Mon. Jul 8th, 2024
Spread the News


Picture Courtesy by fondapol.org

මුස්ලිම් ආගම රාජ්‍ය ආගම ලෙස ෂරියා නීතිය කියාත්මක කරන ඇතැම් රටවල්, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ඇතැම් විට ප්‍රසිද්ධියේ ම හෝ ඇතැම් විට රහසිගතව හෝ උපකාර කර ඇත. දැනුදු කරයි. අනාගතයේ මේ තත්වය පාලනය නො කළ හොත් තත්ත්වය තවත් නරක අතට හැරීම ඒකාන්ත ය. ඇෆ්ගනිස්තානය එකළ මුස්ලිම් අන්තවාදයේ බල කදවුරක් විය. ඛණිජ තෙල් නිපදවන මුස්ලිම් රවවල ආර්ථික සවිය, අවි ආයුද, යුධ පුහුණුව, ඉහල තාක්ෂණික දැනුම, රැකවරණය, සම්පත් දායකත්වය ලැබූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයෝ මුස්ලිම් රාජ්‍ය පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් වලද අන්තවාදය වැපුරූහ. ප්‍රචන්ඩ ක්‍රියා ත්‍රස්ත ක්‍රියා වැපුරූහ. ඉරාකය, ලිබියාව මුස්ලිම් ත්‍රස්තවාදයට අඩු වැඩි වශයෙන් උපකාර නො කළේ ය’යි කිව හැකිද?
ඔබට අදහස් දැක්වීමට අයිතියක් ඇත. එම අයිතියට අප ගරු කරමු. ඔබ අල්-කුර්ආනය හොදින් කියවා බලන්න! අන්තවාදයේ මුල හා අන්තවාදී අදහස් පෝෂක මූලය අවබෝධ කර නො ගෙන මෙම අර්බුදයට පිළිතුරු දිය නො හැක. දැනුදු බලවත් මුස්ලිම් රාජ්‍ය මුස්ලිම් අන්තවාදීන් පෝෂණය නො කරනවා ය’යි නො කිය හැකි ය. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට උපකාර කරන රටවල් කොන්දේසි විරහිතව බල බිදිය යුතු ය. එය ලෝක මානව ප්‍රජාවගේ සුභ සිද්ධිය පිණිස ය.

ඇෆ්ගනිස්තානය, ලිබියාව,
ඉරාකය, මේ තත්වයන්ගෙන් මුක්ත නැත. යුගෝස්ලාවියව දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයක් කොමියුනිස්ට් සමූහාණ්ඩුවක් ඇති විය. ජර්මනියේ ද එලෙස ම විය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු නේටෝව(NATO) නො වන්නට යුරෝපයේ දකුණ හා බටහිරට ත් ලෝකයේ බොහෝ රටවල මාක්ස්වාදී රාජ්‍යයන් බිහිවීම නො වැලැක්විය හැකිය. අප මෙහි කියන්නේ නේටෝවේ සියලු ක්‍රියා නිවැරැදි ය”යි කියා නොවේ.
නේටෝව නොවන්නට ලෝක දේශපාලන භූමියෙන් සැළකියුතු ප්‍රමාණයක් කොමියුනිස්ට් රාජ්‍යය වනවා ඇත. මාක්ස්වාදී කොමියුනිස්ට් රාජ්‍යයන් ලෝකයට උචිතද යනබව විමසීමට උතුරු කොරියාවට හැරී බැලීම වටී. ඔවුන් අත්තනෝමතිකව න්‍යෂ්ටික අවි බල ගැන්වීම සාධාරණ නැත. න්‍යෂ්ටික අවි රටකට අවශ්‍ය නම් අප රටට ද අවශ්‍යය වනු ඇත; න්‍යෂ්ටික අවි වලින් අප රටට වැඩක් නැති බව අපගේ අදහස ය.
ලෝක දේශපාලනය අස්ථාවර කිරීම පිණිස කොමියුනිස්ට් රාජ්‍ය සහ අන්තවාදයට උපකාරක මුස්ලිම් රාජ්‍ය ඔවුනොවුන්ට උපකාරක භාවයෙන් සිටිනවා ඇත.
නවීන යුධ තාක්ෂණික බලය සහිත කොමියුනිස්ට් රාජ්‍ය තිබෙන තාක් ලෝක මුස්ලිම් අන්තවාදය යුද්ධයෙන් පරාද කළ නොහැක.
ලෝක දේශපාලනයේ බල කඳවුරු හතරක් (4) ඇත.
1.ධනවාදී දක්ෂිණාංශික දේශපාලන කඳවුර,

