Wed. Jul 3rd, 2024
Spread the News

ආරියතිලක
2023.03.31

මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් සඳහන් කරන ලද බව මාධ්‍යයන් වාර්තා කර ඇත.

බැලූ බැල්ලමට මෙය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද දේශපාලන ප්‍රකාශයක් ලෙස පමණක් සැලකීමට නො හැක. වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකාවට පමණක් සීමා වූ ලඝු කර දැක්විය හැකි සමිති ව්‍යාපාරයක් නොවේ. එය ලෝකයේ සියලු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ගන්නා ලද නීතිමය බල ගැන්වීමක් බව කිව යුතු ය.

නීතියානුකූල වූ සියලු ආකාර රැකියා කරන්නන්ගේ ජීවිත සුරක්ෂි බව, රැකියා අවදානම අවම කරීම, රැකියාවට සරිලන
ලෙස වේතන ලැබිම, වැඩ බිම් තුල රැකියා නියුත්තිකයන්ගේ පුද්ගල ගෞරවය සුරැකීම, සහ රැකියා නියුත්තිකයන්ගේ රැකියාව හෙට දවස සුරක්ෂිත කිරීම, සහ රජයේ හෝ හාම්පුතුන් යටතේ වැඩ බිම් තුල වැඩ කරන ජනතාවගේ සැම අතින් ම ජීවිත සුරක්ෂිත කිරීම යන කරුණු වෘත්තීය සමිති මත රදා පවතින බව අමතක නො කළ යුතු වේ.
වෘත්තිය සමිතිවලින් තොරව ඉහත කියන් ලද දෑ තුලින්, වැඩ කරන ජනතාවට සාධාරණයක් වනවා නම් සිදු වන්නේ ධර්මානුකූල සාධාරණ හාම්පුතුන් තුලින් ප.මණි. වෘත්තීය සමිති බලගැන්වීම නොවේ නම් සැබවින් ම වැඩකරන ජන්තාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවනවා ඇත.

වත්මනෙහි රටක ආර්ථිකය සවිමත් වන්නේ වැඩ කරන ජන්තාව මත ය. ලෝක ආර්ථිකය ද ඒ මත පිහිටා ඇත. රටේ ආර්ථිකය නිෂ්පාදන ක්‍රීයාවලිය සහ කර්මාන්ත මත පිහිටා ඇති බව බුදු රජුන් විසින් දීඝ නිකායෙහි කූට දත්ත සූත්‍රයේ වදාරා ඇත. ඒ තුලි රට සමුද්ධිමත වීම සොර බිය දුරු වී ජනතාවට සතුටින් සිටීමට මඟ බව ත් මෙලොව පරලොව දෙකිහි ම යහපත ඇති කරන බවත් බුදු රදහු කූට දත්ත සූත්‍රයේ විස්තරාර්ථ ලෙස වදාළහ.

සමස්ථ ලෝක ආර්ථිකය, වැඩ කරන ජනතාවගේ නිෂ්පාදන සහ සේවා මත දියත් වේ. වැඩීම වේ. ලෝකයේ ආහාර සුරක්ෂිත බව, මිනිස් දිවිය සුන්දර ලෙස ගත කිරීමට ඇවැසි සියලු මෙවලම් නිපදවීම සහ සේවා සැපයීම කරනුයේ වැඩකරන ජනතාවය.
වැඩ කරන ජනතාවගේ සූර භාවය මත රටක ආර්ථිකයේ දියුණුව පවතී. අධ්‍යාපනයෙන් කරනුයේ එම සූර භාවය ඇති කිරීම ය. අධ්‍යාපනයෙන් කෙරෙනුයේ ලෝකයේ දියුණුවට, නිෂ්පාදන සහ සේවා සඳහා වෘත්තිකයන් ඇති කිරීම ය.

රටක දියුණුවේ පදනම නිෂ්පාදන සහ සේවා බව මනාකොට තේරුම් ගත් ආර්ථික වශයෙන් දියුණු රටවල පාලක කාරකාදීහු නිෂ්පාදනට සහ සේවා සැපයීමට සම්බන්ධ නියුත්තිකයන් ආරක්ෂා කර ගැනීම අත්‍යන්තයෙන් ම සිදු නො කර එකී දියුණුව ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බව අවබෝධ කර ගත්හ. හාම් පුතුන් තම ලාභය ම අපේක්ෂා කළ ද, සේවා නියුත්ත වූවන්ගේ රැකියාව පිළිබඳ අවදානම අවම නොකර සහ සේවා නියුත්තිකයන්ගේ ජීවන තත්වය උසස් නො කර රටේ ආර්ථික දියුණුව වේගවත් කළ නො හැකි බව කර්මාන්තවලින් දියුණු රටවල පාලක කාරකාදීනට (යම් පමණකට හාම්පුතුන්ට ද) මෙන්ම උපදේශකයන්ට ද වබෝධ වූ බැවින්, වෘත්තීය සමිති පිහිටුවීමට විරුද්ධ නොවුණා මෙන ම වෘත්තීය සමිති නීත්‍යානුකූල භාවයෙන් පැවැත්වීමට ඔවුහු විසින් අණ පනත් සම්මත කළහ.

