Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Ayudhya Gajanayake – Google Download

ආරියතිලක
2923.01. 16

මැතිවරණ පැවැත්වීමට ඉල්ලීම කාලකන්නි කමක් ද?

“මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු “යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනමත විචාරණ ඇතුළු සියලු මැතිවරණ නිදහස් හා සාධරණ ලෙස පැවැත් වීමට ඉල්ලීම් කිරීමට අවශ්‍ය නැත; මැතිවරණ ප්‍රකාසයට පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත බලය මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ජනතාව සතු පරමාධිපත්‍යය ඡන්ද බලය සක්‍රීය කොට, බල ගන්වන්නේ මැතිවරණ පැවැත්වීමෙනි.
ජනමත විචාරණ ඇතුළු මැතිවරණ ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම, ඡන්දයකදී ඡන්ද දායකයාගේ ඡන්ද අයිතිය නිසි ලෙස සුරැකීම, කුමන ඡන්දයකදී වුව (ජන්මත විචාරණ ඇතුළු) ද නිදහස් හා සධාරණ ලෙස ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම, සහ මැතිවරණ සම්බන්ධ සියලු කටයුතු පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලත් බලධරයා, මැතිවරණ කොමිෂන් සභාව ය.
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය, පාලාත් සභා මැතිවරණය, පලාත් පාලන මැතිවරණය, යන සියලු මැතිවරණ පැවැත් විය යුතු කාලය, එකී ධූර, සහ ආයතනවල පැවතිය යුතු කාලය ඉක්ම ගිය කල්හි, ඒ ඒ මැතිවරණය කල් දැමීම පිණිස, (ශේෂඨාධිකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යයි අනුමැතිය ලත්) යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් හෝ අධිකරණ නියෝගයකින් හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතියට එකඟව ගන්නා ලද තීරණයකින් හෝ යන හේතුවක් නොවේ නම්, මැතිවරණය පැවැත් වීමට, නිරායාසයෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ. ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කළ විටකදී ද මේ ලෙස ය.
එය කිසිවෙක් විසින් ඉල්ලීමට අවශ්‍ය නොවේ.
මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවත්වීමට නිසි කාලය මැතිවරණ කොමිෂන් සභාව මත පිහිටි විට, මැතිවරණ පැවැත් වීමට මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටී.
මෙයට බාහිරව කටයුතු කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට හිමි බලය මත, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක ” මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැ”යි කවරෙකු විසින් හෝ පවසනවා නම් ඒ පැවසීම කවුරු අරභයා කියන්නේ දැයි එසේ කියන පුද්ගලයා විසින් පැහැදිළි කළ යුතු ය. මැතිවරණය ප්‍රකාශ කිරීමේ කාර්ය රටේ පුරවැසියාගේ කටයුත්තක් නොවේ. එය මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයකි.
මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරනුයේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ සතු පරමාධිප්‍යය බලය සුරැකීම ය.
එසේ නම් “මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැ”යි ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය පතිබාහනය කිරීමට උත්සාහ කිරීමක් බව කිව යුතු ය.
විශේෂයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ
(ඇ) ඡේදයේ:- 33 .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට-
(ඇ)මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැතවීම සඳහා උචිත වාතාවරණයන් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේ ය;
යනුවෙන් ව්‍යවස්ථාපිතව තිබිය දී

“මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු “යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් සිටිමින් පැවසීම බරපතල කාරණයකි.