ කොරපොතු නිසා විය හැකියි.

මොනම ආගමක සාමාන්‍ය බැතිමතෙකුට බුදු දහමට එරෙහිව යෑමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් කාලකන්ණි දේශපාලුවන් වගේම ඇතැම් ආගමික නායකයින් ද තමන්ගේ කණ්ඩායමට අයත් බැතිමතුන්ගේ මොළ සේදීමට නොකරන දෙයක් නෑ.

මේ හැම එකාගෙම ජයග්‍රහණය රඳා පවතින්නේ මිනිස්සුන් භේදභින්න කිරිම තුළින්.
කුල භේදය අනුව නිකායවල් හදාගත් භික්ෂු වරුන් එහි ආදීනව නොදැකීම කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා භූමිය තුළ බුදුදහම දහමක් ලෙස පමණක් පැවතුණා නම් ඔය නස්පැත්තිය සිද්ධ වෙන්නෙ නෑ.

ලෝකයේ යුද්ධ සිදුවී තිබෙන්නේ ආගම් ආගම් අතර මිස ආගම් සහ දහම් අතර නොවේ.

බුද දහම විසින් දියත් කර ඇති “යුද්ධය” ට බර අවි ආයුධ අවශ්‍ය නැත.
එහිදී භාවිතාවෙන සාර්ථකම අවිය “චතුරාර්ය සත්‍යයයි”

එම ආයුධය සමග ගැටෙන්න පුළුවන් ආයුධයක් කිසිම විද්‍යාඥයෙක් මේ වනතුරුත් තනා නැත. ඉදිරියටත් තනන්නේ නැත.

මෙම මණ්ඩපය තුළ උගතුන් මෙන් වාද කරන එහෙත් නිරුවත් වානරයින් ලෙස හැසිරෙන පිරිස් විසින් වහාම තේරුම්ගත යුතුව තිබෙනවා මා ඇතුළු මේ මණ්ඩපයේ සුළුතරයක් උත්සහ කරන්නේ ආගම් අතර යුද්ධයක් ඇති කිරීමට නොව ආගම් වලින් බුදු දහම බේරාගැනීමට බව.

තමා ළඟ උත්තමාචාර නැහැයි කියන නරුමයා සමාජයට දීමට උත්සාහ කරන පණිවුඩය කුමක්ද?

සිදුහත් කුමරු ඉපදුන මොහොතේම නෙළුම් මල් හතක් උඩ ඇවිද්දා කියන ජනවහර හාස්‍යයට හරවාගෙන ඇති මෙම නරුමයන් ඔවුන්ගේ එම පහත් හැසිරීම තුළින් පෙන්නුම් කිරීමට අදහස් කරන්නේ ඔවුන් උපදින්නත් කළින් මවුකුස තුළ දීම නෙළුම් මල් මත ඇවිද්ද බවක්.
ඒ නිසයි තිස්ස වැනි පුද්ගලයෙක් බුද්ධ ධර්මයේ ඇතැයි කියන කුණු රොඩු ඉවත් ඉවත් කිරීමට අමුඩ ගසන්නේ.

ශ්‍රී ලංකාවේ බුදුදහම විනාශ කරන්න කාලිංග මාඝයන්ට වත් බැරි වුනා. පෘතුගීසි ලන්දේසි හා බ්‍රිතාන්‍යයන්ටත් බැරි වුණා.

NGO කැටේට වැඩියෙන් සල්ලි ලැබෙන්න ලැබෙන්න බෞද්ධ විරෝධී හඬත් ප්‍රබල වෙන අන්දමටයි
“ඉලුමිනාටි” කාරයෝ න්‍යාය පත්‍රය හදලා තියෙන්නේ.
මෙම දැවැන්ත සමාජ ආර්ථික ආගමික සංස්කෘතික හා භූගෝලීය ජාලය තුළ මෙම කණ්ඩායමේ බන්ටි අල්ලන තුන් හතර දෙනා ජීව ලෝකයේ ඇමීබාවන් කිහිප දෙනෙක් පමණයි.

වෙනසකට ඇත්තේ මෙම “ඇමීබාවන්” වෙනත් කාගේ හෝ උවමනාවකට විෂ බීජ ලෙස ක්‍රියා කිරීමයි.

-තෙවැනි ඇස-
12.11.2023