Fri. Jul 5th, 2024
Spread the News

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර
20.10.2020.

“මුට්ටිය කේතලයට කලුයි කියන්නාසේ” යන්න සින්හල සමාජයේ ඉතා ජනප්‍රිය ආප්තෝපදේශයකි. එකෙකු තමන්ගේ වරද අනුන් පිට පටවන අවස්ථාවලදී මෙම ආප්තෝපදේශය  යොදාගැනේ.එහෙත් මෙම කලුකිරීමට මුල් වරද කරුවා ලිප බව කිසිවෙකු නොකියයි.ඒ අනුව ඇත්තවශයෙන්ම මුට්ටිය සහ කේතලය යන දෙකම කලුකිරීමේ වරද භාරගතයුත්තේ ලිප නොවේදැයි යන ප්‍රශ්නය මතුවෙයි.

එමනිසා “මුට්ටිය සහ කේතලය යන දෙකම කලුකොට ඒ දෙදෙනා සණ්ඩු කරද්දී සුදනා මෙන් අහක බලාගෙන නිහඩව සිටිනා ලිපසේ”

මට මේ ආප්තෝපදේශය සින්හල භාෂාවට එකතුකරන්නට සිතුනේ මේ දිනවල අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය පිළිබද පැවැත්වෙන සාක්ෂි විභාගයේදී රනිල් සහ මයිත්‍රිපාල දෙදෙනා එකෙනෙකාට දෝෂාරොපනය කරගන්නා ආකාරය දෙස බලා සිටින විටය. මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීමෙන් මෙ දෙදෙනාටම බේරීමට නොහැකිවුවත් ඔවුන් දෙදෙනාම සිදුකරනලද සෑම වරදකටම වගකිවයුතු තවත් අයෙක් සිටින බව බොහෝ දෙනා අමතක් කොට ඇති බව පෙනේ , ඒ අන්කවරෙකුවත් නොව මේ දෙන්නාගේ මගුලේ කපුකම කළ චන්ද්‍රිකාය. එමනිසා රනිල් සහ සිරිසේන කළ සෑම අපරාධයකටම චන්ද්‍රිකාද වග කිව යුතුය. එමනිසා ඉහත දැක්වුන නව ආපතෝපදේශය ‘මුට්ටිය කේතලයට කලුයි කියමින් සණ්ඩු කරන විට නුබලා දෙන්නාම කලුකෙරුවේ මම  කියා ලිප කියන්නාසේ” යන නව කියමන සමගම රනිල් සිරිසේනට කලුයි කියන විට නුබලා දෙන්නාම කලුකලේ මා නොවේදැයි නොකියන චන්ද්‍රිකාසේ” යනුවෙන් තවත් අලුත් ආප්තෝපදේශයක්  හෙළ වහරට එකතුකළ යුතුයයි මට සිතේ.