Spread the News

ආරියතිලක
2024.09.08

පහත උපටා දැක්වනුයේ lanka c news නම් වෙබ් පිටුවේ පළ වූ පුවතකි.

ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා…
September 7, 2024 at 2:10 pm | lanka C news
ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා…
ගංජා සුරුට්ටුවක් ඉරූ විට තරුණයන්ගේ පුරුෂ ශක්තිය ඉහළ යන බව ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති.

එනිසා තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු මෙරට ගංජා නීතිගත කරන බවද උන්වහන්සේ කියා සිටිති.

ඉන් අනතුරුව මෙරට සෑම පුද්ගලයකුටම ගංජා ස්වල්පයක් හෝ භාවිතා කළ යුතු බවට දැනුම් දෙන බවත් උන්වහන්සේ සඳහන් කරති

ගංජා පානය කිරීමෙන් වර්ගයා බෝ කිරීම පහසු වන බවත් අයිස් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලින් සිදුවන හානිය සිදු නොවන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව අදහස් පළ කර ඇත.

(lanka c news වෙබ් පුවත උපටා ගැනීම අවසන්)

අපගේ අදගස:-

මේ භික්ෂූන් වහන්සේ ජනාධිපති කළොත් අපටත් කරදයක් නැතිව ගංජා මිටියක් ගහන්න (ගංජා දුම උරන්න) පුළුවන් වේවි . අප තවම කවදාවත් ගංජා බීලා=(දුම උරා) නැහැ. උතුම් සංඝ රත්නයේ චීවරය දරා ගෙන කියන නිසා මහ සඟ රුවන විශ්වාස කරන බැවින් බෞදධාගම්කාරයන් වශයෙන් සැම දෙනා ගංජා ගැසිය යුතු ම ය. මහ සඟ රුවන අප විශ්වාස කළ යුතු ම ය. අපගේ කුල දේවතාවුන් කියන වචනය අවිශ්වාස නො කළ යුතුයි. මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය මේ උන්වහන්සේට නිත්‍ය වශයෙන් ම ලැබී ඇතැයි අපි සිතමු. අප එසේ කියන්නේ මීට පෙර මේ උන්නාන්සේ (2024) මැයි මාසයේ මුල් සතියේ දිනක ගංජා පාවිච්චිය නීති ගත කරන්න යැයි මාධ්‍යයට අදහස් පළ කර තිබිණි. එම අදහස් වලට කිසිදු විරෝධයක් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැක්වීම නො කළහ. මෙය මේ රටේ ත්‍රෛනිකායික මහ සඟරුවනේ මතය වෙන්න ඇති. ඒ නිසා සියලු ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ සියලු බෞද්ධ කුල සියලු දෙනාට ම, ගංජා නීති ගත කිරීම වුවහොත් ගංජා ගැසීම (ගංජා දුම ඉරීම) කළ හැකි වෙනවා ඇත. එය ලෝක බෞද්ධ ජනතාවට ද ලංකා භික්ෂු පරපුරෙන් ලැබෙන මහඟු දායාදයක් ලෙස ව්‍යාප්ත කළ හැක. ඒ මන්ද යත් අප බෞද්ධාගම් කාරයන් ලෙස භික්ෂූන් වහන්සේලාගේ වවචනය පිළිගත යුතු බැවිනි. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් උතුම් බුදුසසුනේ පැවිදි බව ලත් ත්‍රෛනිකායික මහා සංඝරත්නය පිළිගන්නා භික්ෂූන් වහන්සේ නමක් බැවිනි. උන්වහන්සේගේ අදහස මෙරට සඟ රුවනේ මතය වන බවට කෙසේ සැක කිරීමට ඉඩක් ඇත් ද? මේ අදහස් වලට මෙතෙක් කිසිදු නිකායික භික්ෂූන් වහන්සේ නමක් වෙනස් ලෙස අදහස පළ කිරීම කර නැත.

පූජ්‍ය බත්තරමුල්ලේ ශීලරතන හිමියන්ගේ 2024 මැයි මාසයේ මුල් සතියේ දැක් වූ අදහස මව්බිමට රවිශාන් ප්‍රනාන්දු මහතා විසින් වාර්තා කර තිබුණේ පහත පරිදි ය.

Home ඉරිදා මව්බිම

ඉරිදා මව්බිම

ඉරිදා-පුවත්

ගංජා නීතිගත කරන්නැයි බත්තරමුල්ලේ හිමියෝ ඉල්ලති

By Mawbima –

මැයි 4, 2024 පෙ.ව. 2:00

ගංජාවලට ප්‍රමුඛත්වය ලබාදී නීතිගත කරන්නැයි රාජ්‍ය නායකත්වයෙන් ඉල්ලා සිටින බව ජනසෙත පෙරමුණ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ‘ඉරිදා මව්බිම’ ට පැවැසූහ.

ඒ අනුව ඉදිරියේදී මේ ගැන විධිමත් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද සීලරතන හිමියෝ අවධාරණය කළහ.

ගංජා මත්ද්‍රව්‍ය වැටලීම අනවශ්‍ය බව කී සීලරතන හිමියෝ අතීතයේ ශ්‍රී ලංකාවේ අරක්කු, කසිප්පු නොතිබූ යුගයේ සාමාන්‍ය ජනයා ගංජා භාවිත කළ බව පැවැසූහ.

ඒ අනුව ගංජා භාවිතයෙන් සුවිශේෂී අභිප්‍රේරණයක්, ශක්තියක් සහ වර්ගයාගේ වර්ධනයක් සිදු වූ බව සීලරතන හිමියෝ සඳහන් කළහ.

මේ අතර කතරගම පුරවරයේ පැය 24 පුරා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය යොදා ගංජා හැර අයිස්, මත්වතුර, මත්පෙති හා අනෙකුත් මත්ද්‍රව්‍ය ඉවත් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද සීලරතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

රවිශාන් ප්‍රනාන්දු