  1. මුස්ලිම් ආගමික දේශපාලන කඳවුර,
    3 කොමියුනිස්ට්වාදී දේශපාලන සහ
    4.අර්ධ කොමිනිස්ට්වාදී දේශපාලන කඳවුර,

1.ධනවාදී දක්ෂිණාංශික දේශපාලන කඳවුරට අයත් වන්නේ, කොමියුනිස්ට් වාදය නො පිළිගන්නා සහ මුස්ල්මානු ආගම ද ඇදහීම් නොවන වෙනත් කුමන හෝ ආගමික ඇදහීම් ඇති ජනතාවගෙන් සැදුම් ලත් රාජ්‍යය න් ය.

  1. මුස්ලිම් ආගමික දේශපාලන බල කඳවුර බල ගැන්වී ඇත්තේ මුසල්මානුන්ගේ ආගමික ශුද්ධ ග්‍රන්ථය වන අල්-කුර්ආනය තුල අන්තර් ගත අල් කුර්ආන් පාඨ 6666 පාදක කර ගෙනය. ඔවුන්ගේ රාජ්‍ය පාලනය එහි අන්තර්ගතයට දැඩි ලෙස යටත් කර ඇත. අල්-කුර්ආනය ආගමික වශයෙන් පිළිගත් රාජ්‍යයන් මෙම කඳවුරට අයත් ය. ආගමික වශයෙන් ල්ලෝක ව්‍යාප්ත වාදය ද ඉලක්ක කර ඇත.
  2. කොමියුනිස්ට් වාදී දේශපාලන කඳවුරට අයත් වන්නේ මාක්ස්- ලෙනින් වාදය දේශපාලන සහ ආර්ථික වශයෙන් පිළිගත් බහුතර ජනතාවක් සහ දේශපාලන රාජ්‍ය නායකයන් සිටින රාජ්‍යයන් ය.
  3. අර්ධ කොමියුනිස්ට් වාදී දේශපාලන කඳවුර පෝෂණය වනුයේ මාක්ස් -ලෙනින් වාදය මූලික, දේශපාලන-ආර්ථික පදනම වශයෙන් පිළිගෙන, භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ නිපදවන භාණ්ඩ විදෙස් රාජ්‍ය වලට අලෙවි කිරීම සහ බෙදා හැරීමට ද විදෙස් රාජ්‍ය වලින් අමු ද්‍රව්‍ය, නිමි භාණ්ඩ මිලදී ගැනීමට ද විදෙස් රාජ්‍ය වලට තම විද්‍යා- තාක්ෂණ, ඉදිකිරීම් සේවා සැපයීමෙන් ඉපයීම් කිරීමට ද, විදේශ ශ්‍රම වෙළඳ පොළ ලාභදායී ලෙස සූරා කෑමට ද ණය දීමෙන් සහ ආයෝජනය කිරීමෙන් කූඨ උපායමාර්ග තුලින් ණය කාර රටවල ආර්ථිකයට සහ අභ්‍යන්තර දේශපාලනයට ඔවුන්ට වාසි සහගත ලෙස අත පෙවීම් කිරීම පිණිස ලිහිල් ආර්ථික ප්‍රතිප්‍රතිපත්තියක් අනුගමනය කරන රාජ්‍යයන් ය.

මෙම බල කඳවුරු අතරින් කොමියුනිස්ට් රාජ්‍ය සහ අර්ධ කොමියුනිස්ට් රාජ්‍ය කඳවුරු, දේශපාලන් වශයෙන් සහ යුද්ධමය වශයෙන් එකාබද්ධතාවයෙන්, ධනවාදී දක්ෂිණාංශක දේශපාලන කදවුරට විරුද්ධව ක්‍රියා කරත්.

