Fri. Jul 5th, 2024
Spread the News

මෙම කුළු හරකා හැමදාමත් දුබලයෙක් ලෙස සිටියා නම්, ඌ ගැන කතා කරන්න ඒක අද ජීවතුන් අතර නැහැ.

සත්ව ලෝකයේ බොහෝ විට සිදුවන්නේ කණ්ඩායමේ තීරණය තනි තනි සතාටත් බලපෑමයි.

කොටින් හෝ සිංහයින් ගව රැළට කඩා වදින විට සමූහයම සීසීකඩ දුවති. ඒ ජීවිතය බේරා ගැනීම සඳහායි.
එහෙත් තනි සතෙක් තනිවම සටන් කර තමන්ට එරෙහිව ආ සතාව පළවා හැරීමට හෝ මරා දැමීමට හැකි වූ අවස්ථා එමටයි.

මෙහිදී වැදගත්ම සාධකය වන්නේ සතුරාට බිය නො වීමයි.

ලංකා සමාජය වෙනස් කිරීමට නම් පාලකයා කෙරෙහි පාලිතයා තුළ ඇති බිය තුරන් කර ගත යුතුමයි. එය අරගලයේ පූර්ව කොන්දේසියක්.

-තෙවැනි ඇස-
14.08.2023