Mon. Jul 8th, 2024
Spread the News

ආරියතිලක2023.02.03

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව ද වාර්තාවල සඳහන් කර ඇත.

බෞද්ධයන්ගේ රාජ්‍ය බලය පිහිරී ගිය සැම රටකම බුදු සසුන ඒ රටේ විනාශ විය. බුදු රදුන් උපන් භුමියේ ද බුදු සසුන අභාවයට ගියේ ඒ නිසාවෙනි. මෙරට ද වරින් වර සිංහල බෞද්ධ රාජ්‍ය බලය පිරිහී ගිය සැම අවස්ථාවක ම බුදු සසුන පිරිහීමට හේතු විය.

බෞද්ධ සිද්ධස්ථාන සුරක්ෂිත කිරීම, රජයේ වගකීම ය. දේශපාලකයන්ගේ ඕනෑ එපා කම් මත විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලාට සහ ඒ ඒ සිද්ධස්ථාන වලට සැලකීමට රජයකට ඉඩක් නැත. විශේෂයෙන් විහාරස්ථාන රැකීමට නො හැකි නම් ඒ බැරි රාජ්‍ය පාලකයන් ධූරවලින් ඉවත් වී ගෙදර යා යුතුය. බුදු සසුනට නො සලකන කිසිදු පාලකයෙක් මේ රටේ පාලනයේ සිටීමට ඉඩක් නැත. එවැනි දේශපානය කරන කිසිවෙක් පාලන ධූරයන්ට පත් නො කිරීමට ජනතාව වග බලාගත යුතු ය. දුරින් ම දුරු කළ යුතු ය.
බුදු සසුන අමතක කර පාලනය හොබවන සැම දෙනා ම කරන්නේ ලංකාදීපයේ සම්බුදු සසුනේ චිර පැවැත්මට හානි කිරීමක් බව අවධාරණය කරමු. ඔවුන් මෙරට රාජ්‍ය පාලනයට වැඩක් නැත. බෙල්ල නැතිව තැල්ල බ‍ඳින්නේ කොහේද? යන්න සිතිය යුතු ය.

ඓතිහාසික මිහින්‍තලා විහාරස්ථාන භූමියට ආරක්ෂාව ඉවත් කිරීම බුදු සසුන් විරෝධී පරගැති චින්තනයට වහල් වූ අශික්ෂිත ක්‍රියාවක් බව ද කිව යුතු ය.
දැනට ම මෙසේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර උතුර පලාත් සභාව ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාදීමෙන් වන්නේ බලවත් ලෙස සම්බුදු සසුනට හිමි භූමි බරපතල විනාශයකට පත්වීමකට මඟ සැළසීමකි.
මිහින්තලා පුද බිම නො සලකා හැරීම බුදුසසුනත් සමස්ථ මෙරට බෞද්ධ ජනතාවත් අමතක කිරීමකි. බෞද්ධයන්ට කරන ලද බලවත් නො සලකා හැරීමකි. මෙය මෙරට බෞදධ උරුමයට කළ බලවත් නිගාවක් බව අවධාරණය කරමු. මෙය ද මේ රටේ බෞධයන්ට උරුම!

නිදහස් දිනය යැ’යි කියා සමරන දිනයට බෞද්ධයන්ගේ මානසික නිදහස නැති කර ඇති බව නම් පැහැදිළි ය. බෞද්ධයන්ගේ මානසික නිදහස නැති කිරීම යනු නිදහසේ ආගම ඇදහීමට තිබෙන මානසික නිදහස
නැති කිරීම ය. එසේ නම් එය ආගමික නිදහස නැති කිරීම ය.