ඇතැම් අවස්ථාවන්හිදී කොමියුනිස්ට් රාජ්‍යය ධනවාදී දක්ෂිණාංශික රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික කටයුතු වලදී අර්ධ කොමියුනිස්ට් රාජ්‍යයන් දෙපාර්ශවය අතර පාලමක් ලෙස භාවිතා කරයි.

Terrorist incidents in South Asia (1970-2016) Wikipedia

මුස්ලිම් රාජ්‍ය කදවුර ඔවුන්ට ම අනන්‍ය වූ, ඔවුන්ගේ අගමික ග්‍රන්ථයෙන් පෙන්නා දී ඇති ඉලක්ක ගත ගමනක ගමන් කරන්වා ඇත. ආර්ථික වශයෙන් ද දේශපාලන වශයෙන් ද භූ තලයේ භුමි අයිතිවාසිකම් තහවුරු කර ගනිමින් සිටී.
ඒ සඳහා ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික උපාය මාර්ග, ජාත්‍යන්තර වශයෙන් දිනෙන් දින දියත් කරමින්
සිටියි.

මෙහිදී සැලකිල්ල්ට ගත යුතු කරුණ නම් කොමියුනිස්ට් සහ අර්ධ කොමියුනිස්ට් රාජ්‍ය කදවුරුවල යුදමය උපකාර මුස්ලිම් රාජ්‍ය බල කඳවුර සමඟ ඔවුනොවුන් අතර හුවමාරු වීම ය. මෙය වඩාත් ම සක්‍රිය වන්නේ යුද තාක්ෂණික දියුණුව බලවත් මුස්ලිම් රාජ්‍යයන් සමග ය. එය ගැටළුවක් නොවන්නේ එකී රාජ්‍යයන් මුස්ලිම් අන්තවාදය නො පිළිගන්නා තෙක් පමණි. අන්තවාදය නො පිළිගෙන එය එසේ වේය”යි අප කෙසේ හඟින්නේ ද? මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වශයෙන් සලකන අල්-කුර්ආනයෙහි තිබෙන ඇතැම් වගන්ති ඔවුන්ට නිසොල්මන්ව සිටිමට ඉඩ ප්‍රස්ථ ලබා දේද?
අල්-කුර්ආනයේ සඳහන් පහත වගන්ති ඒ සඳහා මුසල්මානුවන්ට සාමකාමීව රාජ්‍යයන් පාලනයට ඉඩ ලබා දේය’යි අප කෙසේ විශ්වාස කරමු ද?
අල්-කුර්ආනයේ අල් බකරා 154,155,”තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර සතුරන් විසින්)ඝාතනය කරනු ලැබූවන්ව මරණයට පත් වූවන්වයි නොකියනු. එසේ නොව (ඔවුන්)පණ පිටින් සිටින්නාහ.”

.අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-191-192 .
“අල්ලාහ්ගේ මාර්ගයෙහි( ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු .නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු .මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත .එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ )ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින් ) ඔවුන් පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන්ව පිටමන් කර දමනු………. !) යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී (ඔබව ද, ඔබේ ධර්මය ද,ආරක්ෂා කර ගැනීම පිණිස)එය ඔබ කෙරෙහි අනීවාර්‍ය්ය කර ඇත..
අල්-කුර්ආනයේ අල්-බකරා 193 හි. “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන්(ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර,(අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.”

තවද අල් බකරා216
(විශ්වාසවත්තයිනි!) යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී (ඔබව ද, ඔබේ ධර්මය ද,ආරක්ෂා කර ගැනීම පිණිස)එය ඔබ කෙරෙහි අනීවාර්‍ය්ය කර ඇත.. තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ උකරනු.

තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.
“(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ උකරනු. “

තවද අන්නිසා 66-68 නමුත් (ප්‍රතික්ෂේප කරන) ඔවුන් (ඔබගේ ජනතාව) ඔබ කපා දමනු.
තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85. “නබියේ ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනවි! ඔබ ,ඔබව හැර (වෙන කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරිමට අවශ්‍ය නැත.(එහෙත්) විශ්වාසවත්තයින්ව (යුද්ධයට යන ලෙසට ) පොළම්වනු මැනවි!..

