Fri. Jul 5th, 2024
Spread the News


ආරියතිලක 2019.04.26

Picture by – https://mena-studies.org/understanding-islamist-extremism/

Islamic extremism is driven by a totalitarian interpretation of Islam that believes in a global Islamic state.

ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගම් වල ආගමික කතෘ පාඨ ආගමික ග්‍රන්ථ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ “කිසිම තැනැත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය.”යනුවෙන් දක්වා ඇතආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය. යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

මෙහි කියවෙන 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම් “14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය. යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන හා 09 වන ව්‍යවස්ථාවෙන් කියවෙන 14 වන ව්‍යවස්ථාවේ (1)වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය සමග අල්-කුර්ආනයේ ඇතැම් කුරආන් පාඨ ගැටීමකට ලක් කරයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව සිටී. අපරාධ නඩු විධාන සංග්‍රහයට (දණ්ඩ නීති සංග්‍රහයට) පටහැනිව පිහිටා ඇත.

මුසල්මානුවන්ගේ “ශුද්ධ ග්‍රන්ථය” වන අල්-කුර්ආනයේ ඇතැම් කුරාන් පාඨ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සදහා වස්තු බීජය සලසා ඇත. මුස්ලිම් රාජ්‍ය හැර ලෝකයේ වෙනත් කිසිදු රටක් අල්-කුර්ආනයට තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී නැති වුවද එසේ බලය දී ඇත්තේ ශ්‍රීලංකා ජනරජය පමණි. මෙය කිසිසේත්ම නොසලකා හැරීම කළ නොහැකි අතර රාජ්‍ය නායකයා ඇතුළු දේශපලනඥයින්, ව්‍යවස්ථා සම්පාදකයන් , නීති විශාරදයන් , ආගමික නායකයින් , සිවිල් ක්‍රියාකාරිකයන් මැදිහත් වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් ගෙන ඒමට සාමාජ කථිකාවක් ඇති කිරීම නොවළහා කළ යුතු බව අවධාරණය කරමු. අපරාධ සංඛ්‍යාවට ගැනෙන කිසිදු දෙයක් ආගම් තුල තිබීම යුතු නොවන්නේ ය. අපරාධයක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ,ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම් ,ප්‍රකාශ ,පාඨ, වගන්ති ,යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපරාධ නීතියට,දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව ,විරෝධීව පවතී.

මේ පිළිබඳව රජය වහාම විධිමත් පියවර ගත යුතුය අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-191-192 . අල්ලාහ්ගේ මාර්ගයෙහි( ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු .නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු .මන්ද යත් නියත වශයෙන්ම අ ල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත .එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ )ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින් ) ඔවුන් පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන්ව පිටමන් කර දමනු………. තවද අල්-බකරා 193 හි. “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු….. තවද අල් බකරා 216.(විශ්වාසවත්තයිනි!) යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී (ඔබව ද, ඔබේ ධර්මය ද,ආරක්ෂා කර ගැනීම පිණිස)එය ඔබ කෙරෙහි අනීවාර්‍ය්ය කර ඇත.. තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ උකරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85.නබියේ ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනවි! ඔබ ,ඔබව හැර (වෙන කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරිමට අවශ්‍ය නැත.(එහෙත්) විශ්වාසවත්තයින්ව (යුද්ධයට යන ලෙසට ) පොළම්වනු මැනවි!..තවද 66-68.නමුත් (ප්‍රතික්ෂේප කරන) ඔවුන් (ඔබගේ ජනතාව) ඔබ කපා දමනු. තවද අන්නිසා 74-75.පරලොව (ජීවිතය) සදහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය!……තවද 75-76.(එබැවින් මෙවැනි අවස්ථාවන්හි සත්‍ය) විශ්වාසවත්තයන් අල්ලාහ්ගේ මාර්ගයෙහි අනිවාර්යයෙන් ම යුද්ධ කරන්නාහ;…..තවද අල් බකරා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ( 1 )වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ “14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය. යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙම ව්‍යවස්ථාව අනුව රටේ සෑම පුරවැසියකුටම රටේ ජනතාව අදහන සියලු අගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇත. එසේම එකී අගම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එපමණක් නොව අපරාධ නඩු විධාන සංග්‍රහයට (දණ්ඩ නීති සංග්‍රහයට ) ද පටහැනිව ඉගැන්වීම් ,ක්‍රියා කාරකම් තිබේද යන්න විමසා බැලිය යුතු කාලය එළම ඇත. ආගමකින් සිදු විය යුත්තේ සදාචාරය ,හික්මීම, සාමය, සංහිඳියාව ඇති කිරීමට මග පෙන්වීමය.

ආගම් නාමයෙන් පෙනී සිටිමින් රටේ ජාතික සමගියට ,ආගමික අන්‍යොන්‍ය මිත්‍රත්වයට හා සංහිඳියාවට යම් ආගමිකයෙක් ආගමික කණ්ඩායමක් අකුල් හෙලන්නේ ද එයට හේතු වහා අධ්‍යයනය කළ්‍අ යුතුය. බුදුදහම(ත්‍රිපිටකය) , කිතු දහම(බයිබලය), මුස්ලිම් ආගම(අල්-කුර්ආනය) ,හින්දු ආගම (ත්‍රි වේදය හා හින්දු ආගමික ග්‍රන්ථ පිළිබඳව රටේ ව්‍යවස්ථා සම්පාදකයින් හා නීතිය බලගන්නන්, අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂය නිර්දේශ සම්පාදකයන් (විශේෂයෙන් ඒ ඒ ආගමික දහම් පාසල් පැවැත්වීම හා පාසල් හා උසස් අධ්‍යාපනට විෂයන් ලෙස භාවිතා කරන බැවින්) ,ජනමාධ්‍ය ක්ෂේත්‍රය හසුරුවන්නන් හා ජනමාධ්‍ය වේදීන් , රටේ රාජ්‍ය නායකයා ඇතුලු සියලු රාජ්‍ය ක්‍රියාකාරිකයන්, විසින් අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත.

රටේ අපරාධ සංඛ්‍යාවට ගැනෙන අපරාධ නීතියෙන් අපරාධයක් වන කිසිදු දෙයක් හෝ ජාතික සමගියට, රටේ නීතිය හා සාමයට පටහැනිව පවතින කිසිදු දෙයක් ආගම් තුල නොතිබිය යුතුය. අපරායක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම්, ප්‍රකාශ, පාඨ ,වගන්ති යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ,අපරාධ නීතියට පටහැනිව-විරෝධීව පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ “කිසිම තැනෑත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය.”