පසු කාලයේ විද්‍යා තාක්ෂණය අතින් දියුණු රටවල් කම්කරුවන් ඇතුලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා ජගත් කම්කරු සංවිධානය ආරම්භ කිරීමත් පසුකාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් ලෙස පිළිගෙන පාලනය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රාජ්‍යමය හා නීතිමය රැකවරණය ලබා දීම, ජගත් සම්මුතීන්ට අනුව වෘත්තීය සමිති ඇති කිරීමට නීතියානුකූලව ප්‍රඥප්ති තුලින් බලගන්වා ඇත. අන්තර් ජාතික කම්කරු ප්‍රඥාප්තීන්ට අනුව ද ලොකයේ වැඩ කරන ජනතාව සුරක්ෂිත කිරීමට මඟ පෙන්වයි. කටයුතු සලසයි.

එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් වන ජාත්යන්තර කම්කරු සංවිධානය,
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පොදු සම්මුතියට අනුව මුලික ක්‍රියාකාරීත්වය සිදුවනුයේ අන්තර් ජාතික කම්කරු ප්‍රඥාප්තීන්ට අනුවය. මෙහි නිර්දේශයන්ට අනුව කම්කරු සබඳතා විෂයන් ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තියට අනුකූලව සකසනවා අත.

වෘත්තීය සමිති සම්බධව
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි 23 වන වගන්තියේ 4 වන ඡේදයේ

“ස්වකීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැදීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.” යන වගන්ති ප්‍රකාරව ද

ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (International Covenant on Economic, Social and Cultural Rights)
8 වගන්තියෙහි 01 වන අනුවගන්තියෙහි (අ), (ආ), (ඇ), (ඈ) යන ඡේද හා මෙහි 2වෙනි 3 වෙනි අනුවගන්ති ප්‍රකාරව ද

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 22 වග්න්තියේ 1,2,3 අනු වගන්ති ප්‍රකාරව ද

ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථ්වේ 1වන අනුව්‍යවස්ථාවෙහි සෑම පුරවැසියෙකුට ම-
(ඈ) ඡේදයෙහි
“වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘතීය සමතිවලට බැදීමේ නිදහසට;
හිමිකම් ඇත්තේ ය.” යන ව්‍යවස්ථා ප්‍රකාරව ද
“මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැ” යි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දරමින් කරන
ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
සමහර ව්‍යවස්ථා සංශෝධනය කළ හැක . ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත්තේ අන්තර්ජාතික සම්මුතීන්ට අනුවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පකාරව
“වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘතීය සමතිවලට බැදීමේ නිදහසට; හිමිකම් ඇත්තේය” යන හිමිකම කිසි ලෙසකින් අහුරාලිය නොහැක. කරන්න බැරි වැඩ මහ වීරයෝ වගේ “කට මැත දොඩවා” කරන ප්‍රකාශ ජාත්‍යන්තර වශයෙන් පුද්ගලයා පමණක් නොව මේ රට ද හෑල්ලුවට පත් වනවා ඇත.

දැනට ලෝකයේ රාජ්‍ය පාලනයේ ප්‍රජාතාන්ත්‍රිකව අන්තර්ජාතික සම්මුතීන් සමඟ එඅකඟතා අත්සන කර ඇති අප රටට වෘත්තීය සමිති නැති කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. මෙඅය ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් පිටු දැකීමට කතා කිරීම ම බෙදුම් වාදීන්ට රට ස්වයං අයිතිය ඉල්ලීම පිළිබඳව, අන්තරජාතිජව සාධාරණ කිරීමට අනුබල දීමක් බව ද කිව යුතු ය. වෘත්තීය සමිති දැනට ලෝක මානව ප්‍රජාවගේ ජීවය සමඟ බද්ධ වී ඇත්තේ, අන්තර්ජාතික සම්මුති තුලින් සවි බල ගන්වා රාජ්‍ය වගකීමට බැඳ තබමින් බව කිව යුතු ය.
මේ සියල්ල මානව අයිතීන්ගේ ප්‍රබල සංවේදී කාරණු වේ. .මෙරට වෘත්තීය සමිති තුලින් අසාධාරණ ඉල්ලීම් තිබේ ද යන්න සාකච්ඡා මගින් විසදා ගත යුතු ය. ළිං මැඩි මානසිකත්වය, රට පාලනයෙන් මිදිය යුතු ය .

මේ ලිපිය ලෝකයේ වැඩ කරන සමස්ථ ජනතාවට උපහාර පිණිස ය.