Mon. Jul 8th, 2024
Spread the News

මෙම කුඩා විඩියෝ පටය නිපදවූයේ Pathimi නොවුනත්, මෙය බෙදාහරින්නේ Pathimi නිසා, මෙම කණ්ඩායමේ භික්ෂූන් වහන්සේලා ඇතුළු හැම දෙනාටත් ලෝකයාටත් දැනගැනීම පිණිස මෙම සටහන තබමි.

එක එක පුද්ගලයා පිළිබඳව රටේ ජනතාව සිතන පතන ආකාරයේ ඇති විෂමතාවය නිසාම රටේ මෙන් ම ජාතියේ චිරස්ථිතියට දැඩි ලෙස හානි පැමිණ තිබෙනවා.

හරිහැටි තොරතුරු නොදැන තමන්ට ලැබෙන මොනයම් තොරතුරක් ඔස්සේ එක්කෝ රටට අවංකවම සේවය කරන පුද්ගලයෙකුට දරුණු ලෙස ප්‍රහාර එල්ල කිරීම මෙන්ම අනුන්ගේ කොන්ත්‍රාත්තු වලට පුහු චණ්ඩිකම් දැමූ පුද්ගලයින්ව පුම්බමින් අපේ හෙළ ඉතිහාසයට මඩ පැල්ලම් එකතු කරන පුද්ගලයින්ගෙන් නම් අඩුවක් ශ්‍රී ලංකාවට නැත.

ඉන්දියාවේ අගමැතිව සිටි රජිව් ගාන්ධිට පහරදීමට විජිත රෝහණ නැමති නාවික භටයා ඉදිරිපත්වූයේ දේශප්‍රේමිත්වයෙන් යන මිත්‍යාව දිරාපත් ව ගොස් ඇති අවස්ථාවක, ඒ අතීතය මිනී වළෙන් ගොඩ අරගෙන නැවත පණ දෙන්න උත්සාහ කරන්නේ කවුරුන්ද?

ආර් ප්‍රේමදාසව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කරන්න ඇමරිකානු සී අයි ඒ සංවිධානය වගේම වතිකානු ඇතුළු ලෝකයේ ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් කටයුතු කළා.

ඇමරිකාවේ කොන්ත්‍රාත්තුවක් භාරගත්ත ප්‍රේමදාස
විජිත රෝහණ නැමති නාවික භටයා හරහා ඒ නින්දිත පවුකාර වැඩේ ඉටුකර ගත් බව
රටේ ජනතාවගෙන් සියයට එක් අයෙක්වත් දන්නේ නෑ.

ඒ සිද්ධියෙන් ලංකාවට ඇතිවුණු කැළල කවදාවත් මකන්න බැහැ.

විජිත රෝහණ ව සිරභාරයෙන් නිදහස් කරගැනීමට ප්‍රේමදාස උනන්දු වුණේ ඇයි.
ප්‍රේමදාස දේශප්‍රේමියෙක් නම් නැගෙනහිර පළාතේදී කොටි ත්‍රස්තයින්ගේ සිරකරුවන් බවට පත්වූ පොලිස් නිලධාරීන් 600 දෙනාව ත්‍රස්තයින් අතින් ඝාතනය වීමට ප්‍රේමදාස කටයුතු කරාවි ද?

ශ්‍රී ලංකාවේ උතුරේ ත්‍රස්තවාදය පැතිරීමට උඩගෙඩි දුන් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න මෙකියන විජිත රෝහණ නැමැති නාවික භටයා කී වතාවක් උත්සහ කළාද?
UNP එකෙන් ප්‍රතික්ෂේප වුණ මෙම ඊනියා දේශප්‍රේමියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳෙන්න ගත් උත්සාහයත් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසු ඔහු ජවිපෙට සම්බන්ධ වෙන්න උත්සාහ කළා.

විජිත රෝහණ ඔහුගේ පොතෙහි සඳහන් කරන්නේ ඔහු රජිව් ගාන්ධිට පහර දුන්නේ ඔහු මරා දැමීමේ අටියෙන් කියායි.

පසුකාලෙක ඔහු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කරන්නේ එසේ පහර දුන්නේ රජිව් ගාන්ධිව මරා දැමීමේ චේතනාවෙන් නොව තමාගේ විරෝධය පළ පළකිරීම සඳහා කළ සංකේතමය පහරදීමක් කියායි.
එයින්ම පැහැදිලි වෙනවා ඉන්දියානු අගමැතිට පහරදීම සඳහා වූ අභිප්‍රේරණය තමා තුළ ඇති ජාත්‍යාලය මතුවීම නිසා ඇතිවූ දෙයක් නොව, මුදල් අමාරු කමක් පිරිමසා ගැනීමට බලවතෙකුගේ අවශ්‍යතාවයක් වෙණුවෙන් මේ පහත් ක්‍රියාව කළ බවයි.

රෝහණ විජේවීරට අවංකවම ආදරය කළ තලවතුගොඩ පැත්තේ නාවික භටයෙක් 71 කැරැල්ලට සම්බන්ධවී සිරභාරයට පත්ව අනේකවිධ වධ බන්ධනයට ලක් ව ආරක්ෂක අංශ අතින් මැරුම් කෑවා.

සන්නද්ධ අරගලය සැබෑ විසඳුම නොවුනත් රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් තලවතුගොඩ නාවික භටයා සැබෑ වීරයෙක් ලෙසින් තමන්ගේ ජීවිතය පූජා කළා.
එවන් වීරයින් ගැන සිහිපත් කරන්න එකෙක් ශ්‍රී ලංකා සමාජය තුළ අද දක්නට නොලැබීම ඇත්තෙන්ම අවාසනාවන්ත දෙයක්.

බඩගෝස්තරය ගැටගසා ගැනීම පිණිස, නීති විරෝධී අන්දමින් CD තැටිවල ගීත කොපි කර ඒවා අලෙවි කරමින්, නොදන්නා නක්ෂත්‍රයක් ගැන දොඩමින් සොච්චමක් සොයා ගන්න උත්සාහ කරන අතරේ හිතමිතුරන්ට වරින් වර පොලු තැබූ පුද්ගලයෙකු ජාතික වීරයෙක් කිරීමට ඇතැමුන් ගත් දින උත්සාහය අදටත් සක්‍රියව තිබීම ඇත්තෙන්ම ඛේදවාචකයක්.

පිදිය යුත්තා පිදීම මංගල කරුණක් බව
බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබියදීත්, අදටත් වැරදි පුද්ගලයින් පසුපස යමින් වළ්මත් ව හැසිරෙන පිරිස් දිනපතා ම වැඩි වෙමින් පවතී.

අයාලේ යන ජනතාවකට දුෂ්ඨ දේශපාලකයන්ගෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට කවදානම් හැකිවේද?

-තෙවැනි ඇස-
01.07.2023

Picture Courtesy Robin Piree