Mon. Jul 8th, 2024
Spread the News

මැන්චෙස්‌ටර් බෝම්බකරුගේ පවුලේ සියල්ලෝම අයිසිස්‌ ත්‍රස්‌තයෝ

බෝම්බකරුගේ පියා සහ බාල සොහොයුරා ලිබියාවේදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ බරපතල බිඳ වැටීමක්‌
සල්මන් අබේදිගේ සොහොයුරු හෂ්මි මැන්චෙස්‌ටර් ප්‍රහාරය දැනසිටියා

මැන්චෙස්‌ටර් රඟහලේදී විසිදෙදනකු මරුමුවට පත්කරමින් බෝම්බයක්‌ පුපුරුවා ගත් බෝම්බකරු සල්මන් අබේදිගේ පවුලේ අය අයිසිස්‌ ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ බව අනාවරණය වී ඇත.

මෙතෙක්‌ කරන ලද විමර්ශනවලින් හෙලිවී ඇත්තේ ඔහුගේ පියාවූ රාමද්‍රdන් ප්‍රධානතම අයිසිස්‌ ක්‍රියාකාරියකු බවයි.

රාමද්‍රdන් සහ ඔහුගේ බාලපුත් හෂිමිද ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් ටි්‍රපොලි නුවරදී අත්අඩංගුවට ගත් බව ලිබියානු බලධාරීන් හෙළිකළහ.

දකුණු මැන්චෙස්‌ටර් ප්‍රදේශයේ විසූ අබේදි පවුල ජාත්‍යන්තර අයිසිස්‌ ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ බවට තොරතුරු බ්‍රිතාන්‍ය එම් අයි 6 බුද්ධි සේවාවට සොයාගැනීමටද නොහැකිවී තිබුණි.

මොවුන් පැරිසියේ සහ බ්‍රසල්ස්‌ නුවර ත්‍රස්‌ත ප්‍රහාර වලට සම්බන්ධ ත්‍රස්‌තයන්ටද සම්බන්ධ බවට හෙලිවී ඇත.

අත්අඩංගුවට ගත් හෂිම් නැමැත්තා තම සොහොයුරු සල්මන්ගේ සැලැස්‌ම මසකට පෙර දැනසිටි බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ දක්‌වන්නේ සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ලවීම නිසා මියගිය ළමුන් ගැන අනුකම්පා කළ සල්මන් ඊට පලිගැනීමක්‌ ලෙස මෙම බෝම්බ පිපිරීම සිදුකළ බවයි. මැන්චෙස්‌ටර් බෝම්බ පිපිරීමට අදාල පරීක්‍ෂණ අවසන් වීමට පෙර ඊට අදාල ඡායාරූප ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශයට පත්කිරීම ගැන අගමැතිනි තෙරේසා මේ ඇමරිකානු රජයට චෝදනා එල්ල කර ඇත.

මේවන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙක්‌ අත්අඩංගුවටගෙන තිබේ.

සල්මන් අබේදි බෝම්බය ගෙන ආ ඇලුමිනියම් භාජනයේ කොටස්‌ද පොලිස්‌ විමර්ශනකයන් සොයාගෙන ඇත. ඔහු බෝම්බය සකස්‌කර ඇත්තේ අධිබල පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් බව හෙලිවී ඇතත් එම බෝම්බය නිපදවීම සඳහා බෝම්බ විශේෂඥයකු සහය වී ඇති බවත් වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම බෝම්බය පිපිරවීම සඳහා අබේදිගේ අතේ ඩෙටනේටරයක්‌ හෙවත් පිපිරීම් උපකරණයක්‌ තිබූ බවට සැකකෙරේ.

බ්‍රිතාන්‍ය බෝම්බ විශේෂඥයන් පැවසුවේ උතුරු අයර්ලන්ත අයි ආර් ඒ ගරිල්ලන් පිපිරවූ බෝම්බ වලට වඩා මෙම බෝම්බය බලවත් බවයි.

මැන්චෙස්‌ටර් බෝම්බකරු කවුදැයි බ්‍රිතාන්‍ය බලධාරීන් හෙලිකිරීමට පෙර ඇමරිකානු මාධ්‍ය එම බෝම්බකරු සල්මන් අබේදි බව අනාවරණය කළේ කෙසේද යනන ගැනද විමර්ශනයක්‌ පැවැත්වේ.

අබේදි භාවිත කළ ඩෙටනේටරයේ කොටස්‌ද මේවන විට හමුවී ඇත.

ඔහු බෝම්බය පණගැන්වීම සඳහා වෝල්ට්‌ 12 යුආසා බැටරියක්‌ද භාවිත කර තිබූ බව එම බැටරියේ කොටස්‌ හමුවීමෙන් පසු තහවුරුවී තිබේ.

මේ අතර සල්මන් අබේදිගේ මිතුරන් පොලිස්‌ විමර්ශනය වෙත තොරතුරු හෙලිකරමින් සල්මන් අබේදී සතිතුනක්‌ තිස්‌සේ ලිබියාවේ සංචාරයක යෙදී සිටි බව සඳහන් කර ඇත.

එහෙත් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා ඔහුගේ ලිබියා සංචාරය ගැන විමර්ශනයක්‌ කර නැති අතර අබේදි යලි මැන්චෙස්‌ටර් නුවරට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීඹක්‌ද කර නැත.

සල්මන් අබේදිගේ නිවස තුළ රසායනික ද්‍රව්‍ය කම්හලක්‌ තිබූ බවද තවදුරටත් හෙලිවී ඇත.

ඔහුගේ මව වූ සල්මිද අත්aඅඩංගුවට ගෙන ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීන් වැඩිදුරටත් හෙලිකර තිබේ. (divaina)