Mon. Jul 8th, 2024
Spread the News

මැති සබයට අලුත් මුහුණු 66ක්‌

අජිත් අලහකෝන්

මෙවර පාර්ලිමේන්තුවට මහජන ඡන්දෙන් තේරී පත්වූ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර අලුත් මුහුණු හැට හයක්‌ (66 ක්‌) ඇත.එක්‌සත් ජාතික පක්‍ෂයේ තිස්‌අටදෙනකු, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ විසිදෙනකු, ජනතා විමුක්‌ති පෙරමුණේ එක්‌ අයෙකු, ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ඉලංගෙයි තමිල් අරසු කච්චි) හත්දෙනකු මේ අතර සිටිති.පාර්ලිමේන්තුවේ නොසිටි, එහෙත් ඉන් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ දාහත්දෙනෙක්‌ ද මෙවර මනාප ලබා මැති සබයට තේරී පත්ව සිටිති.

එජාපයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තේරී පත් වූ එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචJද්‍ර සහ එජනිසයෙන් තේරී පත් වූ උදය ගම්මන්පිල, ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් එජාපය යටතේ තේරී පත් වූ හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න, එජනිසයෙන් තේරුණ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාන්සා, සිසිර ජයකොඩි සහ ඉන්දික අනුරුද්ධ ද, කළුතරට එජනිසයෙන් පියල් නිශාන්ත, ජවිපෙ නලින්ද ජයතිස්‌ස නවකයෝ වෙති.

ගාල්ල එජාප බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විඡේපාල හෙට්‌ටිආරච්චි, එජනිස ගීතා කුමාරසිංහ, ත්‍රිකුණාමලය එජාප ඉරාන් මහරුෆ්, මඩකලපුව ද්‍රවිඩ ජාතික සන්ධානය ඥනමුත්තු සිරිනේෂන්, සදාසිවම් ජයලේන්දිරන්, සින්නතම්බි යෝගේෂ්වරන් වන්නි ද්‍රවිඩ ජාතික සන්ධානය ඉරුදයාදන් චාල්ස්‌ නිර්මලනාදන්, අන්නාමලේ නඩේසු ශිවශක්‌ති, ශිවප්‍රකාශම් තිවමෝගන්, එජනිස කේ. කේ. මස්‌තාන්, කෑගල්ල එජාප සුජිත් සංජය පෙරේරා, තුසිතා

විඡේමාන්න, සන්දිත් සමරසිංහ, එජනිස – තාරක බාලසූරිය, එච්. ආර්. භාරතී දුෂ්මන්ත, පුත්තලම එජාප – හෙක්‌ටර් අප්පුහාමි, හේමන්ත සිසිර කුමාර, අශෝක ප්‍රියන්ත, එජනිස – ශාන්ත නිශාන්ත පෙරේරා, පොලොන්නරුව එජාප නාලක ප්‍රසාද් කොලොන්න, මාතලේ එජාප රෝහිණී කුමාරි

විඡේරත්න, මොනරාගල එජාප ආනන්ද කුමාරසිරි, එජනිස – විජිත බේරුගොඩ, බදුල්ල එජාප චමින්ද විඡේසිරි, අරවින්ද කුමාර්, එජනිස – චාමර සම්පත් දසනායක, මාතර එජනිස – එන්. ප්‍රේමරත්න, කංචන විඡේසේකර, නුවරඑළිය එජාප එම්. තිලකරාඡ්, කේ. කේ. පියදාස, අනුරාධපුර එජාප චන්දිම ගමගේ, ඒ. රහුමාන් ඉස්‌හාත්, දිගාමඩුල්ල එජාප – දයා ඩී. ගමගේ, ඒ. කේ. එම්. ෆයිසාල්, ඒ. එම්. හැරී, ඊ. එම්. මන්සූර්, එජනිස – විමලවීර දිසානායක, ද්‍රවිඩ ජාතික සන්ධානය – කාවින්දන් කෝනේෂ්වරම්, කුරුණෑගල එජාප – ඡේ. සී. අලවතුවල, ඉෂාර ඉඳුනිල්, හම්බන්තොට එජනිස ඩී. වී. චානක, රත්නපුර එජාප හේෂාන් විජය විතානගේ, ඒ. ඒ. විඡේතුංග සහ කරුණාරත්න පරණවිතාන, මහනුවර එජාප මයන්ත දිසානායක, එම්. එච්. ඒ. හලීම්, ලකී ජයවර්ධන, පී. වේලුකුමාර, ආනන්ද අලුත්ගමගේ, එජනිස අනුරාධ ජයරත්න, යන අය පාර්ලිමේන්තුවට මෙවර අලුතින්ම තේරී පත් වූ අය අතර වෙති.

පසුගිය පාර්ලිමේන්තුවේ නොසිටි එහෙත් මින් පෙර මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ එජාප මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන (ගාල්ල), සිඩ්නි ජයරත්න (පොලොන්නරුව), රංජිත් අලුවිහාරේ (මාතලේ), හරින් ප්‍රනාන්දු (බදුල්ල), රවීන්ද්‍ර සමරවීර (බදුල්ල), වඩිවේල් සුරේෂ් (බදුල්ල), සාගල රත්නායක (මාතර). ලක්‍ෂ්මන් විඡේමාන්න (කළුතර), එජනිස මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්‍ෂ (කුරුණෑගල), දයාසිරි ජයසේකර (කුරුණෑගල), ජයන්ත සමරවීර (කළුතර), පද්ම උදයශාන්ත (මොනරාගල), මොහාන් පී. ද සිල්වා (ගාල්ල), ජවිපෙ නිහාල් ගලප්පත්ති (හම්බන්තොට). සහ මුස්‌ලිම් කොංග්‍රසයේ අලි සහීර් මවුලානා (මඩකලපුව) එජාප ඒ. එම්. එච්. මහරුෆ්(ත්‍රි’මලය) යන අය ද මෙවර මැතිසබයට පත්ව සිටිති.