Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtecy eelamview

මා හට අභියෝග කරන ලේඛකයා හෝ ලේඛකයන් ශ්‍රී ලංකාවේ වසන දමිළ ජනයා හඳුන්වන්නේ “සුළු ජාතිය” කියා. එහෙත් ඔවුන් සිංහල ජාතිය කියා සංසිද්ධියක් හඳුනා ගැනීමට මැළි වෙති.
මෙය පැහැදිලිවම කුහකකමකි.

දකුණු ඉන්දියාවේ නායක්කර් වංශික කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජ වූ විට ඔහු එතැන් සිට ලංකාව පාලනය කළේ “සිංහලයෙක්” හැටියටයි. ලෝකයේ කොහේ සිට පාත් වුණත් “සිංහලේ” රජ සිංහලයෙක් විය යුතුයි. ඇතැම් මන්දබුද්ධිකයින් හිතන අන්දමට ඒ සඳහා
” සිංහල ලේ ” ම තිබිය යුතු නැහැ.

ශ්‍රී වික්‍රම රාජසිංහ හඳුන්වන්නේ සිංහලයේ අන්තිම රජු ලෙසයි. නමුත් ඔහු වඩිග රජ පරම්පරාවේ අයෙක්.

මාගේ කලින් ලිපියක මා සඳහන් කළ “සිංහල ජාතිය” ඓතිහාසික ප්‍රපංචයක්. එහෙම ජාතියක් අතීතයේ දී පමණක් නොවෙයි අනාගතයේදීත් තිබිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. මා එසේ කියන්නේ අන්තවාදී උමතුවකින් නොවෙයි.

සුද්දා මේකට
Ceylon ” කීවිට උපරි සහ අධෝ මුඛ දෙකම වසාගෙන සිටි කළු සිංහලයින්, සැබෑ හෙළයෙක් මේක සිංහල රට කීවිට රත්වූ තැටියක් මත වාඩි වුණු මිනිසෙක් උඩ පනින්නා සේ දඟලන්නේ ඇයි ද යන්න අප හොඳින් අවබෝධ කරගත යුතුව තිබෙනවා.

දේශයට ද්‍රෝහී වූවන්, අද පමණක් නොවෙයි එදත් සිටියා.

Otto Eduard Leopold von Bismarck 19 වන සියවසේ අග භාගයේ දී ප්‍රසියාව ලෙසින් හැඳින්වූ රට අවට ඇති ප්‍රාන්ත රාජ්‍යයන්ද සම්බන්ධ කරගෙන ජර්මනිය කියා ප්‍රථම වරට අද පවතින ජර්මනිය නිර්මාණය කළා.

ඒ ජර්මනිය අදත් ජර්මනිය හෙටත් ජර්මනිය. උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් එකම රටක් එකම ජාතියක්, එකම භාෂාවක්. එකම නීතියක්.

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් මේ රටට සංක්‍රමණය වන මිනිසුන් භූගෝලීය වශයෙන් එකම රටක් සංස්කෘතික වශයෙන් එකම භාෂාවක් නිහඬව නිහතමානීව පිළිගෙන ජර්මනිය ආර්ථික හා සමාජයීය වශයෙන් ලබා ඇති සියලුම ජයග්‍රහණ බුක්ති විඳිමින් සිටිනවා.

ජර්මනියේ හෝ සුවිස්ටර්ලන්තයේ සිට ඇතැම් “ලාංකිකයින්” ශ්‍රී ලංකාවේ “සුළු ජාතිකයින්ට” සලකන ආකාරය අමානුෂික යයි කියමින් ඔවුන්ට බලය බෙදා දීම සඳහා උද්ඝෝෂණ පවා පවත්වති. කඳුළු සළමින් කතා කරති. සුළු ජාතියකට පවතින්න පුළුවන් නම් ඒ තුළින් මහා ජාතියක් ද නිර්මාණය වන බව පුහු උද්ඝෝෂණ කාරයින්ට නොතේරේ.
(මා පෞද්ගලිකව මහා ජාති හෝ සුළු ජාති සංකල්ප ප්‍රතික්ෂේප කරමි).
අනාගත ලංකාවේ යම් කාර්යභාරයක් ඉටු කිරීමට දෛවය විසින් මා හට වගකීමක් පවරන්නේ නම්, මම Otto von Bismarck කළ දෙයම හෙළ ද්වීපය වෙනුවෙන් ඉටු කරමි.

ශ්‍රී ලාංකික මානසික තත්ත්වය හා ජර්මන් මානසික තත්ත්වය අතර ඇති දැවැන්ත පරතරය මෙයයි.

(Prof. Edward)
07.10.2023