Spread the News

මිලිබෑන්ඩ් හා කුෂ්නර් ශ්‍රී ලංකාවට
පැමිණි රහස “විකිලික්‌ස්‌” හෙළි කරයි

කීර්ති වර්ණකුලසූරිය

source:
බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් 2009 අප්‍රේල් මාසයේ මෙරටට පැමිණ ඇත්තේ වන්නි මෙහෙයුම නතරකරලීම සඳහා යෑයි විකිලික්‌ස්‌ වෙබ් අඩවිය හෙළි කරයි. මේ බව හෙළිවී ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ පණිවිඩ 3325 කිනි. මේ හැර ඇමරිකානු තානාපතිනි පැට්‌රීෂියා බූටේනිස්‌ විසින් මේ වසරේ ජනවාරි 15 දා යෑවූ රහස්‌ පණිවිඩයකින් ද්‍රවිඩයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පවුලේ අයද හමුදා ජනරාල්වරුද හිටපු හමුදාපතිද වගකිව යුතු යෑයි සඳහන් කර ඇත.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙම රහස්‌ පණිවිඩවලට අනුව පැට්‌රීෂියා බුටේනිස්‌ විසින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සම්පන්දන්, සිවාජිලිංගම් පද්මනී සිවසිදම්බරන්, මනෝ ගනේෂන් සහ හිටපු හමුදාපතිගේ මැතිවරණ ප්‍රචාරක කළමනාකරු සමගද සාකච්ඡා පවත්වා තිබේ.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පණිවිඩ 3325 ක්‌ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇති අතර ඉන් 112 ක්‌ අතිශයින්ම රහසිගත වේ.