තවද අන්නිසා 74-75.පරලොව (ජීවිතය) සදහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය!……
තවද 75-76.(එබැවින් මෙවැනි අවස්ථාවන්හි සත්‍ය) විශ්වාසවත්තයන් අල්ලාහ්ගේ මාර්ගයෙහි අනිවාර්යයෙන් ම යුද්ධ කරන්නාහ;..

3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන්. 158 ඔබ(අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම ඔබ ගෙන එනු ලබන්නෙහුය.(කුමක් නිසා ඒ වෙනුවෙන් දුක් විය යුතුද?).

අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මරා දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා p.වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය…

අල්-කුර්ආනයේ 3 වන පරිච්ඡේදය ආල ඉම්රාන් 3.4. (නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කර තැබුවේ ය. (මෙය) මෙයට පෙර තිබූ (ධර්මයන්) සියල්ලම ස්ථීර කරන්නේ ය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහල කළේය. මීට පෙරද මිනිසුන්ට සෘජු මාර්ගෝපදේශකයන් වශයෙන් තිබුණු,(පව්, පින්) වෙන් කර දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේ ය.
එබැවින් කවුරුත් හෝ අල්ලාහ්ගේ (එම) ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඩුවම් ඇත. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයකු හා (නපුරු අයගෙන්) පළිගන්නෙකු වශයෙන්සිටින්නේ ය.”
(ඉහත පාඨයේ තව්රාතය යනු මුසා හෙවත් මෝසස්ට පහල කළ බයිබලයේ පරණ තෙස්තමේන්තුව ය. ඉන්ජීලය යනු ඊසා හෙවත් ජීසස්ට පහළ කළ බයිබලයේ අලුත් තෙස්තමේන්තුව ය. පහළ වූ ඒ ආකාරයෙන් දැන් එය නැති බව ස්ලාම් ආගමිකයන්ගේ මතය ය.)

තවද, 4 වන පරිච්ඡේදය අන්නිසා 89 “(විශ්වාසවන්තයෙනි,) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී(ඔවුන්ට) සමාන වීම කැමැති වන්නාහ. එබැවින් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යනතුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නොගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය හොත් දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී රුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. .තවද ඔවුන්ගෙන් කිසිවෙක් (ඔබට) මිතුරන් බවට, සහායයන් බවට පත් කර නොගනු. (මෙහි ප්‍රතික්ෂේප කිරීම යනු අල්ලාහ් හා අල්-කුර්ආනය ප්‍රතික්ෂේප කිරීමය.)
(අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 190-191-192,193,154,155,216, 244
4වන පරිච්ඡේදයේ අන්නිසා 66-68,74-75,76, 84,85,89,
3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,
අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34.
9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123
දැනට ධනවාදී රාජ්‍යයන් සමඟ මුස්ලිම් රාජ්‍යයන් කරන සියලු ගනු දෙනු ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධ ගනු දෙනු ය. ආගමික ඇදහීම් වශයෙන් ඔවුන්ගේ කිසිදු සම්බන්ධ කමක් නැත. කිතුනුවන්ගේ බයිබලයේ සඳහන් පරම්පරා සම්බන්ධය මුස්ල්මානුන්ගේ අල් කුර්ආනයේ සඳහන් පරම්පරා සම්බන්ධය අතීතයේ එක ම වුවත් මෙකල ඔවුන්ගේ, ආගමික ඇදහීම, ක්‍රියා කාරකම්, දෙයාකාර ය. එක මඟක නැත. ආගමික වශයෙන් වත්මනෙහි ඔවුනොවුන් බැදීමකට නොයන බව පැහැදිළි ය.

අපට ජීවත් වන මේ රට අතීත රාජවලියක් තිබූ ශක්තිමත් සංකෘතියක් උරුම වූ රටකි. මේ රට අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් රැක ගැනීමට නිර්භයව දූරදර්ශි තීන්දු-තීරණ ගැනීම පාලනය හොබවන්නන්ගේ වගකීම ය.

ආරියතිලක 2019.04.25