Mon. Jul 8th, 2024
Spread the News

ආරියතිලක
2023.02.06

පෙබරවාරි 08දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. යනුවෙන් මාධ්‍ය වාර්තා කර ඇත.

දැනට ප්‍රකාශයට පත්කර ඇති පරිදි මාර්තු මස 09 නවනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් හමුවේ පැවසුවේ යැයි මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය සඳහන් කර ඇති බව ද මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

එකී වාර්තාවට අනුව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය විසින් කර ඇති ප්‍රකාශය ඉවත ලිය නො හැක.
ඇය රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතු වගකිවයුතු තැනැත්තියක වන බැවින් ඇයගේ ප්‍රකාශය අප විසින් විශ්වාස කර නො කිරීමට හේතුවක් නැත. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධනියා බැවින් මැතිවරණය කල් දැමීමට යෝජනා කිරීමට හේතුවක් තිබුණේ නම් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියට මැතිවරණය පවතවන බවට ප්‍රකාශ නො කරනවා ඇත.
මැතිවරමය කල්දමන්නේ නම්, දෙදනා විසින් කරන ලද පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීමක් වනවා ඇත.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියගේ වචනය හිස් ප්‍රලාපයක් වනවානම් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික භාවය කෙරෙහි විශ්වාසනීය බව තව දුරටත් තැබීම නො හැකි වනු ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කියන ප්‍රකාශය ක්‍රියාවේ නොයොදන්නේ නම් එය අසත්‍යවාදීව ක්‍රියා කිරීමකි. රජ්‍ය තාන්ත්‍රික බව කෙලෙසීමකි. බොරුවෙන් මුලා කිරීමකි. මේ දෙදෙනාගෙන් කවුද? ඇත්ත කියන්නේ; කවුද?බොරුකියන්නේ?